3 [2012] Sinhala Subtitles


3 [2012] Sinhala Subtitles
Add to Favorites
3 [2012] Sinhala Subtitles (147 min 00 sec)
10-28-2012 at 02:59 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Tamil Movies
Favorites: 161 - Views: 39250



Tags:




මේ මගේ දෙවන දමිළ චිත්‍රපටි උපසිරැසි ගැන්විම.පලවෙනි එක ඔයාලට මතක ඇතිනේ Engeyum Kadhal චිත්‍රපටිය තමයි මම මුල්ම චිත්‍රපටියට දුන්නේ.එතැන් පටන් ගොඩක් දෙමළ චිත්‍රපටි කරන්න හිතුවත් එකට අවස්ථාව නැති උනේ දැන් එන ගොඩක් දමිළ චිත්‍රපටිවල උපසිරැසි චිත්‍රපටියේ හාඩ්කොඩ් ක්‍රමයට දාලා එවන්නේ.අද දෙන මේ 3 චිත්‍රපටියෙත් උපසිරැසි සහිත කොපියක් නිකුත් උනේ ඊයේ රෑ.ඉතින් දවසක් යන්නත් කලියෙන් කොහොම හරි උපසිරැසි දාලා ඔයාලට දෙන්න හිතුවා.එක ඒ විදියටම මට කරන්න පුලුවන් උනා.

චිත්‍රපටිය ටිකක් වෙනස් තේමාවක් ඇතුව නිර්මාණය වුන එකක්.අවසානය දක්වාම ඔබව කුතුහලයෙන් තබා ගැනිමට මේක සමත් වේවි.දෙමළ චිත්‍රපටියක් කියලා නොබලා ඉන්න නම් හිතන්න එපා අනිවාර්යෙන් අරන් බලන්න.අනික මේ චිත්‍රපටියේ කොලවරි සිංදුවනම් ඔබ අනිවාර්යෙන්ම අහලා ඇති.ඒ ගිතයටත් උපසිරැසි දැම්මා.දෙමළ ගිත වලට උපසිරැසි දාලා එම ගිත වලට හරි අකාරයේ සාදාරණයක් ඉටුකලාද කියලා ඔබටම බලන්න පුලුවන්.
ඒ ගැනත් අනිවාර්යෙන් අදහසක් කියලා යන්න.චිත්‍රපටියේ කතාව දෙසට හැරෙමු රාම් හා ජනනි කියන්නේ ආදරවන්තයෝ දෙන්නෙක්.මේ දෙන්නා ආදරේ කරන්න හමුවෙන්නේ වගේම ආදරය කරන්න පටන් පටන්ගන්නෙම හරි පුදුම විදියට.කතාව හැබැයි මුලින්ම පටන්ගන්නේ රාම්ගේ මිය යාමත් එක්ක.ඔයාලටත් හිතෙන්න පුලුවන් කලින් අර විදියට ආදරයෙන් හිටිය දෙන්නට ඇයි මේ විදියේ දෙයක් උනේ කියලා.ඇත්තටම රාම් මිය ගියේ කොහොමද?ඒ ගැන තමයි මුළු චිත්‍රපටිය පුරාවටම දිවයන්නේ.රාම්ව කවුරු හරි මරලා දැම්මද? නැත්නම්...කතාව අවසානය හිතාගන්න වත් බැරි එකක් වේවි..එහෙනම් ඔන්න මම ගොඩක් කාලේකට කලින්ම පොරොන්දු උන පොරොන්දුවක් ඉටු කලා.මේ වගේ දෙමළ චිත්‍රපටිවල ඉංග්‍රිසි උපසිරැසි සහිත කොපි තව ඉදිරියටත් නිකුත් උනොත් එවත් උපසිරැසි එක්කම අරන් එන්න පොරොන්දුවෙනවා. එහෙනම් ගිහින් එන්නම්.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හසිතා මහේෂි කපුගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..
Submit Comment