Son of Sardaar [2012] Sinhala Subtitles


Son of Sardaar [2012] Sinhala Subtitles
Add to Favorites
Son of Sardaar [2012] Sinhala Subtitles (120 min 05 sec)
01-27-2013 at 10:03 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 96 - Views: 14710



Tags:






කොහොමද යාළුවනේ ඔන්න අපේ ටීම් එකෙන් තවත් උපසිරැසි ගැන්වීමක් එක්ක ආවා... මුලින්ම කියන්න ඕනි DVD RIP එක ආපු ගමන් සබ් දෙන්න බැරිවෙච්ච එකට සමාවෙන්න. ඒකටත් එක්තරා හේතුවක් තියෙනවා මේ සබ් එක හදන්න පස්ට කට්ටක් අපි කෑවෙ මොකද දන්නවාද..? මේකෙ මුලින්ම ආපු කොපි එකත් එක්ක තිබ්බ සබ් එකේ Spellings අම්බානෙට වැරදියි.. නිකන් කාන්තාරෙක අතෑරියාවගේ උනා. අපි මේක කරන්න පටං ගත්තෙ ඊයෙ හවස තමා. ඒත් හෙඩ් සහෝ DVD RIP එක ආවා කියනකොට. පට පට ගාලා හදන්න පටං ගත්තා.. එහෙම හැදුවත් කිසිම අඩුපාඩුවක් නැතිව හැදුවා කියල අපි හිතනවා. මොකද අපේ පහන් සහෝ ටිකක් හින්දි දන්නවා එයාගෙ දැනුම අපිට ගොඩාක් ප්‍රයෝජනවත් උනා මේක කරන්න. බොහොම සරල වචන වගේම ටිකක් බර වචනත් පාවිච්චි කලා. මොකද හැම එකක්ම සරලව කිව්වාම ඒකෙ තේරුමක් නෑනි. කොහොම හරි ඔයාලට අපි වෙලාවට මේක බලන්න සලස්වලා දුන්නා කියලා මම හිතනවා. හරි මම මගේ දුක් ගැනවිල්ල ඔයාලට කිව්වනි දැං බහිමු ෆිල්ම් එකට. මේකනං හිනාවෙන්න පුලුවන් අයට විතරයි... බඩ පැලෙන්න හිනාවෙන්න ආස අය මේක අනිවා ගන්න ඕනි.. ඒතරම්ම හිනාවෙලා මැරෙන්න පුලුවන් චිත්‍රපටියක් මේක.

බොලිවුඩ් ආදායම් වාර්ථා බිද දමමින්, ඉන්දියානු මුදලින් රැ කෝටි 100 කට වඩා වැඩි ආදායමක් ඉපැයූ චිත්‍රපටියක් තමයි මේක. සුපිරි නළු අජේ දේවගන්, සන්ජේයි දත්, ජුකී චව්ලා, සොනක්ෂී සින්හා, සල්මන් කාන්, පුනීත් , මූකුල් දේව්, වින්දු ධාරා සින්ග්, තනූජා, අර්ජුන් බාජ්වා, සන්ජේයි මිෂාරා. වැනි නළු නිළියන් රාශියකින් සමන්විත ඉතා විශිෂ්ඨ ගණයේ චිත්‍රපටියක් තමා මේක. චිත්‍රපටිය අධ්‍යක්ෂනය කලේ ප්‍රවීන චිත්‍රපටි අධ්‍යක්ෂක වරයෙක් වෙන Ashwni Dhir. මේ චිත්‍රපටි අධ්‍යක්ෂක තුමා විසින් අධ්‍යක්ෂනය කරපු ජනප්‍රිය චිත්‍රපටි විදිහට Atithi Tum Kab Jaoge?(2010), One Two Three(2008) පෙන්වා දෙන්න පුලුවන්. මේ චිත්‍රපටිත් හොද ආදායමක් අරං තියෙනවා.
විශේෂෙන්ම චිත්‍රපටිය හදන්න හේතු පාදක උනේ කලින් නිමැවුන Jab Tak Hai Jaan චිත්‍රපටිය වාර්ථා පිට වාර්ථා තැබූ නිසයි.

චිත්‍රපටිය ගැන කිව්වොත් පවුල් දෙකක් අතර ඇතිවෙන ආවුලක් ගැන තමා කියැවෙන්නෙ. අවුරුදු ගානකට කලින් මේ පවුල් දෙක අතර ප්‍රධානීන් අතර ලොකු සටනක් සිද්දවෙනවා. Jaswinder Randhawa සහ Balwinder Singh කියන්නෙ දිවුරුම් දුන් හතුරො දෙන්නෙක් අවසානෙට මේ පවුල් දෙකෙන් ඉතිරිවෙන්නෙ මේ‍ දෙන්නා විතරයි.
Jaswinder මේක නිසා ලන්ඩන්වලට ගිහින් කාලයක් සැගවී සිටියා නමුත් Balwinder තවමත් Jaswinder එනකන් බලං ඉන්නවා පන්ජාබ් වලට වෙලා එයාලගෙ දිවිරුම අනුව පළිය ගන්න. ඒක දැං පරණ කතාවක්, දැං කාලය ගෙවී ගිහින් මේ දෙන්නටම දරුවන් දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් Jassi Randhawa (Ajay Devgan)
අනිත් කෙනා Balwinder Singh Sandhu (Sanjay Dutt). එක දවසක Jassi Randhawa වට ඉන්දියානු රජයෙන් ලියුමක් එනවා. ඔහුගේ මුතුන් මිත්තන්ගේ ඉඩමක් ඉන්දියාවේ ඇතිබවත්. එය රජය විසින් රු ලක්ෂ 50 කට මිලදීගන්න කැමති බව සදහන් වෙන ලියුමක් ඔහුට ලැබෙනවා. තම මාමාගේ දැඩි අකමැත්ත පිට උනත් මෙයා ඉන්දියාවට එන්න පිටත් වෙනවා. ඔහු ඉන්දියාට ඇවිත් පන්ජාබ් යන්න කෝච්චියට නගිනකොට අහම්බෙන් වගේ Sukhmit (Sonakshi Sinha) ව මුන ගැහෙනවා. මේ දෙන්නා ආදරයෙන් බැදෙනවා. නමුත් ඇයට ස්ටේශන් එකේ මග හැරෙනවා. එතනින් ඒ සීන් එක ඉවරයි. දැන් තමා හොදම හරිය පටං ගන්නෙ අහම්බෙන් වගේ ඒකාලේ පරම හතුරො දෙන්නෙක්ගෙ පවුල් දෙකක් එකට හම්බ ඒ තමා Jassi (Ajay Devgan) හා Billu (Sanjay Dutt). කොහොම උනත් Billu ට දැනෙනවා Jassi පන්ජාබ් වලට අලුත් කියල. ඒක නිසාම Billu ආරාධනා කරනවා Jassiට එයාගෙ ගෙදර එන්න කියල.ඔවුන් Jassi සලකන්නෙ හරියට දෙවියෙක්ට වගේ. ඒත් අවාසනාවකට වගේ Billu ට මීටර් වෙනවා සීන් එක. ඒ කියන්නෙ Jassi කියන්නෙ එයා මෙච්චර කාලයක් බලං හිටිය හතුර කියල.

දැන් වෙන ටිකනං මම කියන්නෑ. ඔයාලා හිතන්නෙ මොනා වේවිද..?
Billu දැනගනීවිද Jassi තමයි එයාගෙ හතුරා කියල..? Jassi දැනගනීවිද Billu එයාගෙ හතුරා කියලා...? මේදෙන්නා මරා ගනීවිද..? දෙමව්පියන්ට උනු පොරුන්දුව ඒ විදිහටම සිදුවේද..? Jassi ගෙයි Sukhmit ගෙයි ආදරේ ජය ගනීවිද...? මෙයාලට සතුටින් ඉන්න ලැබේවිද...? එන්න එන්නම කුතුහලය වැඩිවෙනවා නේද...?හදිස්සියට දුන්න නිසා උපසිරැසිවල අඩුපාඩුවක් තිබ්බොත් සමාව දෙන්න මොකද පැය කීපයකින් තමා මේක හදල ඉවර කලේ. ඊලග එක මීටත් වඩා හොදට කරන්න අපි බලාපොරොත්තු වෙනවා..

අනිත් එක මේකේ ගිත සියල්ලම උපසිරැසි ගන්වලා තියෙන්නේ.ගිත නොදුන්නා නම් ඊයේම මේක දෙන්නත් තිබ්බා

එහෙනං බලලම තීරණය කරන්න... කාට මොනා වේවිද කියල. ඔන්න එහෙනං අපි චුත උනා
ආයෙත් පස්ට ෆිල්ම් එකක් එක්ක එන්නම්.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 950MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න
700MB DVD RIP TORRENT මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP TORRENT මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ශිරෝමාල්, පහන් තාරක, දනුක රත්නායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment