Anaconda [1997] Sinhala Subtitles


Anaconda [1997] Sinhala Subtitles
Add to Favorites
Anaconda [1997] Sinhala Subtitles (89 min 53 sec)
12-15-2012 at 05:28 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 111 - Views: 5839



Tags:







ඔන්න මම Special Collection අංක 4 අරගෙන ආවා. ඔයාලා හොඳින්ම දන්නා චිත්‍රපටියක් වන Anacondaචිත්‍රපටිමාලාව ේ පළමු වැන්න තමයි මේ. මේ චිත්‍රපටියට පාදක කරගත් දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරයේ ජීවත් වන යෝධ ඇනකොන්ඩා නම් පිඹුරා වටා ගෙතුනු මේ චිත්‍රපටියෙන් පස්සේ තමයි මේ සත්වයා ගැන ලෝකය වැඩිවැඩියෙන් කතාකරන්න පටන්ගත්තේ. මේ චිත්‍රපටිය කොයිතරම් ඉහල ප්‍රතිචාරයක් ලබාගත්තාද කියනවානම් මේ චිත්‍රපටිය ඇසුරින් පොත්පත් පවා ලියැවුණා. ඇනකොන්ඩා නම් සිංහල පරිවර්ථන කෘතිය ඔයාලට මතක ඇතිනේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අපි කවුරුත් දන්නා දක්ෂ ගායිකාවක් වගේම දක්ෂ නිළියක් වන Jennifer Lopez විසින්. ඒ වගේම Behind Enemy Lines පළමු චිත්‍රපටියේ ප්‍රධාන නළුවා වන Owen Wilson මෙහි තවත් ප්‍රධාන චරිතයක් රඟදක්වනවා.

කතාව ගැන කියනවා නම්, ඇමරිකානු මහාචාර්යවරයෙක් වන ස්ටීවන් කේල් විසින් දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරයේ ජීවත්වන සැඟවී ගිය ගෝත්‍රයක් වන ෂිරිෂාමා ගෝත්‍රික වැසියන් සොයා ඔවුන්ගේ පසුබිම පිළිබඳව වාර්තා චිත්‍රපටියක් සැකසීම සඳහා කණ්ඩායමක් සමග ඇමසන් වනාන්තරයට පිවිසෙනවා. ඒ ගමනේදී ඔවුන්ට තවත් අමුත්තෙක් හමුවෙනවා. මේ අමුත්තා ඔවුන්ට මග පෙන්වන්නා ලෙස ඉදිරිපත් වූවත් කණ්ඩායමේ සමහර අයට අන්තිමේදී මරණය හිමිවන්නේ මේ අමුත්තා නිසා. මේ ගමනේදී ඔවුන්ට ලොකු ප්‍රහාරයක් එල්ලවෙනවා, වෙන කාගෙන්වත් නෙමෙයි ලොව දැවැන්තම සර්පයා ලෙස සැලකෙන ඇනකොන්ඩාගෙන්. තමන්ගේ දේශයට අනවසරයෙන් ඇතුල්වන්නන්ට දඬුවම් දීමට ඇනකොන්ඩා පසුබට වෙන්නේ නෑ. ඒත් අවසානයේ කණ්ඩායම තමන්ගේ ප්‍රයත්නය සාර්ථක කරගන්නවා. නොබැලූ අයට මේක රසවිඳින්නයි, බැලූ අයට සිංහල උපසිරැසි සමග නැවත රසවිඳින්නයි ඔන්න මම මේක ඔයාලට දුන්නා... ඇනකොන්ඩා චිත්‍රපටි මෙතැනින් ඉවර නොවෙන බව ඔයාලා දන්නවනේ. එහෙනම් ඊලඟ චිත්‍රපටියෙන් හමුවෙමු


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.2GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 650MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 650MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment