Sonic The Hedgehog (2020) සිංහල උපසිරැසි සමඟින්


Sonic The Hedgehog (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Sonic The Hedgehog (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-10-2020 at 02:04 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 14 - Views: 9451



Tags:


උපසිරැසි ගැන්වීම: නූවන් සමීර




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





Sega ආයතනය විසින් නිර්මාණය කරපු වීඩියෝ ගේම් මාලාවක් අනුසාරයෙන් තමයි Sonic the Hedgehog (2020) චිත්‍රපටය කරලියට එන්නේ.සොනික් කිව්වහම ලොකු පොඩි හැම කෙනෙක්ම වගේ දන්නවනේ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Jeff Fowler විසින්.මේක එයාගෙ පලවෙනි අධ්‍යක්ෂණය වෙනවා.සොනික් චරිතයට Ben Schwartz ද ඩොක්ටර් රොබොට්නික් ට සුප්‍රකට ප්‍රහසන නළු Jim Carrey ද James Marsden, Tika Sumpter, Natasha Rothwell, Adam Pally යන අය හඬකැවීමෙන් එකතු වෙලා තියෙනවා. Paramount Pictures මගින් බෙදාහැරීම කල මෙහි ධාවන කාලය විනාඩි 90ක් පමණ වෙනවා.සොනික් චිත්‍රපටය ඩොලර් මිලියන 95ක පිරිවැයක් දරමින් අවසානයේ ඩොලර් මිලියන 306 පමණ ආදායමක් සමගින් 2020 වසරේ වැඩිම ආදායම් ලද චිත්‍රපට ගොන්නෙ තෙවැනි ස්ථානයේ දැනට පසුවෙනවා.IMDd හි ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6.6/10 ක්.

කතාව නම් ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ.මං මෙහෙම කියන්නම්.යම් සිදුවීමක් හින්දා සොනික් නම් ජිවියා වෙනත් ග්‍රහලොවක ඉදන් මේ ලෝකෙට එනවා.මේ ජිවියට සුපිරි බලයක් වගේම සුපිරි වේගයක් තියෙන නිසා එයා මිනිසුන්ගෙන් හැංගිලා තමයි මේ ලෝකේ ජීවත් වෙන්නෙ.සොනික් කරන පණ්ඩිත වැඩක් හින්දා එයාගෙ අවධානය ඩොක්ටර් රොබොට්නික් ට යොමු වෙනවා.ඔහු හදන්නෙ සොනික් ව කොහොමහරි අල්ලගෙන ඔහුගේ පරීක්ෂණවලට භාජනය කරන්නයි.ඒ වගේම මේ සිදුවීම් දාමය හේතු කොටගෙන මේ ලොකෙදී සොනික් ට මිත්‍රයෝ වගයකුත් හම්බවෙනවා.එහෙනම් සොනික් ට මොකද වෙන්නෙ කියල චිත්‍රපටය බලලම දැනගන්න.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB / Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නූවන් සමීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment