Hit (2020) සිංහල උපසිරැසි සමඟින්


Hit (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Hit (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-02-2020 at 07:17 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 11 - Views: 19528



Tags:


උපසිරැසි ගැන්වීම: නවීන් රන්දික පෙරේරා




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






Iravukku Aayiram Kangal(2018) චිත්‍රපටයෙන් පස්සේ කට්ටියට හොද Thriller එකක් ගේන්න බැරි වුන එකේ අද හොඳ Crime,Thriller,Mystery ටයිප් එකේ තෙලිඟු චිත්‍රපටයක් අරගෙන ආවා ඔන්න.මේ කතාව අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Sailesh Kolanu විසින්.අධ්‍යක්ෂක මහත්තයගේ පලවෙනි ෆිලුම තමයි මේක.පලවෙනි එක කියල නෑ මිනිහා ෆිල්ම් එක ගොඩ දාලා තියෙනවා.එතකොට මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ අපේ Natural Star නානි විසින්.එයා කලින් නිෂ්පාදනය කරපු Awe! කියන ත්‍රිලර් චිත්‍රපටය මතක ඇතිනේ,ඒක විචාරක ප්‍රසාදයත් දිනාගත්තනේ.HIT (2020) එක තමයි නානිගෙ දෙවනි නිෂ්පාදන දායකත්වය දක්වපු ෆිල්ම් එක වෙන්නේ.ඔයාලා HIT ට්‍රේලර් එක බැලුවානම් ඒක ට හොද ප්‍රතිචාර එහෙමත් තියෙනවා දකින්න ඇතිනේ,ෆිල්ම් එකේ ප්‍රමෝෂන් වැඩත් හොදට වුනා කියලා තමයි දැනගන්න හම්බුනේ.ප්‍රධාන චරිත ගැන බැලුවොත් Falaknuma Das,Vellipomakey චිත්‍රපටවල හිටිය Vishwak Sen වගේම Chi La Sow,Kadaisi Bench Karthi චිත්‍රපටවල හිටිය Ruhani Sharma රංගනයෙන් එකතු වෙනව. ඒවගේම ෆිල්ම් එකේ පසුබිම් සංගීතයත් නියමෙටම තියෙනවා.ත්‍රිලර් චිත්‍රපටයක් නිසාම නටන වයන සින්දු මේකෙ අඩංගු වෙන්නෙ නැහැ.කතාව ගැන කියන්න කලින් ලකුණු මට්ටම් ගැනත් කියලා ඉන්නම්කෝ.ගූගල් මනාප ප්‍රතිශතය 97% සමගින් IMDb මීටරේත් 8.1කට කරකවන්න සමත් වෙලා තියෙනවා.ෆිල්ම් එකෙ නම වගේමයි වැඩත් බලන් යනකොට.

කතාව:
වික්‍රම් කියන්නෙ අපරාධ සම්බන්දයෙන් විමර්ශනය කරන කෙනෙක්.අපරාධ විසඳන්න නම් මිනිහා හොද වැඩ්ඩා.මූනේ පොඩිහරි හිනාවක් ඇත්තෙම නෑ.හැබැයි වික්‍රම්ට පොඩි PTSD (මානසික කම්පනයක් )තත්වයක් තියෙනවා.එතකොට මෙයාගෙ පෙම්වතිය තමයි නේහා.ඔය අතරවාරයේ වයස අවුරුදු 18ක ප්‍රීති කියලා ගැහැණු ළමයෙක්ව මහ පාරේ අතුරුදන් වෙනවා.හැබැයි පුලුන් කෑල්ලක් හැරුනහම මේ අපරාධේ විසදන්න කියලා කිසිම හෝඩුවාවක් නෑ. සමහරෙක් කියනවා මේ අතුරුදන් වීමට නිල් පාට කාර් එකක් සම්බන්දයි කියලත්,ඒත් ඒ නිල් පාට කාර් එක දැකපු කෙනෙක් තියා පාරේ තියෙන CCTV දර්ශන වලත් එහෙම දෙයක් පේන්න නෑ. ඔහොම ඉන්නකොට වික්‍රම්ගේ පෙම්වතිය නේහාවත් අන්තරස්දාන වෙනවා, එයත් කලින් අතුරුදන් වෙච්ච ප්‍රීති වගෙම කිසිම සාක්ෂියක් වත් ඉතිරි නොකර තමයි අතුරුදහන් වෙන්නේ. දෙපාර්තමේන්තුවේ ලොක්කාගෙන් නේහාගෙ කේස් එකේ පරීක්ෂණ වැඩ ටික කරන්න ඉල්ලුවත් වික්‍රම්ට කේස් එක ලැබෙන්නෙ නෑ.ලොක්කට ඕන දෙයක් කරගන්න කියලා තමන්ගෙ පෙම්වතියව තමාම හොයාගන්න ඕන කියලා වික්‍රම් තීරණය කරනවා.බලනකොට වගකිව යුත්තා කවුද කියලා හිත හිත බලන්න,එතකොට අන්තිමේදී ඒ තමන් හිතුව කෙනාද කියල බලගන්න පුලුවන් වෙයි. මේ අතුරුදහන්වීම් පිටිපස්සේ කවුද ඉන්නෙ?කිසිම සාක්ෂියක් වත් නැති මේ අපරාධ සිද්දිය ඔහුට විසදන්න පුලුවන් වේද? ප්‍රීතිගෙයි නේහාගෙයි අතුරුදන්වීම් වල සම්බන්දයක් තියෙනවද? PTSD තත්වයකට මගපෑදූ වික්‍රම් ගේ අතීත සිද්දිය මොකක්ද? මේවට උත්තර දැනගන්න ඕන නම් ත්‍රාසය,කුතුහලය පිරුණු HIT බලන්න.

ප්‍රේක්ෂක ප්‍රතිචාර කිහිපයක් :


Vishwaksen has arrived as an Actor. Proved to be a thorough“Thespian”. Story screenplay & direction are on point. Intense who done it Murder mystery which keeps you guessing till the end. A Must Watch ! The title off the movie is suggestive of the film’s Fate ! Take a Bow Director /Actors & Producer very well made Film.

HIT is the best thrillers in telugu in recent times. Characterization, direction, sound effects , cinematography, soulful acting of vishwak sen and everything about is in its best form. I definitely can say that the team has delivered a top class movie of thriller genre and immensely succeeded in holding the suspense right from the begin .. a must watch.!!And the background score was awesome !!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment