Kismet Love Paisa Dilli [2012] Sinhala Subtitles


Kismet Love Paisa Dilli [2012] Sinhala Subtitles
Add to Favorites
Kismet Love Paisa Dilli [2012] Sinhala Subtitles (120 min 57 sec)
01-23-2013 at 08:58 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 121 - Views: 13141



Tags:






ඔන්න මම කරන දෙවැනි හින්දි චිත්‍රපටය. Student of the year චිත්‍රපටය ඔයාලට දුන්නයින් පස්සෙ අපේ කණ්ඩායමේ සඳුන් නදීෂ තමයි මේක බාරදුන්නෙ. එයාට වැඩ නිසා මේක කරන්න වෙන්නෙ නැති නිසා මමයි(ප්‍රමෝද් ඉන්දුනිත්) රූබි අශේනුයි තමයි මේකෙ ඉතුරු වැඩ ටික ඉවර කලේ. අපේ සඳුන් කොටසක් ඉවර කරලා දුන්නෙ. අපි දෙන්නා ඉතුරු ටිකට උපසිරැසි යෙදුවා. මේකත් හරිම ලස්සන හින්දි චිත්‍රපටයක්.

විවේක් ඔබ්රෝයි ප්‍රධාන චරිතය රඟපාන්නෙ මේ චිත්‍රපටයේ. ඔහු(ලොකේෂ්) එක්තරා රාත්‍රියක දුම්රියක නැගිලා යන්න හදනවා. ඒත් සුදු ඇඳගත්තු කාන්තාවක් ඇවිත් ඔහුට ලියුම් කවරයක් දෙනවා එය ඊළඟ නැවතුමක ඉන්න ඇයගේ ස්වාමිපුරෂයට ලබාදෙන්න කියලා. ඊට පස්සෙ ඇය බැහැලා යනවා. එකවරම දුම්රිය නවත්වලා කට්ටිය ඉස්සරහට දුවනවා. ලොකේෂ් ඒක බලන්න යනවා. බැලින්නම් අර සුදු ඇඳගෙන ආපු කාන්තාව කෝච්චියට පැනලා. එක් කෙනෙක් කියනවා අන්තිමට කතා කලේ ලොකේෂ් එක්ක කියලා. ලොකේෂ් එයින් බේරෙන්න පලා යනවා.

මේ අතරේ ලොකේෂ්ට තව කෙල්ලෙක් හම්බවෙනවා. එයත් එක්ක රෑ පහන් වනතුරු කරන ක්‍රියාදාම ගැන ලස්සනට කතාවෙ තියනවා. මේ අතරේ දිල්ලි වල ඉන්න හොරු කට්ටියකගෙ ලොක්කා උපන්දිනේ සමරනවා. තව නුන්නූ කියල පීසා කොල්ලෙකුත් ඉන්නවා. ඒවගේම ටේප් එකක කතාවකුත් මේ අතරේ යනවා. මේ සේරටම මැදිවෙන්නෙ ලොකේෂ්ව!
පොලිසියත් ලොකේෂ් පස්සෙ එනවා. මේ සේරටම මුළ මොකක්ද? මේවා අවසන් වෙන්නෙ කොහොමද කියලා දැනගන්න අනිවාර්යෙන්ම බලන්න.

කතාව විහිලු ගොඩකින් සමන්විත, ක්‍රියාදාම සහ කුතුහලය සහිතව නැරඹිය හැකි ලස්සනම ලස්සන චිත්‍රපටයක්.
Student of the year චිත්‍රපටය හැරෙන්න පසුගිය අවුරුද්දෙ පැමිණි තවත් අංක1 නියම චිත්‍රපටයක් කියල කියන්න පුලුවන් බය නැතුව!

ඊළඟ චිත්‍රපටයෙන් හමුවෙනතෙක් ඔබට ආයුබොවන්!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.4GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉඳුනිත්, සඳුන් නදීෂ
සමඟ රුබ් අශෙන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment