The Twilight Saga: Breaking Dawn-Part 1[2011] Sinhala Subtitles


The Twilight Saga: Breaking Dawn-Part 1[2011] Sinhala Subtitles
Add to Favorites
The Twilight Saga: Breaking Dawn-Part 1[2011] Sinhala Subtitles (117 min 00 sec)
01-18-2013 at 09:24 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 143 - Views: 20566



Tags:






හැමෝටම සුභ දවසක් වේවා! ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ ලෝකයේ ජනප්‍රියම වැම්පයර් වරුන්ගේ ආදර කතාවේ අවසාන චිත්‍ර පටයේ මුල්ම කොටසයි .The Twilight Saga: Breaking Dawn - Part 1 කොටස . මම මේ සීරීස් එකටම සබ් දෙන්නේ නැද්ද කියලා අපේ HEDZ ගෙන් ඇහුවම මේ කොටස විතරයි සබ් දාන්න ඉතිරිවෙලා තිබ්බේ .ඉතින් ඒ කොටසට සබ් දාන්න මට සිදු උනා . ඒවගේම මෙම ෆිල්ම් සෙට් එකේ පසුගිය කොටස් හැම එකකම සබ් එක දීලා අවසානයි. ඔයාලා කවුරුත් මේ ෆිල්ම් සෙට් එක ගැනම හොදින් දන්නවනේ ,

මිනිත්තු 117 ධාවන කාලයකින් Adventure | Drama | Fantasy යන කාණ්ඩ වර්ගීකරණය යටතේ, 109,308 කට අධික ප්‍රේක්ෂක ප්‍රතිචාරයෙන් IMDB අගයන් 4.8 ක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Bill Condon අධ්‍යක්ෂකවරයා විසිනි.

Kristen Stewart - බෙලා ස්වාන් ලෙසත්,
Robert Pattinson - එඩ්වඩ් කලන් ලෙසත් ,
Taylor Lautner - ජේකබ් බ්ලැක් ලෙසත්, රංගනයෙන් දායකවෙනවා.

එහෙනම් මෙම කොටසේ කතාව ඩිංගක් කියන්නම් ,බෙලා සහ එඩ්වඩ් දෙන්නා කසාද බඳිනවා, මේ විවාහයත් , මධුසමයත් ඉතා උත්කෘෂ්ටව ගන්න බෙලා සැළසුම් කරන නිසා ජේකබ් ඩිංගක් සිත්තැවුලෙන් පසු උනාකෙසෙවෙතත් කසාදය හොඳින් සිදු උනා .බෙලා සහ එඩ්වඩ් ඔවුන්ගේ මධුසමය කලන්ගේ පෞද්ගලික දූපතක ඉතා සතුටින් ගතකලා. පසුව බෙලා දැනගන්නවා ඇය ගැබ්ගෙන බව,දරු ගැබ ඉතා වේගයෙන් වැඩෙන්න ගත්තා. බෙලාගේ ජිවිත ආරක්ෂාව ගැන හැමෝම බය උනා , බෙලාගේ ජීවිතය අවධානමක තිබුනත් ඇය දරුවව බිහිකරන්න ඕන මතයේ සිටියා,
ඉතින් බෙලාට මේ දරුවව බිහිකරන්න පුළුවන් වෙයිද ? අවසානයේ බෙලාට මොකද වෙන්නේ කියලා බලන්න නම් චිත්‍රපටය බාගෙනම බලන්න කියලා ඉල්ලා සිටිනවා .

තව දෙයක් කියන්න , මේ ෆිල්ම් 2 දෙවනි කොටස, The Twilight Saga: Breaking Dawn - Part 2 එකේ සබ් එකත් මමම කරලා HEDZ ට යවලා තියෙන්නේ,ඕන නම් කැම් කොපි එකට එකේ සබ් එක දෙන්න පුලුවන්.එත් ඒකේ හොඳ කොපි එකක් ආවම සබ් එක දේවි.ZOOM අපි කිසිදාකවත් ඔබට කැමරා කොපි සමගින් උපසිරැසි නිකුත් නොකරන බවට තිරණය කරලා ඉවරයි.ඒ අපේ ප්‍රේක්ෂකයන්ට උසස් රසවින්දන ලබා දිමට අප නිරන්තරයෙන් උත්සහාකරන නිසා.

පුළුවන්නම් විතරක් සබ් එක ගැන පොඩි අදහසක් දාලා යන්න කියලා ඉල්ලා සිටිනවා . ඔයාලගේ අදහස් වලින් තමයි අපි තෘප්තිමත් වෙන්නේ, අපේ කාළය වැයකරලා ඔයාලට තේරෙන භාෂාවෙන්ම බලන්න ලස්සන ෆිල්ම් අරගෙන එන්නේ අන්න ඒ නිසයි. ජයවේවා!!!.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment