Merry Madagascar [2009] Sinhala Subtitles


Merry Madagascar [2009] Sinhala Subtitles
Add to Favorites
Merry Madagascar [2009] Sinhala Subtitles (25 min 08 sec)
12-25-2012 at 11:43 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 111 - Views: 3394



Tags:







අද 25 වෙනිදා නත්තල් දවසේ මගේ 25 වෙනි උපසිරැසිගැන්වීම හැටියට ගොඩක් ලස්සන චිත්‍රපටියක් අරන් ආවා. මේක තමයි මම මේ මාසයේ ඔයාලට දෙන 12වෙනි චිත්‍රපටිය. ඔයාලට නත්තලට බලන්න විශේෂ Christmas Special චිත්‍රපටියක් ගේන්නම ඕනේ කියලා හිතුන නිසා මේ චිත්‍රපටිය ඔයාලට දෙන්න හිතුවා. කවුරුත් හොඳින් දන්නා Madagascar චිත්‍රපටමාලාවේ නත්තලට විශේෂයෙන් සැකසුනු මේ කෙටි චිත්‍රපටිය විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත්තා. මේක කෙටි චිත්‍රපටියක් වුණත් ගොඩක් හොඳ රේටින් මේ චිත්‍රපටියට තියෙනවා. කතාව ගැන කියන්නම්. නිව්යෝක් නගරයේ සුප්‍රසිද්ධ සතුන් සිව්දෙනා වන ඇලෙක්ස් මාර්ටි ග්ලෝරියා මෙල්මන් මැඩගස්කරයේ අතරමං වී ඉන්නා තැනකින් තමයි කතාව පටන්ගන්නේ. ඔවුන් උත්සාහා කරන්නේ බැලූනයක් ආධාරයෙන් නැවත නිව්යෝක් බලා යන්නයි. ඒත් ජුලියන් නැමැති උණහපුළුවාගේ විහිළු වැඩ නිසා ඔවුන්ට යන්න ලැබෙන්නේ නෑ. ඒ අතර මගදී අහම්බෙන් එතැනට නත්තල් සීයා කෙනෙක් කඩාපාත් වෙනවා. ඔහුගේ හිස තුවාල වෙලා කිසි දෙයක් මතක නෑ. එයා නැතිව ළමයින්ට නත්තල් තෑගි නොලැබෙන නිසා සතුන් සිව්දෙනා හිමයානයත් අරන් ළමයින්ට නත්තල් තෑගි දෙන්න යනවා. ඒ ගමනේදි හොඳ හොඳ වැඩ වෙනවා. අන්තිමේදි එයාලා වැඩේ සාර්ථක කරගෙන ආයෙත් මැඩගස්කරයට එනවා. එනකොට මැඩගස්කරයෙන් හොඳ හොඳ දේවල් වෙලා... මේ හොඳ හොඳ දේවල් මොනවද කියලා බලාගන්න ඔයාලා හැමෝම මේ ලස්සන චිත්‍රපටිය බලන්න කියලා මම ආරාධනා කරනවා.නත්තල් තැගි මෙතැනින් ඉවර වෙන්නේ නෑ... මේ වගේම තවත් ලස්සන චිත්‍රපටියකින් ඉක්මනින් හමුවෙමු


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
250MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment