Paranormal Activity 4 [2012] Sinhala Subtitles


Paranormal Activity 4 [2012] Sinhala Subtitles
Add to Favorites
Paranormal Activity 4 [2012] Sinhala Subtitles (88 min 00 sec)
01-17-2013 at 09:26 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 82 - Views: 8764



Tags:






පැරනෝමල් ඇක්ටිවටී එහෙමත් නැත්නම් සම්මත විද්‍යා ගවේෂණ වලට පරිබාහිරවු ක්‍රියාකාරකම් චිත්‍රපටය මුලින්ම නිකුත් වෙන්න පටං ගත්තේ 2007 වසරෙදි, හොල්මන් චිත්‍රපට වලට නව අරුතක් දීපු චිත්‍රපටයක් හැටියට මෙම චිත්‍රපටය හදුන්වලා දෙන්න පුළුවන්, මීට පෙර හොල්මන් චිත්‍රපට නිකුත්වෙලා තිබුනට අමතුම විදියට තාක්ෂණය භාවිත කරමින් ත්‍රාසය නොදැනෙන්න ප්‍රේක්ෂකයාට දුන්නු චිත්‍රපටයක් හැටියට මෙය හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මෙම චිත්‍රපටය සමහර අයට නම් කිසිම තේරුමක් නැති කම්මැලි චිත්‍රපටයක් වෙන්න පුළුවන්, මොකද ඔවුන් ඊට පෙර දැකල තිබුනේ දැක්ක ගමන් ලේ පෙරාගෙන එන මිනිස්සු අමුතු වුනු දර්ශන නේ, ඒත් මේ මූවිය බලන්න හොද ඉවසීමක් ව‍ගේම හදිසි කම්පනයන් දරාන්න පුළුවන් අයත් වෙන්න ඕන, මොකද පෙන්වන හැම දර්ශනයක්ම, ශ්‍රවනය වන හැම හඩකම කිසියම් වූ සියුම් දෙයක් ගැබ්වෙලා තිබෙනවා වගේම එම සියුම්දේ නරඹන්නාගෙ ත්‍රාසය වැඩිකිරීම සමත්වීම මෙම චිත්‍රපටයයේ තියෙන විශේෂත්වයයි, කෙනෙකු මේ චිත්‍රපටය ඉවසීමෙන් බලගෙන හිටියොත් ඔහුට මෙතුවක් කල් බලපු හොදම හොල්මන් මූවිය මෙය වෙනවා නියතයි.

අපේ ගොඩක් අය හිතං ඉන්නේ හොල්මන් තියෙන්නෙ ලංකාවෙ විතරයි කියලනේ, මේ අවතාර පිටරට නෑ කියලානේ, ඒත් අපි දන්න හැම දෙයක්මත් ලෝකෙ වෙනත් රටවලත් තියෙනවා, මේ චිත්‍රපටය පුරාවට දිවෙන චරිතයක් තමයි "කෙටී" කියන‍්නේ, පලමු චිත්‍රපටයේ සිදුවන්නෙ කෙටීගෙ නිවසට අමුතුම කරදර කාරී සිදුවීම් ඇතිවෙනවා, කෙටී කරන්නෙ ඇයගෙ පෙම්වතාද සමග මේ සිදුවීම් මොනවද කියල හොයන
එකයි, පලමු චිතපටයයේදි වෙන්නෙ ඒ කරදර කාරී ප්‍රාණිය කෙටී සහ ඇයගේ පෙම්වතා ඩැහැගන්න එක, පස්සෙ දෙවැනි චිත්‍රපටයයේදි පෙන්වන්නෙ කෙටී මැරෙන්න කලිං එම ගෙදර එන්න වුන සිද්ධි ටිකයි, එතනදි තමයි තේරෙන්නේ හොල්මන ඇත්තටම ඇවිත් තියෙන්නෙ පොඩි ලමයෙක් වෙනුවෙන් කියලා, එම කතාවෙදිම කෙටී‍ගෙ මරණයත් පෙන්වනවා මැරෙන්න කලිං ඇය විසින්ම පොඩි ලමයගෙ දෙමව්පියොත් මරනවා, ඊට පස්සෙ ආපු තෙවන චිත්‍රපටයේ වෙන්නෙ කෙටී පොඩි කාලෙ වුනු හොල්මන් සිද්ධින් ටිකක්, ඇයට ඇයගෙ දෙමව්පියොත් නැතිවෙන්නෙ හොල්මන් ප්‍රශ්නයක් නිසයි. මම දැන් දෙන මෙම කතාමාලාවේ හතරවෙනි එක බලන්න කලිං උඩින් කියපු චිත්‍රපට ටික බැලුවොත් මේක තේරුම් ගැනීමට ටිකක් ලේසි වෙයි.
පලමු චිත්‍රපටයේ හොල්මනට බය වුනු කෙටී මෙදාපාර එන්නේ හොල්මනක් වෙලයි, ඒ තමන්ගෙ ගොඩක් ආදරය කරපු අක්කගේ පුංචි පුතා හොයාගෙන. මං කිව්වනේ කතාව තනිකරම යන්නෙ කෙටී මූලික කරගෙන කියලා, ඉතිං ඇය දෙවන චිත්‍රපටයට පරිදි හොල්මන වැහුනට පස්සේ පොඩි ලමය ඇරෙන්න හැමෝම මරනවා, පස්සේ පොඩි ලමයා දන්නෙ නැති තැනක තියලා, ඇය මැරෙනවා. දැන් සිදුවෙන්නෙ ඒ ‍පොඩි ලමයා ටිකක් ලොකුවෙලා එක්තරා පවුලක් විසින් අරන් හදාගන්න ගන්නවා, ඒත් කෙටී ඔහුව හොයාගෙන එනවා ඒ හොයාගෙන එන්නෙ හරිම අමුතු විදියට, හැබැයි ඒ කොහොමද කියල නම් මම කියන්නෙ නෑ, මම මේ කියපුවට වැඩිය ගොඩක් දේවල් චිත්‍රපටය තුල සිදුවෙනවා,ඒක නිසා චිත්‍රපටය අරගෙනම බලන්න, තව දෙයක් තියෙනවා කියන්න, ඒ තමයි මේ චිත්‍රපටය තනිකරම යන්නෙ වෙනත් පවුලක් මූලික ක‍රගෙන ඒක නිසා වෙනස්ම ආකරයෙන් චිත්‍රපටය නිපදවලා තියෙනවා

මිලියන 5 කින් නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය 2013 අවුරුද්දේ ජනවාරි වන විට මිලියට 140 ආදායමක් ලබාගෙන තියෙනවා,කොටින්ම කිව්වොත් අඩු වියදමකින් වැඩි ථල නෙලාගෙන තියෙනවා, මට හිතෙන විදියට 2012 අවුරුද්දේ නිපද වුනු හොල්මන් චිත්‍රපට අතුරින් ලෝකයේ වැඩියෙන්ම කතාබට ලක්වුන චිත්‍රපටය මෙය වෙන්න ඕන, ඒ වගේම චිත්‍රප‍යේ අලංකාරය වැඩිකරමින් නව නිළියකුත් ප්‍රධාන චරිතයට පන පොවනවා, ඇය නමින් Kathryn Newton. සිත් ඇදගන්න සුළු රුවක් තියෙන ඇය මේ රග දක්වල තියෙන්නෙ ඇයගෙ දෙවන චිත්‍රපට නිර්මාණයටයි, ඒ වගේමකෙටී චරිතයට පන පොවන Katie Featherston නුත් බෙන්ගෙ චරිතයට පන පොවන Chad Feehan චිත්‍රපටයට සාධාරනයක් කරපු චරිත විදියට පෙන්වලා දෙන්න පුළුවන්, එහෙනම් දැනට සමුගන්නවා, තවත් මේ වැනිම නිර්මාණයකින් දවසක හමුවෙමු, එතකං හැමෝටම සුභ දවසක්!.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.5GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
720P 650MB BRRIP Torrent file එක මෙතනින් ගන්න
350MB BRRIP Torrent file එක මෙතනින් ගන්න
700MB BRRIP Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 650MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment