Twilight (I) [2008] Sinhala Subtitles


Twilight (I) [2008] Sinhala Subtitles
Add to Favorites
Twilight (I) [2008] Sinhala Subtitles (122 min 00 sec)
01-16-2013 at 10:43 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 163 - Views: 20260



Tags:






ලෝකයේම ආදරයට පාත්‍ර වූ චිත්‍රපටි පෙළක, පළමු චිත්‍රපටිය මම අද ඔයාලට තිළිණ කරනවා! ලෝකයේ ලොකු පොඩි සියළුදෙනා අතරේ ආදරයට පත් වූ Twilight Saga චිත්‍රපටි මාලාවේ පළමු චිත්‍රපටියට සිංහල උපසිරැසි මෙලෙසින් ඔබ වෙත තිළිණ කෙරේ! මෙම උපසිරැසි නිර්මාණයට බෙහෙවින් උපකාර කළ Dilan Menaka (DilanH) සහෝදරයාටත්, Prasad Shrimal (Sri-Mal) සහෝදරයාටත් මුලින්ම ස්තූතිවන්ත වෙනවා! මොවුන් දෙදෙනාගේ කැපවීම නිසා, මෙච්චර ඉක්මනට මේ චිත්‍රපටියට උපසිරැසි දාගන්න හැකි වුනා. එහෙනම් වැඩි කතා නැතුව අපි චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කතා කරලා බලමු!

මෙම චිත්‍රපටිය, බෙලා නැමති ගැහැණු ළමයෙක් වටා ගෙතී ඇත. ඇයව හදිසි වාහන අනතුරකින් ගලවා ගැනීමට, එඩ්වඩ් නම් තරුණයා සමත් වෙයි. එඩ්වඩ් සහ ඔහුගේ පවුලේ කට්ටියගේ කිසියම් අමුත්තක් ඇති බව බෙලා තේරුම් ගනියි! මේ අතර මොවුන් ජීවත් වන ෆෝර්ක්ස් නගරය ආසන්න කැළෑවෙන් කිසියම් අද්භූත මිනීමැරුම් කිහිපයක් වාර්තාවේ. මෙම අද්භූත මිනීමැරුම් පසු පස සිටින පිරිස, අවසානයේ බෙලාගේ පස්සේ පන්නයි! ඒ වන විටත් බෙලා, එඩ්වඩ්ගේ රහස් දැනගෙන ඔහු සමග ආදරයෙන් බැදී සිටියි. එඩ්වඩ්ගේ රහස කුමක්ද? අභිරහස් මිනීමැරුම් පිටුපස සිටින්නේ කවුද? බෙලාට එම ඝාතකයින්ගෙන් බේරීමට හැකි වේවීද? මෙවැනි ප්‍රශ්න රාශියක් ඔබ වෙත ඉතිරි කරමින් මම නිහඩ වෙන්නම්! මොකද මේ ප්‍රශ්නවලට පිළිතුරු මේ චිත්‍රපටිය ඔස්සේ විසදාගැනීමට ඔයාලට ඉඩ ප්‍රස්ථාව තියෙනවා!

එහෙනම් කළින් චිත්‍රපටි මෙන් මෙයත් නරඹා, ඔබගේ වටිනා අදහස්, යෝජනා හා චෝදනා ඉතිරි කර යන මෙන්, කාරුණිකව ඉල්ලා සිටිනවා. අපගේ සිංහල උපසිරැසි පරපුරේ නවතම සාමාජිකයා වන Dilan Menaka (DilanH) සහෝදරයාට නැවතත් ස්තූතියි! ඔහුව දිරිමත් කිරීමට ඔබලාගේ වටිනා අදහස් දැක්වීමට කාරුණික වන්න! ඒ වගේම අපි කවුරුත් දන්න කියන සිංහල උපසිරැසිකරුවෙක් වන, Prasad Shrimal (Sri-Mal) සහෝදරයාටත් නැවතත් ස්තූතිවන්ත වෙනවා!මේ සියළු උපසිරැසි නිර්මාණ සදහා නිතරම උදව් උපකාරී කරන අපේ HEDZටත්, මගේ පෞද්ගලික ස්තූතිය! එහෙනම් තවත් අපූරු ඉංග්‍රීසි චිත්‍රපටියක් සමගින් හමුවෙමු! ජයවේවා!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා ,ඩිලාන් මේනක සමඟ ප්‍රසාද් ශ්‍රීමාල්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment