Rec 3: Genesis [2012] Sinhala Subtitles


Rec 3: Genesis [2012] Sinhala Subtitles
Add to Favorites
Rec 3: Genesis [2012] Sinhala Subtitles (80 min 00 sec)
01-04-2013 at 09:56 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 122 - Views: 9967



Tags:







ඔන්න එහෙනම් මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණය මම ඔයාලට තිලිණ කරනවා. වැඩි දෙනාගේ ඉල්ලීම මත මේ අවුරුද්දේ නිකුත් වුන Rec කතා මාලාවේ තුන්වෙනි කොටස තමයි, මම අද අරන් ආවේ. මම කළින් මෙම කතා මාලාවේ ඉතුරු කොටස් දෙකටම උපසිරැසි ඔයාලට තිළිණ කෙරුවා. ඒ කොටස් බලපු නැති අය ඒවා බලන්න, හොදේ! මේ උපසිරැසි නිර්මාණය ඔබ වෙත තිළිණ කිරීමට ප්‍රභාත් (Green Arrow) සහෝදරයා, මට ලොකු උදව්වක් ලබා දුන්නා. අපි එහෙනම් වැඩි විස්තර නැතුව මේ අපූරු චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කතා කරමු.

Rec චිත්‍රපටි මාලාවේ මුල් කොටස් දෙක බලපු අය දැනටමත් දන්නවා ඇති, මේ චිත්‍රපටි පෙළට මුල් වෙන අද්භූත රෝගය ගැන. Rec චිත්‍රපටි මාලාවේ කළින් කොටස් දෙක එක් අපූරු, අභිරහස් ගොඩනැගිල්ලක් වටා නිර්මාණය වුවත්, මෙම චිත්‍රපටිය එයින් වෙනස් වී වෙනත් ස්ථානයක් කරා දිවයනවා. කොල්ඩෝ හා ක්ලාරා කියන්නේ, ආදරයෙන් බැදුනු පෙම් යුවලක්. ඔවුන් දෙදෙනාගේ මගුල් උත්සවයේදී, අර අද්භූත, භයානක රෝගය මේ මගුල් ගෙදර සිටින පුද්ගලයන් අතරේ ඉතා වේගයෙන් පැතිරී යනවා. මේ නිසාවෙන් මොවුන් දෙදෙනාට ඔවුන්වම මගහැරෙනවා. පසුව දෙදෙනාම තමන්ගේ ආදරය හොයාගෙන අද්භූත රෝගීන් අතර සටන් වදිනවා. මෙම පෙම් යුවලට නැවත එකතු වීමට හැකි වේවීද? මෙම රෝගය මේ ස්ථානයට ළගා වූයේ කෙසේද? මෙවැනි ප්‍රශ්න ගණනාවකට උත්තර හොයාගන්න කැමති නම් මෙම අපූරු චිත්‍රපටිය දැන්ම නරඹන්න. කළින් චිත්‍රපටි දෙකටම වඩා මේ චිත්‍රපටිය අපූරුයි, ත්‍රාසජනකයි. Wrong Turn කතා මාලාවේ කපන කොටනවා වගේ, මේකෙත් ඒ වගේ භයානක කැපීම් කෙටීම් අන්තර්ගතයි.ඒ වගේම කියන්න ඕන තව දෙයක් තමයි මේ චිත්‍රපටියේ අවසානය නම් හරිම සංවේදියි.ඔබ නැරඹුවොත් ඔබට එක දැනගන්න පුලුවන් වේවි.

කළින් උපසිරැසි ගැන්වීම් වලදී වගේම, මේ චිත්‍රපටියත් නරඹලා, ඔයාලගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා ඔක්කොම පළ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. අපේ අළුත් සාමාජිකයා වන ප්‍රභාත් මිලින්දට (Green Arrow) මම නැවත නැවතත් ස්තූතිවන්ත වෙනවා. තව මේ සියළු චිත්‍රපටි ඔබ වෙත ගෙන ඒමට අදහස් දෙමින්, තව බොහෝ උදව් උපකාර කරන අපේ ලොක්කා HEDZටත් බොහෝමත් ස්තූතියි. ඔහු නොහිටින්න රෙක් චිත්‍රපටිමාලාවට උපසිරැසි දාන කාර්යය හීනයක් විතරයි.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න
720P 550MB BRRIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න
720P 550MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා සමඟ ප්‍රභාත් මිලින්ද ප්‍රනාන්දු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment