Mugamoodi [2012] Sinhala Subtitles


Mugamoodi [2012] Sinhala Subtitles
Add to Favorites
Mugamoodi [2012] Sinhala Subtitles (150 min 00 sec)
01-22-2013 at 10:04 AM
Uploaded by HEDZ

Rating: 4.8 after 5 votes

Tamil Movies
Favorites: 103 - Views: 18583



Tags:






කාලෙකට පස්සේ නැවතත් දෙමළ චිත්‍රපටියක් අරගෙන ආවා. චිත්‍රපටියෙ නම මුගමෝඩි..මේකෙ කතාවනං ගෙතෙන්නේ වෙස් වලාගත්ත කෙනෙක් වටේට. කොටන්ම කිව්වොත් බැට්මෑන්, සුපර්මෑන් වගේ චරිතයක් තමයි. මොනව කියනන්ත් කලින් කියන්න ඕන මේ චිත්‍රපටිය ප්‍රධානය කරල තියෙන්නේ අපි කවුරුත් දන්නබෘස් ලී ට. මොකද මේකෙ තනිකරම යන්නේ කුංෆු පිළිබඳ කතාවක් නිසා. 2012 අගෝස්තු 31 තමයි මේ චිත්‍රපටිය තිරගත වෙන්න පටං ගත්තේ. කෝම හරි ඊයෙ උදේ වෙද්දි මේකෙ රිප් එකක් ඇවිත් තියෙනව කියල මට ඇඩ්මින් කිව්වට පස්සේ ඔන්න කරල දෙන්නං කියලා භාරගත්තා... කොහොමත් මම දෙමළ ඒවට සබ් දාන්න හෙනටම කැමතියිනේ කොටින්ම කිව්වොත් කතාවේ තියෙන්නේ බලාපොරොත්තු කඩවුනු තරුණ කොල්ලෙක් "කුංෆු" දැනුම භාවිතා කරලා හොරකණ්ඩායමක් තමන්ගේ ස්වරූපය හංගගෙන අල්ල ගන්න හැටියි.

බෘස් ලි(ආනන්ද්) කුංෆු හොඳටම වගේ හදාරපු කෙනෙක්. ඒත් අවාසනාවක් විදිහට එයාට බැරිවෙනවා එයාගෙ හැකියාවන් භාවිතා කරලා ජීවත් වෙන්න වැඩපිළිවෙලක් යොදාගන්න. එයාගෙ තාත්තා හැමවෙලාවෙම කතා කරන්නේ වැඩකට නැති එකා කියලා. හදිසියේම සිද්ධ වෙන දෙයකින් උප පොලිස් කමිෂනර් ගව්රව්ගේ දුවවෙන ශක්තිත් එක්ක ආදරයෙන් බැඳෙනවා. ඉතින් ලී කොහොම හරි ශක්තිගෙයි එයාගෙ අක්කගේ පොඩි ලමයිදෙන්නගෙයි සිත් දිනාගන්න හදනවා මේ කුංෆු සටන් ක්‍රම උපයෝගි කරගෙන. එයාලට තවත් විනෝදය සපයන්න ලී සුපිරිවීරයෙක් වගේ ඇඳුමක් ඇඳගෙන ඒ ගෙදරට යනවා. ඒ ගෙදරට යන අතරතුර හොරු වගයක් නිවසක් කඩල යනව දකිනවා. මේ හොරුත් විශේෂයෙන්ම කුංෆු සටන් ක්‍රම මඟින් හුරුකරපු හොරු. ඉතිං ලී මේ හොරුන්ව පොලිසියට අල්ලලා දෙන්න තීරණය කරනවා. කොහොම හරි එක හොරෙක් අල්ලලා දෙනවා. නමුත් උසාවියට ගෙනියන අතරතුර හොරා පැනල යද්දි අර හොරු කල්ලි විසින්ම ඒ හොරාට වෙඩිතියනවා. එතන ඉදන් හොරු කල්ලිය පොලිස් උප කමිෂනර් වන ගව්රව්ගේ පිටිපස්සෙන් එනවා. ගව්රව්ගේ විවාහ සංවත්සරය දවසේ හදිසි වැඩකට යන ගමන් ශක්තිගේ කෝල් එකකට එයා ගෙදර යනවා. එතකොට ලී එහේ ශක්තිට ආදරෙයි කියන්න හැංගිලයි ඉන්නේ. කොහොම හරි ගව්රව් උඩ තට්ටුවට යද්දී අර හොරු කන්ඩායම විසින් ගව්රව්ට වෙඩිතියනවා. මේක ලී දැකලා හොරාව අල්ලන්න හදද්දී හොරා පැනල ගියා. හැබැයි තුවක්කුව ලී අතේ ඉතිරි උනා. මේක ශක්ති දැක්කා. ආය ඉතිං තමන්ගෙ තාත්තව මරන්න හදපු එකාට කවුද ආදරේ කරනන් කැමති. ඒ අතර පොලිසියෙනුත් දැන් පන්නන්නේ ලී පස්සේ. මොකද ලී කමිෂනර්ව මරන්න හැදුවා කියලා. ඉතිං පොලිසියෙන් බේරිලා, මේ හොරු කණ්ඩායමේ නායකයත් එක්ක යන සටන, ඒ අතරතුර ශක්තිට තමන් නිර්දෝෂයි කියල ඔප්පු කරන්න හදන සිඳුවීම්..., සියල්ලක්ම ගොඩක් රසවත්...

හැමෝගෙන්ම බලන්න කියල ඉල්ලීමක් කරනවා.. එහෙනම් අලුත් චිත්‍රපටියකින් ඉක්මනටම හම්බවෙමු.. ජයවේවා!!! පසුගිය චිත්‍රපටිය වගේම මේ පාරත් ටොරන්ට් එක අප්ලොඩ් කරලා දුන්නේ අපේ සයිට් එකේ සමාජිකයෙක්ම වන thasneenම තමයි එයාටත් ගොඩක් ස්තුතියි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment