Madha (2020) සිංහල උපසිරැසි සමඟින්


Madha (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Madha (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
04-11-2020 at 09:08 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 7 - Views: 16732



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ලෝකෙ තියෙන භයානකම ආයුධය මොකක්ද? දන්නෙ නැද්ද? මේ චිත්‍රපටය තුල ඒකට පිලිතුර තියෙනවා! ඇත්තටම මේ තෙලිඟු චිත්‍රපටය නම් සුපිරිම තිර රචනයකට හදපු හොඳ නිර්මාණයක්. පුදුමේ කියන්නෙ මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ කාන්තාවක් විසින් ඇයගේ නම තමයි Srividya Basawa. ඉතින් ඇය තමයි Psychological Thriller සබ්ජෙක්ට් එකෙන් තෙලිඟු සිනමාව හරහා මේ වගේ සුපිරිම නිර්මාණය කරපු පලවෙනි කාන්තාව වෙන්නෙ. ඒ වගේම තව රෙකෝඩ් එකක් තියෙනව මේ චිත්‍රපටය තමයි තෙලිඟු සිනමාවෙ මව Indira Basawa විසින් Producer වශයෙන් කටයුතු කරල දුව Director වශයෙන් කටයුතු කරපු පලවෙනි චිත්‍රපටය වශයෙන් වාර්තා අතරට යන්නෙ. හුගක් මේ චිත්‍රපටය තුලන් කාන්තාවටත් තෙලිඟු සිනමාව තුල වැඩ පෙන්නන්න පුලුවන් කියල ඔප්පු කරල තියෙනව.😁 ඒ වගේම මේ චිත්‍රපටය තුල ප්‍රධාන චරිතය කරන්නෙ Trishna Mukherjee කියන නවක නිළිය විසින්. ඇය මේ චිත්‍රපටයෙ රංගනයෙ යෙදෙන්න ගිහිල්ල අඩි 12 ක් උස තාප්පයකින් වැටිල තුවාල කරගෙනත් තියෙනව.😂 ඒත් වේදනා නාශක වල පිහිටෙන් තමයි චිත්‍රපටයෙ ඉතිරි වැඩ කටයුතු කරල තියෙන්නෙ. ඊට අමතරව ඇය තෙලිඟු භාෂාව ඉගෙනගෙන තියෙනව මේ චිත්‍රපටය ඩබ් නොකර ඇයගේ හඬින්ම හඬ කැවීම් සඳහාම. ඉතින් ඔන්න ඔය වගේ සුවිශේෂී සිදුවීම් එක්ක තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙනව කියන්නෙ.😂👍ඒ වගේම මේක හොඳ සැලකියයුතු සම්මාන ප්‍රමාණයකුත් දිනාගැනීමට සමත්වෙලා තිබෙනව. මේකෙ Cover Pic එකට වෙනම සම්මානයක් ලැබිල තියෙනවලු. කොහොමහරි චිත්‍රපටය පටන් ගැන්මෙම Cast එකත් එක්ක පසුබිම් පින්තූර ටිකත් හරිම ලස්සනයි.👌

ඉතින් මේකෙ කතාව ගැන කිව්වොත් මුලින් පෙඩි කම්මැලි ගතියක් දැනුනත් කතාව ඉදිරියට යද්දි ඒ සිදුවන සිදුවීම් එක්ක අපිව සම්පුර්ණයෙන්ම කුතුහලයෙන් මුසපත් කරනව. ඉතින් ඊට පස්සෙ මෙහි සේරම සිදුවීම් ටික ලස්සනට තැනින් තැන පුරවන් ගිහිල්ල අන්තිමටම ප්‍රේක්ෂකයාව වික්ෂිප්ත කරවල තියෙනව.👌ඇත්තටම ඒක සුපිරිම වැඩක්.🤔 මෙහෙමයි මේකෙ පටන්ගන්නෙ මනෝචිකිත්සක වරයෙකුගෙ දේශනයක් සමගින් පොර අහනව ලෝකෙ තියන භයානකම ආයුධය මොකද්ද කියල අන්න එහෙමයි මේක පටන්ගන්නෙ ඒ භයානක ආයුධයෙන් කරන්න පුලුවන් වැඩකිඩ මේ චිත්‍රපටය තුල අපිට බලාගන්න ඇහැකි.👍 ඉතින් ඊට පස්සෙ මේකෙ Arjun(Rahul Venkat) කියල පොරක් මෙහි ප්‍රධාන චරිතය වන Nisha (Trishna Mukherjee) සමග ආදර සම්බන්ධතාවයක් ඇතිකරගන්න සිදුවීමක් සමග තමයි කතාව ඉදිරියට ඇදීගෙන යන්නෙ. පස්සෙ මේ කොල්ල හොඳට ලව් කරල ඕනෑකමින්ම බූට් එක තියෙනව මේ කෙල්ලට, ඒ වගේම මේ කෙල්ලව විවිධ උපක්‍රම භාවිතා කරල පිස්සියක් බවට පත්කරනව. ඉතින් ඇයි ඒ විදිය ඔහු මේ කෙල්ලව විනාශ කරන්න හදන්නෙ? මොනවගේ පරමාර්ථයක්ද ඔහුට තියෙන්නෙ? ඒ වගේ දහසක් ප්‍රශන එනව ඒ සිදුවීමත් සමග ඉතින් ඉතිරි ටික චිත්‍රපටයෙන් බලන්න. විද්‍යාව සහ මිනිසා එකතුවෙලා ලෝකයට සෙතක් කරනව වගේම අනික් පැත්තෙන් ඒක ලෝකය විනාශත් කරනව. ඉතින් චිත්‍රපටය තුල Cinematography එහෙම සුපිරියි. වර්ණයන් සහ ආලොකය යොදාගැනීම හරිම වෙනස් විදියකට කරල තිබුන. අන්තිමට කියන්න තියෙන්නෙ බලන්න මේක හොඳ චිත්‍රපටයක් කියල



~ Indian Cinema Fan Club ~ භාරත සිනමා රසික සංසදය
ගෘපයෙන් ලිපිය උපුටා ගන්නා ලදි.

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment