Die Another Day [2002] Sinhala Subtitles


Die Another Day [2002] Sinhala Subtitles
Add to Favorites
Die Another Day [2002] Sinhala Subtitles (133 min 01 sec)
01-01-2013 at 08:37 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 190 - Views: 11998



Tags:







ඔයාලට 013 ජනවාරි මාසයේ පලවෙනිදාම සදා නොමැකෙන විරයෙක්ගේ කතාවක් අරගෙන ආවා..අලුත්ම අවුරුද්දේ හොදම හොද කොපියකින් ෆිල්ම් එකක් බලන්න හැමෝම කැමති ඇතිනේ.හැමෝම ඉතින් ජේම්ස් බොන්ඩ් ගැන දන්නවනේ... ලෝකප්‍රකට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටමාලාව ආරම්භ වෙන්නේ 1962 වර්ෂයේ නිපදවපු Dr. No චිත්‍රපටියෙන්. නියෝජිත අංක 007 ජේම්ස් බොන්ඩ්ගේ චරිතයට එහිදී පණ දුන්නේ Sea Connery විසින්. එතැන් පටන් ඔහු ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි හයකට ජේම්ස් බොන්ගේ චරිතයෙන් දායක වුණා. ඒවා තමයි From Russia with Love (1963), Goldfinger (1964), Thunderball (1965), You only Live Twise (1965) සහ Diamonds are Forever (1971) යන චිත්‍රපටයි. ඒ අතරතුර දී George Lazenby විසින් On Her Majesty's Secret Service (1969) චිත්‍රපටියේ ජේම්ස් බොන්ඩ් චරිතයට පණ දුන්නා. ඉන් පස්සේ Roger Moore විසින් 8 වෙනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වන Live and Let Die (1973) සහ ඉන්පසු The Man with the Golden Gun (1974), The Spy who Loved Me (1977), Moonraker (1979), For Your Eyes Only (1981), Octopussy (1983) සහ 14 වන චිත්‍රපටිය වන A View to a Kill (1985) යන චිත්‍රපටි සඳහා ජේම්ස් බොන්ඩ් චරිතයට දායකත්වය දුන්නා.
ඉන්පසු 15 සහ 16 වන ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි The Living Daylights (1987), License to Kill (1989) යන චිත්‍රපටි දෙක සඳහා ජේම්ස් බොන්ඩ් චරිතයට දායකත්වය දුන්නේ Timothy Dalton විසින්. ඉන්පසු 1995 දී නිපදවෙන GoldenEye චිත්‍රපටයෙන් ජේම්ස් බොන්ඩ් චරිතයට දායකත්වය දෙන Pierce Brosnan විසින් Tomorrow Never Dies (1997), The World is Not Enough (1999) සහ ජේම්ස් බොන්ඩ් විසිවෙනි චිත්‍රපටිය වන Die Another Day (2002) යන චිත්‍රපටි සඳහා රංගනයේ යෙදෙනවා. මම අද ගෙන එන්නේ මේ Die Another Day චිත්‍රපටියයි.
ඉන්පසුව නිපදවූ නවතම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි වන Casino Royal (2006), Quantum of Solace (2008) සහ අළුත්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය වන Skyfall (2012) සඳහා ජේම්ස් බොන්ඩ් චරිතය රඟදක්වන්නේ Daniel Craig විසින්. චිත්‍රපටි 23ක් දක්වා චිත්‍රපටිමාලාවක් පැමිණීමට කොයිතරම් එයට ප්‍රේක්ෂක ප්‍රතිචාර වුවමනාද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ... ඉතින් මේ ජේම්ස් බොන්ඩ් අළුත්ම චිත්‍රපටි අපෙන් ඔයාලට සිංහල උපසිරැසි එක්කම ලබාගන්න පුළුවන් වෙනවා..

දැන් Die Another Day ගැන පොඩ්ඩක් කියන්නම්.
ජේම්ස් බොන්ඩ් උතුරු කොරියාවේ ඔත්තුකරුවෙක් ලෙස ඉන්නාවිට ඔහුව අහුවෙලා දිගු කාලයක් සිරගතව ඉන්නවා. ඒත් ඇමරිකාවෙන් පසුව ඔහුව බේරාගන්නවා. ඔහු විසින් මරාදැමූ බවට සැලකෙන එක් පුද්ගලයෙක් නැවත පැමිණීම නිසා ජේම්ස් බොන්ඩ් ඉතා පුදුමයට පත්වෙනවා. මේ පුද්ගලයාගේ වැඩ නම් විශ්වාස කරන්නත් අමාරුයි. එයා අපේ හිරුට සමාන බලශක්තියක් ඇති නව සූර්යයෙක් නිපදවනවා. ඒත් එයින් කරන්නේ ලෝකයට යහපතක් නෙමෙයි අයහපතක්. ඒ නිසා එයට විරුද්ධව ජේම්ස් බොන්ඩ් සටන් කරනවා. සටන් වික්‍රම ඉතාම අලංකාරව තියෙන මේ චිත්‍රපටියේ අද නිපදවෙන චිත්‍රපටිවලත් දකින්නට නැති අතිනවීන තාක්ෂණික උපකරණ තියෙනවා. 2002 වගේ අවුරුද්දක ඒ තරම් දුරට ඔවුන් හිතපු එකත් පුදුමයක්.
ඉතින් මේ ලෝකප්‍රකට සිනමාව ඔයාලගේ චිත්‍රපටි ගොඩටත් එකතු කරගත යුතුම චිත්‍රපටියක් හැටියට නම් කරමින් මම පොඩ්ඩකට නවතින්නම්. හැමෝටම සුභ දවසක්..


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.9GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
720P 950MB BRRIP Torrent file එක මෙතනින් ගන්න
500MB HD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 950MB BRRIP Torrent file එක මෙතනින් ගන්න
500MB HD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment