Twilight (II):New Moon [2009] Sinhala Subtitles


Twilight (II):New Moon [2009] Sinhala Subtitles
Add to Favorites
Twilight (II):New Moon [2009] Sinhala Subtitles (130 min 00 sec)
01-16-2013 at 05:41 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 176 - Views: 16789



Tags:






ඔන්න, මම අද ඔයාලා කවුරුත් දන්න කියන ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටි පෙළක දෙවනි කොටස අරගෙන ආවා. මේ චිත්‍රපටි පෙළ, මේ වනවිටත් ලෝකයේ බොහෝ දෙනාගේ ආදරයට පත්වෙලා තියෙනවා. මම අද ගෙනාවේ Twilight චිත්‍රපටි මාලාවේ දෙවනි කොටස වන, The Twilight Saga : New Moon චිත්‍රපටියයි. මේ චිත්‍රපටිය ගැන කතා කරන්න කළින්, මට මේ චිත්‍රපටියට උපසිරැසි නිර්මාණය කරන්න ඉමහත් සහයෝගයක් දිවා,රෑ නොබලා ලබාදුන්න Dilan Menaka (DilanH) සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා. ඔහු නොහිටින්න, මේ චිත්‍රපටියට උපසිරැසි මෙච්චර ඉක්මනින් ඔයාලට තිළිණ කරන එක මට හීනයක් වෙලා තිබ්බේ! ඒ හින්දා නැවතත් මම DilanH සොයුරාට ස්තූතිවන්ත වෙනවා!

එහෙනම් අපි මේ චිත්‍රපටිය ගැන ටිකක් කතා කරලා බලමු. ඔයාලා මේ වෙනකොටත්, Twilight චිත්‍රපටි මාලාවේ පළවෙනි කොටස බලපු කෙනෙක් නම්, මේ චිත්‍රපටි මාලාවේ ප්‍රධාන චරිත ගැනයි, තව විස්තරයි දන්නවා ඇතිනේ! මේක බලන්න කළින්, පළවෙනි චිත්‍රපටිය බැලුවොත් හොදයි කියලා මම නිර්දේශ කරනවා! මොකද පළවෙනි එක බැලුවේ නැති අයට, මේක තේරුම් ගන්න අමාරුවෙයි. මේ චිත්‍රපටියේදී එඩ්වඩ්, බෙලාව අතහැරලා දාලා යන්න යනවා. ඊට පස්සේ බෙලා ඔහු නැතුව ඉතාම දුකින් ඉද්දි, ජේකබ් ඇයගේ දුක අඩු කරන්න සමත් වෙනවා. පළවෙනි චිත්‍රපටියේ හම්බනොවුන, අපූරු ජීව කොට්ඨාශයක්, මේ චිත්‍රපටියෙන් අපිට හම්බවෙනවා. ජේකබ්, මේ අපූරු ජීව කොට්ඨාශයට අයිති කෙනෙක්. බෙලා, එඩ්වඩ්ව නැවත දකින්න, විවිධ අනතුරු වලට හිතාමතාම යොමු වෙනවා. ඇය ඔහුව දැකීමට ආසාවෙන් ප්‍රපාතයකින් පනිනවා. එඩ්වඩ්, ඇය සියදිවි හානිකරගත් බව හිතාගෙන, තමාගේ ජීවිතයද නැති කරගැනීමට තීරණය කරනවා. බෙලා ඇත්තටම ජීවතුන් අතරද? එඩ්වඩ් තමාගේ ජීවිතයෙන් එයට වන්දි ගෙවාවිද? ජේකබ්ගේ රහස මොකක්ද? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න, මෙම චිත්‍රපටියෙන් ඔයාලට පුළුවන් වේවී. එහෙනම් ඔයාලා මේ අපූරු චිත්‍රපටිය, 99%ක් විතර හොද ගුණාත්මක භාවයකින් යුක්ත සිංහල උපසිරැසි සමග දැන්ම බලන්න!

මම මේ චිත්‍රපටිය, මගේ ආදරණීය, මිහිරි (Mihiri) වෙනුවෙන් පෞද්ගලිකව තිළිණ කරනවා! ඇයගේ උපන්දිනය (January 10) වෙනුවෙන්! එහෙනම් කළින් උපසිරැසි ගැන්වීම් වලදී වගේම, මෙයත් නරඹා ඔයාලගේ වටිනා අදහස්, යෝජනා හා චෝදනා පළ කරන්න! අපේ සිංහල උපසිරැසි පරපුරේ අළුත්ම සාමාජිකයෙක් වන DilanH සහෝදරයාව දිරිමත් කිරීමට ඔයාලගේ වටිනා අදහස් අනිවාරෙන්ම පළකරන්න! අපේ වැඩ සාර්ථක අවසානයක් කරා ගෙනයෑමට, නිතරම ඔවදන් දෙමින්, අපිට ධෛර්ය ලබාදෙන HEDZට, මගේ ස්තූතිය!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා සමඟ ඩිලාන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment