UP [2009] Sinhala Subtitles


UP [2009] Sinhala Subtitles
Add to Favorites
UP [2009] Sinhala Subtitles (96 min 00 sec)
11-24-2012 at 01:42 PM
Uploaded by HEDZ

Rating: 4.75 after 4 votes

English Movies
Favorites: 203 - Views: 22480



Tags:







දවස් 7ක විතර විරාමයක් අරන් තමයි තවත් උපසිරැසි එකක් එක්ක එන්නේ.මේ මාසයේ නිකුත් කරන මගේ 10වැනි උපසිරැසි ගැන්විම තමයි මේ චිත්‍රපටිය. සම්පුර්ණ උපසිරැසි ගන්වපු චිත්‍රපටි අතරින් 47වැනි චිත්‍රපටිය.මේක මම උපසිරැසි දාන්න පටන් ගත්ත කාලේම කරන්න හදපු උපසිරැසි එකක්.මේකේ මම ලයින් 100ක් වගේ කලින්ම දාලා තිබ්බත් ඒ කාලේ වැඩ නිසා මේක කරන එක පහු උනා.මේ ලගදි හරියටම සති දෙකකට කලින් ඉරිදා දවසේ දවල් ටිවි එක බල බල ඉද්දි මම දැක්කා මේ කතාව ටිවි එකේ යනවා.එක දැක්ක ගමන්ම මට හිතුනේ මේකට උපසිරැසි එක කරන්න වාසනාවට වගේ පරණ කරපු උපසිරැසි එකත් තිබුනම නිසා වැඩේ ලේසි උනා.තව දෙයක් මේක මේ චිත්‍රපටියේ නිකුත් වෙලා තියන DVD හා BRRIP දෙවර්ගයටම උපසිරැසි හොදටම ගැලපෙන නිසා ඔයා ගාව දැනට තියන කොපි එකකට උනත් ගැලපෙයි.මට සමහර අය කියලත් තිබ්බා දරුණු ගණයේ චිත්‍රපටි දෙනවා නේද කියලා.මම හැමදාම දෙන්නේ ඔයාලා කැමතිම චිත්‍රපටි.මට උපසිරැසි කරලා දෙන්න කිව්වොත් වෙලාව තිබ්බොත් අනිවාර්යෙන් කරලා දෙනවා.අද ගෙනාපු චිත්‍රපටියේ කතාව කියන්න කලින් මම දුන්න Wall-E චිත්‍රපටිය මතකද? ඒක ලොකයේ හොදම චිත්‍රපටි අතර 59 වැනි ස්ථානයේ තියෙන්නේ.ඒ වගේම ලෝකයේ ඇනිමේෂන් කතා අතර 2වැනි ස්ථානය මම දන්න විදියට.පලමු ස්ථානයේ තියෙන්නේ Toy Story 3 චිත්‍රපටිය.අද මේ දෙන Up චිත්‍රපටිය ලෝකයේ හොදම චිත්‍රපටි අතර 113 ස්ථානයේ තියෙන්නේ ඇනිමේෂන් වලින් 4වැනි ස්ථානය.ඒ නිසා කතාව කොච්චර ලස්සනද කියලා ඔයාලට කියන්න උවමනා නැනේ.

කතාව ගැන කියනවා නම් ෆේඩ්රික්සන් ගේ පොඩි කාලේ විරයා තමයි චාල්ස් මොන්ට්ස් කියන්නේ එයාගේ විර චිත්‍රපටි ගවේෂන අනිවාර්යෙන්ම නරඔන කෙනෙක් තමයි ෆේඩ්රික්සන්.දවසක් චාල්සි මොන්ට්ස් ට කැමති තවත් කෙනේ ෆේඩ්රික්සන්ට හමුවෙනවා.ඒ තමයි එලි.එලිත් ටිකක් දැගලිලක් තියන ගැණු ළමයෙක් එලිගේ ගාන පොතක් තියනවා.මේකේ එලි කරන්න හිතාගෙන ඉන්න වික්‍රමාන්විත ක්‍රියාවක් ගැනයි තියෙන්නේ.ඒ තමයි දකුණු ඇමරිකාවේ තියන පරාදිසයේ දිය ඇල්ල බලන්න යන්න.ඇය මේ පොත පෙන්වන්නේ ෆේඩ්රික්සන්ට විතරයි.දෙන්නා හොද යාළුවෝ බවට පත්වෙනවා.කාලයක් යද්දි ෆේඩ්රික්සන් හා එලි ආදරය කරලා විවාහවෙනවා. චිත්‍රපටියේ ඔවුන් දෙදෙනාගේ ජිවිත කතාව පෙන්වන්න ගන්නේ විනාඩි 7 ඉදලා විනාඩි 15වෙනකම් ගන්න විනාඩි 7 විතරයි.ඒ විනාඩි 7 ඇතුලේ කිසිම දෙබසක් ඇතුලත් වෙන්නේ නෑ.පසුබිම් නාදයක් විතරයි ඇතුලත් වෙන්නේ ඒ විනාඩි 7 තමයි මට චිත්‍රපටියේ වැඩියෙන්ම දැනුන විනාඩි 7.ඔබටත් අනිවාර්යෙන් ඒ අත්දැකිම ලැබේවි.කොහොම හරි මේ දෙන්නාම වයසට යනකම්ම හුගක් ආදරෙන් ජිවත් වෙනවා.දිනක් එලි සදහටම මේ ලෝකයෙන් සමුගන්නවා. ෆේඩ්රික්සන්ට මේ ලොකේ තනිවෙනවා. ෆේඩ්රික්සන්ට කරදර ගොඩකටත් මුණ දෙන්න වෙනවා.දිනක් ෆේඩ්රික්සන්ට අර එලිගේ වික්‍රමාන්විත ක්‍රියාවක් ගැන ලියලා තියන පොත හම්බවෙනවා.එලි ඒ හිනේ හැබැ කරගන්න ජිවිත කාලේම බැරි උනා.නමුත් ෆෙඩ්රික්සන් හිතාගන්නවා එලිගේ මේ හිනේ හැබැ කරන්න එයා කොහොම හරි මේ දකුණු ඇමරිකාවේ තියන පරාදිසයේ දිය ඇල්ල ගාවට යනවා කියලා ජිවත් වෙන්න....මෙතනින් එහාට මම මුකුත් කතාව කියන්නේ නෑ.ඔය කතාවේ මුල විනාඩි කිහිපය.ජිවිතේට දැනෙන උපරිම ලස්සන කතාවක් අනිවාර්යෙන් අරන් බලන්න.මේ චිත්‍රපටිය පොඩ්ඩන්ට විතරක් නෙමෙයි ලොකු අයටත් ආසාවෙන් බලන්න පුලුවන් එකක්.මේ ෆිල්ම් එක බලන හැමවෙලාවකම මට හිතුනේ ඇත්තටම ''ෆේඩ්රික්සන් හා එලි අතර වගේ ආදරයක් ලබන්න මගේ ජිවිතයටත් ලැබෙනවා නම් ඒක කොච්චර වටින දෙයක් වේවිද යන්නයි '' මම හිතන්නේ හැමෝටම ඒ හැගිම දැනේවි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මහේෂි කපුගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment