Finding Nemo Sinhala Subtitles


Finding Nemo Sinhala Subtitles
Add to Favorites
Finding Nemo Sinhala Subtitles (100 min 00 sec)
11-04-2011 at 06:20 PM
Uploaded by HEDZ

Rating: 4.75 after 16 votes

English Movies
Favorites: 99 - Views: 6045



Tags:



හොඳයි, ඔන්න එහෙනම් අදත් ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙන ආවා. මුලින්ම කට්ටියම සමාවෙන්න ඕනේ මේක හුඟක් කල් පරක්කු වුණාට. මේකෙ සබ් ලයින් 2400ක් විතර තිබුණා. සිංහල දැම්මට පස්සේ 1800 ක් විතර තමයි තියෙන්නේ. ඒක නිසයි හුඟක් කල් ගියේ.
හරි එහෙනම් කතාව ගැන ටිකක් විස්තර කියන්නම්. මේකත් මූද යට ඉන්න මාලුවෝ ගැන කතාවක්. මාර්ලින් කියලා ක්ලවුන් ෆිෂ් කෙනෙක් ඉන්නවා. මෙයාට ඉන්නේ එකම එක ලමයයි. එයාගේ නම තමයි නීමෝ කියන්නේ. තාත්තා තමන්ගේ පුතාට තියෙන ආදරේ වැඩිකමට පුතාව පරිස්සම් කරනවා වැඩියි. ඒත් ඒක මේ පුතාට (නීමෝ) ට කරදරයක්. වැඩි පරිස්සම ඈලියාවට කියනවානේ. ඒක නිසා අන්තිමට මේ පුතා මිනිස්සු කට්ටියකට අහුවෙලා අපේ ගෙවල් වල තියෙනවා වගේ මාලු ටැංකියක් ලස්සන කරන්න යනවා.(මාළු ටැංකියකට දානවා).

පණ වගේ ආදරේ කරපු පුතාව නැතිවුණ තාත්තා ඊළඟට කරන්නේ මොකද්ද ? තාත්තයි පුතයි ආයෙත් එකතු වෙයිද ? මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න පුලුවන් මේ ෆිල්ම් එක බැලුවම.

මේ ෆිල්ම් එක IMDB වල 8.1/10 ක අගයක් ලබාගෙන තියෙනවා. 2003 දී තමයි තිරගත වුණේ. සාමන්‍යයෙන් මේ වගේ ෆිල්ම් එකකට නොලැබෙන අගයක් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එක එච්චරටම ලස්සනයි. මම කියන නිසා බය නැතුව බාගෙන බලන්න. නියම ඇනිමේෂන් ෆිල්ම් එකක්.

සබ් දාන්න හුඟක් මහන්සි වෙන්න ඕනේ. එක නිසා කවුරුත් කමෙන්ට් එකක් දාලා යන්න.

ආයේ තවත් මේ වගේ ලස්සන ෆිල්ම් එකකින් හම්බ වෙමු එහෙනම්.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

Torrent file එක මෙතනින් ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ mtchinthaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment