The X-Files: Fight the Future [1998] Sinhala Subtitles


The X-Files: Fight the Future [1998] Sinhala Subtitles
Add to Favorites
The X-Files: Fight the Future [1998] Sinhala Subtitles (121 min 10 sec)
01-05-2013 at 11:13 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 116 - Views: 10579



Tags:







The.X-Files-Fight.the.Future[1998] මේක තමයි මම ඔයාලට දෙන අළුත්ම උපසිරැසිය.මේක අපේ HEDS මට බාරදීල ගොඩක් කල්. ඔයාලට මතක ඇති මම දීපු Cloverfield (2008) ෆිල්ම් එක.මේ ෆිල්ම් එක මට බාර දුන්නේ ඊටත් කළින්,කොහොම හරි ටිකක් පහු උනා ,මම බලාගන හිටියේ මේකේ හයි රෙසොලුෂන් එකක් එයි කියලා . ඒත් ඒක එන පාටක් නැති නිසා මේක දෙන්න හිතුවා.මේක ටිකක් අමාරු උපසිරැසියක්. මම උපරිම උත්සාහ කළා ,මම දන්නේ නෑ මම සාර්ථකද කියලා , ඒක ඔයාලම කියන්න.

කතාව ගැන නම් මම විස්තර කරන්නත් ඕන නැති වෙයි මොකද X FILES කතාමාලාව නොබලපු එක්කෙනක් වත් හොයාගන්න බැරි තරම් නේ.
මේ ඒ කතාමාලාව වෙනුවෙන් සැදුණු චිත්‍රපටි මාලාවේ පලමු වැන්න.තව එක් චිත්‍රපටියක්ද 2008 අවුරුද්දේ මොවුන් කතාමාලාව වෙනුවෙන් නිකුත් කර තියෙනවා.හැබැයි ඒ චිත්‍රපටි නම් ගන්නම දෙයක් නැහැ.මොකද ඒක කතාමාලාවට විරුද්ධව නිර්මාණය උන එකක්.X files කිව්වම අපට මතක් වෙන්නේ පිටසක්වල ජිවින් නේ.2008 කතාමාලාව රහස්පරික්ෂක චිත්‍රපටියක් ලෙස ආවේ.නමුත් මේ අද ඔයාලට ලැබෙන 1998 නිර්මාණය උන මේ චිත්‍රපටිය නම් පිටසක්වල ජිවින්ගේ සම්බන්ධය අලලා නිපැදවුවක්.මේ චිත්‍රපටියේදි මොල්ඩර්ට දැනගන්න ලැබෙනවා පිටසක්වල ජිවින් මේ ලොකයට පැමිණ ඔවුන් මේ ලොකයේ විවිධ ක්‍රියාකාරකම් කරන බවට සාක්ෂි.සාක්ෂි වගේම ඇස්පනාපිටම එය ඔප්පු කරගන්නත් මොල්ඩර්ට ලැබෙනවා.ඒ අනුව පෘතුවියේ තිබෙන පිටසක්වල මුලස්ථානය සොයාගෙන ඔහු යනවා.මේ අතර ඔහුගේ සහායිකාව ස්කලිද පැහැරගන්නවා යම් කිසි පුද්ගලයක් පිරිසක්.මේ සේරම විසදගන්න මොල්ඩර්ට පුලුවන් වෙයිද? තත්තපරයෙන් තත්පරය කුතුහලයෙන් සපිරිවගේම ඔබ නැරඹුවට පාඩුවක් නැති චිත්‍රපටියක් ලෙස නම් කරන්න කැමැතියි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉන්දික පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment