Hitman [2007] Sinhala Subtitles


Hitman [2007] Sinhala Subtitles
Add to Favorites
Hitman [2007] Sinhala Subtitles (89 min 00 sec)
12-28-2012 at 10:34 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 97 - Views: 8170



Tags:







මේක තමයි මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.මේ කතාව සමහරවිට ඔබ දැනටමත් නරඹලා ඇති. Hitman කියන්නේIO interactive සමාගම විසින් නිපදවන ලද Hitman යන වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් නිපදවන ලද චිත්‍රපටියක් .මෙහි ප්‍රධාන චරිතය තමයි Agent47. ඔහුගේ චරිතය රඟපාන්නේ Timothy Olyphant. 47 කියන්නේ රහස් සංවිධානයකට වැඩ කරන කුලී ඝාතකයෙක් .ඔහුට රාජකාරියක් පැවරෙනවා රුසියානු ජනාධිපති මිකයිල් බෙලිකොෆ් (Ulrich Thomsen) ඝාතනය කිරීමට.ඔහු සැමවිටම වගේ එය හරියට කරනවා.එහෙත් ඔහු යම් කුමන්ත්‍රණයකට හසුවී තිබෙන බව ඔහුට පැහැදිලි වෙනවා.

මිකයිල් ලා දෙන්නෙක් ඉන්න බව ඔහු සොයා ගන්නවා.ජාත්‍යන්තර පොලීසිය, විශේෂයින්ම එහි නිලධාරියෙක් වන මයිකල් විටියර් (Dougray Scott) සහ රුසියානු රහස් පොලීසිය ඔහු පසුපස පන්නනවා . ඔහු ඉන් බේරෙන්නේ කෙසේද?. බෙලිකොෆ්ගේ කුරිරු වද හිංසා වලට ලක්වුණු නිකා (Olga Kurylenko) හට සිදුවන්නේ කුමක්ද ? දැනගන්න ඕනෙද? , එහෙනම් බලන්න Hitman.

මෙම චිත්‍රපටිය IMDB Ratings 6.2 අරන් තියෙනවා .හොඳ චිත්‍රපටියක්.මෙහි ඇති සුළු උඩුකය නිරුවත් දර්ශන කීපයක් හේතුවෙන් (Olga ගේ වැඩ තමයි ඉතින් ) සහ සමහර සටන් ජවනිකා හේතුවෙන් මම කියන්නේ මෙය 18+ චිත්‍රපටියක් කියලයි (හොඳ චිත්‍රපටියක් වුනත් මොකක් හරි කොස්සක් තියෙනවනේ ) පොඩි අය බලන්න එපා ....නැත්තම් මම වගේ ඒ වෙලාවට ඇස් දෙක වහගන්න මම කියන්න ඕනේ මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම නිසා මගේ අතින් යම් අඩුපාඩු සිදුවී තිබෙනවානම්..ඒ ගැන සමාවෙන්න .වැරදි ඇත්නම් Comment එකක් දාන්න .මට වැරදි සාදා ගැනීමට එය උදව්වක් වේවි
ජයවේවා !




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.4GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
550MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1.4GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
550MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේමින්ද සමරවීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment