My Spy (2020) සිංහල උපසිරැසි සමඟින්


My Spy (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
My Spy (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
04-08-2020 at 10:16 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 9 - Views: 15961



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න හා චාමික දිල්හාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





පුංචි කාලේ අපි හැමෝම ආසාවෙන් බලපු එකක් තමා රෙස්ලින් කියන්නේ... ඕකෙ මට නම් මතක තුන් හතර දෙනයි, ඒ බැටිස්ටා, ජෝන් සිනා, රොක්, තමයි මම නම් ආසම ටික දෙනා වාසනාවට මේ තුන් දෙනාම දැන් හොද නලුවෝ, අද මම කියන්න යන කතාවෙ ප්‍රධාන චරිතෙ බැටිස්ටා තමයි රගපාන්නේ.. Dave Bautista එයාව ඉතිං ඔයාලා දන්නවනෙ. මෙහෙමයි වෙන්නෙ සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා ඩේවිඩ් වික්ටර් කියල, අලුත්ම න්‍යෂ්ටික සැලැස්මක් නිර්මාණය කරනවා මේ දෙන්නා. මේ දෙන්න අතර ඇති වෙන බල අරගලය නිසා ඩේවිඩ් මේ මේ න්‍යෂ්ටික සැලැස්ම වික්ටර්ට නොදී හංගනවා, ඩේවිඩ්ට මේ කරපුදේ නිසා වික්ටර් විසින් තමන්ට මල්ලිව මරල දානවා. දැන් තමයි බැටිස්ටා එන්ටර් වෙන්නේ.. බැටිස්ටා වැඩ කරන්නෙ CIA එකට, CIA එකට මේ න්‍යෂ්ටික සැලැස්ම ගැන ඉව වැටෙනවා, වික්ටර් හදන්නෙ ඒ සැලැස්ම හොයාගෙන ලොකු ගානකට විකුණන්න, ඒක විකුණුව කියන්නෙ ඒ න්‍යෂ්ටික සැලැස්මෙන් ලෝකෙට ලොකු තර්ජයක් එල්ල වෙනවා.ඉතිං CIA එක හදන්නේ වික්ටර්ට කලින් සැලැස්ම හොයාගන්න එක, ඉතිං ඒකට එයාල හුගක් මහන්සි වෙනවා.. එක එක ඒජනන්ට්ලට වැඩ බාරදෙනෙකොට බැටිස්ටා (නැත්තම් මේ කතාවෙ මෙයාට කියන්නේ ජේ ජේ කියල) වැඩ අවුල් කරගන්න නිසා එයාට දෙන්න පොඩි වැඩක්.එයාට තියෙන වැඩේ තමයි වික්ටර් මරපු එයාගෙම සහෝදරයගේ බිරිද ගැන ඔත්තු බලන එක මොකද CIA එක විශ්වාස කරනවා වික්ටර් එයාගේ සහෝදරයගෙ බිරිදව කොයිවෙලාවෙ හරි හම්බවෙන්න ඒවී කියලා. ඉතිං ඔත්තු බල බල ඉන්න අතර ජේ ජේ බැටිස්ටට ලොකු ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා, ඉතිං ඒ ප්‍රශ්න මොනවද, න්‍යෂ්ටික සැලැස්මට මොනා වෙයිද කියල ඔයාලම බලන්න.

ෆිල්ම් එකේ නම My Spy (2020) කොරෝනා නිසා මේ අවුරුද්දෙ අයහපත් කල දසාවක් ලබපු තවත් හොද ෆිල්ම් එකක් කියන්න පුලුවන්. IMDB මීටරෙන් 5.7/10 ලැබිල තියෙනවා මේකට. රංගනයෙන් දාකක වෙන්නෙ Dave Bautista,Chloe Coleman,Kristen Schaal,Ken Jeong යන අයයි. හරි එහෙනම් මේක මේ විදිහට අරන් එන්න හිමාෂ් තිලකරත්න මාත් එක්ක එකතු වුනා. එයාටත් ස්තූති කරන්න ඕන.එහෙනම් අපි ගියා බුදුසරණයි දෙවි පිහිටයි!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න හා චාමික දිල්හාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment