Gretel and Hansel (2020) සිංහල උපසිරැසි සමඟින්


Gretel and Hansel (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Gretel and Hansel (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 30 sec)
04-11-2020 at 12:21 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 6 - Views: 12880



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න හා පසිඳු මදුරංග


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






මේකෙ නම වගේම කතාවත් ටිකක් වෙනස් විදියට නිර්මාණය කරල තිබෙනව. අවුරුදු දෙසීයකටත් වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන මේ ජර්මානු සුරංගනා කතාව ගැන විවිධාකාරයේ කාටුන් සහ චිත්‍රපට ලෝකය තුල විවිධ රටවල් වල නිර්මාණය වුනත් මේ කතාව ඔබ විවිධාකාරයෙන් අසා තිබුනත් මේ චිත්‍රපටය නරඹන ඔබට මෙය අලුත්ම අත්දැකීමක් වේවි. මේ චිත්‍රපටය තුල කැමරාකරණය, ආලෝකය සහ වර්ණ භාවිතා කිරීම අතින් අනර්ඝයි. මොකද ඒ කාරණාවන් තුලින් අමුතුම භීතියක් මේ චිත්‍රපටය තුල ඇතිකරල තිබෙනව. ඒ වගේම මෙහි පසුබිම් සංගීතයත් එයට හවුල් වී තිබෙනව. මේක සුරංගනා කතාවක් නොවයි තනිකරම හොල්මන් චිත්‍රපටයක් නරඹන හැගීමක් තමයි අපි තුල ඇතිවෙන්නෙ. ඉතින් මෙහි ප්‍රධාන කාන්තා චරිතය වන Gretel ගෙ චරිතය කරන්නෙ IT චිත්‍රපටය හරහා හුගක් ජනප්‍රිය වුන Sophia Lillis විසින්, Hansel ගෙ චරිතය කරන්නෙ Sammy Leakey විසින් ඒ වගේම මයාකාරියගෙ චරිතයට ඉන්නව Jessica De Gouw, Alice Krige යන නිළියන්.

ඉතින් මේකෙ Story එක ගැන පොඩි පැහැදිලි කරොත්. මේක පටන්ගන්නෙ මායාකරුවෙකු විසින් දරුවෙකු සුවපත් කරන සිදුවීමක් සමගින් පසුව ඒ දරුවට ඒ මායාකාරිය විසින් තෑග්ගක් වශයෙන් විශේෂ හැකියාවක් ලැබාදෙන අතර එයින් මිනිසුන් අනාගතය දැකල ඔවුන්ට උදව්කරන්න ගිහින් නැවත ඒ ළමය එම හැකියාවම වෙනස් විදියකට භාවිත කරල තම පියා ඇතුලව සියලු දෙනාම ඝාතනය කරල සිදුකරනු ලබන විනාශයත් සමගින් තමයි චිත්‍රපටය ආරම්භ වන්නෙ. පසුව Gretel සහ Hansel යන දෙදෙනාගෙ කතාවට පැමිණෙන අතර මොවුන් ගේ පියා නැතිවීමෙන් පසු මවගේ බලපෑම් මත රැකියාවක් සහ ආහාර සොයා යාමට මොවුන් කටයුතු කරනව දෙදෙනා පරණ කතාන්දරයෙ පරිදි මායාකාරියගේ නිවස හමුවන තෙක් යන අතර මෙහිදි සමහරක් සිදුවීම් මුල්වූ කතාවට වඩා හුගක් වෙනස් ස්වාභාවයක් ගන්නව. පසුව Gretel ට මේ චිත්‍රපටය තුල විශේෂ වූ මායා හැකියාවක් ලැබෙන අතර චිත්‍රපටයේ අවසානයද ඒ හැකියාව තුලින්ම වෙනස්ම විදියකට තමයි සිදුවන්නෙ. කිසිම තෑග්ගක් නිකරුනේ නොලැබෙන බවටත් එයට යම් වන්දියක් ගෙවීමට සිදුවන බවටත් චිත්‍රපටයෙ මුලදි සහ අවසානය තුලදි පෙන්වන්නට උත්සහ කරල තිබෙනව.



විස්තරය උපුටා ගැනිම
අපි බැලු චිත්‍ර‍පටි ෆේස් බුක් පිටුව වෙනුවෙන්
Sasith Sudarshana විසින් පල කල ලිපියකිනි.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න හා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment