[Rec] 2 [2009] Sinhala Subtitles


[Rec] 2 [2009] Sinhala Subtitles
Add to Favorites
[Rec] 2 [2009] Sinhala Subtitles (85 min 08 sec)
12-29-2012 at 08:42 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Various Movies
Favorites: 103 - Views: 7240



Tags:







ඔන්න මම අද මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය ඔයාලට තිළිණ කරනවා. අද මම ගෙනාවේ, කළින් උපසිරැසි ලබා දුන්න Rec චිත්‍රපටියේ දෙවනි කොටස. චිත්‍රපටිය ගැන කතා කරන්න කළින් පොඩි විස්තරයක් තියෙනවා කියන්න. මම මේ චිත්‍රපටිය උපසිරැසි ගන්වන්න හිටියේ CJA එක්ක. ඒත් ඔහු නත්තල් සමරන හින්දා, පොඩ්ඩක් කාර්යය බහුලයි. ඒ හින්දා මම මේ උපසිරැසි නිර්මාණයට අළුතෙන් යාළුවෙක් එකතු කරගත්තා. ඔහු Zoom එකට අළුත් සාමාජිකයෙක්. ඔහුගේ නම ප්‍රභාත් මිලින්ද ප්‍රනාන්දු (Green Arrow). ඔහු මේ චිත්‍රපටියේ උපසිරැසි නිර්මාණයට ලොකු දායකත්වයක් ලබා දුන්නා. ඒ හින්දා මම ඔහුට ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනවා. එහෙනම් අපි මේ චිත්‍රපටිය ගැන කතා කරමු.

Rec චිත්‍රපටිය බලපු කට්ටිය මේක අනිවාරෙන්ම බලන්න ඕනා. මොකද පලවෙනි කොටසින් නොවිසදුණු අභිරහස් කීපයක් මේ චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්. පළමු චිත්‍රපටියේ අන්තිම වෙනකම් බලපු කට්ටියට, අර රූපවාහිනී වාර්තාකාරියට මොකද සිද්ධ වුනේ කියලා හිතාගන්න බැරුව ඇති. ඒත් මේක බැලුවොත් ඇයට සිද්ධ වුන දේ දැනගන්න පුළුවන්. ඒ අභිරහස් රෝගය මොකක්ද කියලත් දැනගන්න පුළුවන්. මේ චිත්‍රපටියට මුල් වෙන්නෙත් පළමු චිත්‍රපටියේ තිබ්බ ගොඩනැගිල්ලමයි. SWAT කණ්ඩායමක් සහ පූජකයෙක් මේ ගොඩනැගිල්ලේ අභිරහස හොයන්න ඇතුළට යනවා. ඔවුන්ට මේ අභිරහස විසදන්න පුළුවන් වෙයිද? රූපවාහිනී වාර්තාකාරියට සිදුවූයේ කුමක්ද? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න ඕනා නම් මේ චිත්‍රපටියත් බලන්නම වෙනවා.

අළුතින් එකතු වූ යාළුවාව දිරිමත් කිරීමට, ඔබලාගේ වටිනා අදහස් සහ යෝජනා දක්වලා යන්න. එහෙනම් මේ අපූරු චිත්‍රපටියත් නරඹන්න. Rec 2 ඔබ වෙත තිළිණ කිරීමට සහයෝගය ලබාදුන් HEDZටත් මගේ ස්තූතිය.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා සමඟ ප්‍රභාත් මිලින්ද ප්‍රනාන්දු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment