Doomsday [2008] Sinhala Subtitles


Doomsday [2008] Sinhala Subtitles
Add to Favorites
Doomsday [2008] Sinhala Subtitles (105 min 00 sec)
01-21-2013 at 10:24 AM
Uploaded by HEDZ

Rating: 4.66667 after 3 votes

English Movies
Favorites: 179 - Views: 24142



Tags:






ඔන්න, අද මම ඔයාලට 2008 වසරේදී බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය වූ, වාර්තා තැබූ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් අරගෙන ආවා! HEDZගෙන් ලැබුණු ආරාධනයකට අනුව, මේ අපූරු චිත්‍රපටියට සිංහල උපසිරැසි තිළිණ කිරීමට අපිට හැකිවුනා. මම කළින් තිළිණ කරපු චිත්‍රපටි දෙකටම ලොකු උදව්වක් ලබාදුන්න Dilan Menaka (DilanH) සහෝදරයා, මේ චිත්‍රපටියටත් සිංහල උපසිරැසි ලබාදෙන්න, මට ලොකු උදව්වක් ලබාදුන්නා. ඒ හින්දා, මම ප්‍රථමයෙන්ම එම සහෝදරයාට, මාගේ ස්තූතිය පුද කරනවා. 2005 වසරේදී, බ්‍රිතාන්‍ය නිදහස් චිත්‍රපටි උළලේදී හොදම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය දිනාගත් නීල් මාර්ෂල්, අධ්‍යක්ෂණය කළ තවත් අපූරු චිත්‍රපටියක් ලෙස මෙය හැදින්විය හැකියි! එහෙනම් අපි, මගේ 8වෙනි උපසිරැසි නිර්මාණය වන Doomsday චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කතා කරලා බලමු!

මෙම චිත්‍රපටියට පාදක වී ඇත්තේ රීපර් ලෙසින් හදුන්වන භයානක වෛරසයක් නිසාවෙන් ඇතිවෙන අර්බුදකාරී තත්වයක්! මේ මාරාන්තික වෛරසයෙන් බේරීමට ස්කොට්ලන්තය ඉතා සුවිශාල තාප්පයක් ඉදිකරනවා. මෙම තාප්පයෙන් පිටත සිටි බහුතරයක් ජනතාව රීපර් වෛරසයෙන් පීඩා විදිනවා! මෙම තාප්පයෙන් ඇතුළත ජනතාව 100%ක් ආරක්ෂා සහිතව අවුරුදු 30ක පමණ කාලයක් ජීවත් වෙනවා. නමුත්, හදිසියේම ලන්ඩනයේ සිදුවන වැටලීමක් අතරතුර, රීපර් වෛරසයෙන් පීඩා විදින මිනිසුන් කිහිපදෙනෙක් හමුවෙනවා. තාප්පයට එහායින් වූ මෙම වෛරසය, තාප්පයෙන් ඇතුළට ඒම අභිරහසක්! දැන්, ස්කොට්ලන්තයේ අග්‍රාමාත්‍ය තනතුර දරණ හිට්චර් නැමති පාලකයා අවුරුදු 3ක් අභිරහසක් ලෙස තබාගෙන සිටි තාප්පයෙන් පිටත ජීවත් වන මිනිසුන් පිළිබද තොරතුරු යුධ ප්‍රධානියෙකුට ඉදිරිපත් කර, එම මිනිසුන් සතුව කිසියම් ඖෂධයක් ඇති බවත්, එය ලබාගැනීමට කණ්ඩායමක් යැවිය යුතු බවත් පැහැදිලි කරනවා! ඊට පසු මේජර් සින්ක්ලෙයාර් නැමති ගැහැණියෙකුගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක්, මේ ඖෂධය ගැන තොරතුරු සොයාගෙන ඒමට පිටත් කරනවා! ඔවුන්ට පැය 48ක් ඇතුළත මෙම ඖෂධය පිළිබද තොරතුරු භාරදිය යුතුව තිබෙනවා! ඉතින්, මේජර් සින්ක්ලෙයාර් ඇතුළු කණ්ඩායමට මෙම මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමට හැකි වේවිද? තාප්පයෙන් පිටත වූ ජනතාව සතු ඖෂධය කුමක්ද? ලන්ඩනයේ සිටින අහිංසක ජනතාවට අත්වන ඉරණම කුමක්ද? මෙම සියළු ප්‍රශ්න ඔබ හමුවේ තබමින්, මම නිහඩ වෙනවා!

කළින් උපසිරැසි නිර්මාණ මෙන්, මෙම උපසිරැසි නිර්මාණයත් 99%ක ගුණාත්මක භාවයකින් යුක්තයි! එහෙනම්, මේ අපූරු චිත්‍රපටියත් නරඹා, ඔබලාගේ වටිනා අදහස්, යෝජනා හා චෝදනා ඉදිරිපත් කර යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. නැවතත් Dilan Menaka (DilanH) සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා! මෙවැනි වටිනා නිර්මාණයක් ඔබ වෙත තිළිණ කිරීමට අදහස ගෙන ආ HEDZටත් මගේ ස්තූතිය! ඔබ සියළුදෙනාට සුභ දවසක් වේවා!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.4GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ සමඟ ඩිලාන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment