Varanam Aayiram [2008] Sinhala Subtitles


Varanam Aayiram [2008] Sinhala Subtitles
Add to Favorites
Varanam Aayiram [2008] Sinhala Subtitles (171 min 13 sec)
01-06-2013 at 08:20 PM
Uploaded by HEDZ

Rating: 4.5 after 6 votes

Tamil Movies
Favorites: 193 - Views: 27640



Tags:







ටික දවසකට පස්සේ ආයෙත් දෙමළ චිත්‍රපටියක් ගෙනාවා. කොලිවුඩ් වල ප්‍රසිද්ධ නළුවෙක් වන සූර්යා තමයි මේකෙ ප්‍රධාන චරිත දෙකටම රඟපාන්නේ. ඒ කියන්නේ මේකෙදී සූර්යා දෙබඩි චරිත රඟපානවා. ඒ තාත්තා හා පුතා විදිහටයි. මේ චිත්‍රපටිය නිකුත් උනේ 2008 ජනවාරි වලදී. ගොඩක් හැඟූම්බර, ආදරණීය චිත්‍රපටියක් කියන්න පුලුවන්. තමන් ආදරය කරන ගැහැණු ලමයා වෙනුවෙන් ඇත්තටම පණ දෙන්න උනත් ලෑස්ති පිරිමි මේ ලෝකෙ ඉන්නවා කියන දේ මේ චිත්‍රපටියෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඒ වගේම පිය, පුතු සම්භන්ධතාවයත් මේකෙඳී ගොඩක් දුරට පෙන්නුම් කෙරෙනවා. මේ චිත්‍රපටිය ලිව්වේ සහ කරේ ගවුතම් මෙනෝන් විසින්. විනාඩි 179ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය නිශ්පාදනය කරන්න ඉන්දියානු රුපියල් මිලියන 140ක් වියදම් කරල තියෙනවා. චිත්‍රපටියෙ කතාව ටිකක් කියන්නම්..

චිත්‍රපටිය ආරම්භ වෙන්නේ සූර්යා කියන කෙනාගෙ පියාගේ අභාවයත් එක්කමයි. මේ පියාගෙ අභාවය පිළිබඳව සූර්යාට දන්වනවා. සූර්යා හමුදාවේ ඉහළ නිළයක් දරණ පුද්ගලයෙක්. මේ වන විටත් ඔහු ක්‍රියාන්විතයකට ගුවනින් ගමන් ගනිමිනුයි ඉන්නේ. ඉතිං මේක ආරංචි උනාට පස්සේ සූර්යාට හැම දෙයක්ම තමන්ගේ තාත්තා විසින් කරපු කියපු දේවල් මතක් වෙනාව. ඒ පොඩි කාලේ ඉදන්ම. ඉතින් තාත්තා කියල දුන්න හොඳ නරක, ඒ වගේම තාත්තා විසින් තමන්ගේ ආදරයට උදව් කරපු හැටි සියල්ලක්ම මතක් වෙනවා. ඒවගේම සූර්යා ආදරය කරන ගැහැණු ලමයා එයාට අහිමි උනාට පස්සේ . මේකෙන් පිස්සු වැටෙන මේ ආදරවන්තයා වන සූර්යා මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙනවා. තනිකරම කාඩයෙක් වෙනවා.. ආය ගන්න දෙයක් නෑ.. ඉතිං... ඒ හරිය අපේ කොල්ලොන්ට කියන්න ඕන නෑනෙ අමුතුවෙන්. ඉතිං... මේ දේ තාත්තා දැනගෙන මෙයාට මේ ඇබ්බැහිය නතර කරනවා.ඇත්තටම ඊට පස්සේ සුර්යාව ට්‍රිප් එකක් යනවා.මේ ගමනේදිත් මොහුට නොසිතු විරු අත්දැකිම් වලට මුහුණ දෙන්නත් වෙනවා.ඒ හැමදේම තාත්තා කියලා දිපු දේවල් එක්ක ජිවිතය හදාගන්නවා...

කොහොම හරි මේ කතාව බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න...මේ අද දිලා තියන ටොරන්ට් එක අපේ සයිට් එකේ යාළුවෙක් වෙන (thasneen) අප්ලොඩ් කරපු එකක්.ඒක නිසා අරගෙන සිඩ් කරලාම යන්න පුලුවන් නම්. එහෙනම් හැමෝටම ජයවේවා..


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment