Vampires Suck [2010] Sinhala Subtitles


Vampires Suck [2010] Sinhala Subtitles
Add to Favorites
Vampires Suck [2010] Sinhala Subtitles (82 min 00 sec)
01-27-2013 at 10:07 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 83 - Views: 8911



Tags:






ඔන්න, මම ආයෙත් තවත් අපූරු චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා! මේක Twilight චිත්‍රපටියට සරදම් කරන්න හදපු එකක් නිසාදෝ රේටින් නම් පොඩ්ඩක් අඩුයි.Twilight චිත්‍රපටියට ආදරේ කරන අය මේකට අඩු රේටින් දුන්නාද මන්දා..හැබැයි ඔයා කැමති නම් Twilight චිත්‍රපටිය හැල්ලු කරනවා දකින්න මේ අපූරු චිත්‍රපටිය නරඹන්න, මේ චිත්‍රපටිය Twilight චිත්‍රපටිමාලාවේ පළවෙනි සහ දෙවැනි චිත්‍රපටි දෙකම ඒකාබද්ධ කර සැකසූ කොමඩි චිත්‍රපටියක්! සරදම් (Parody) චිත්‍රපටි රාශියක් අධ්‍යක්ෂණය කළ ජේසන් ෆ්‍රීඩ්බර්ග් සහ ඇරෝන් සෙල්ට්සර් විසින් අධ්‍යක්ෂණය කළ Vampire Suck චිත්‍රපටියේ, සිංහල උපසිරැසි අද මම ඔයාලට තිළිණ කරනවා! මේ චිත්‍රපටිය ගැන හැදින්වීමක් කරන්න කළින්, මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි නිර්මාණය කිරීම සදහා සහය ලබාදුන් Dilan Meneka (DilanH) සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා! මේ මම ඔහුත් සමග ගෙන එන, හතරවෙනි උපසිරැසි නිර්මාණය! එහෙනම්, අපි මගේ 9වෙනි සිංහල උපසිරැසි නිර්මාණය ගැන කතා කරලා බලමු!


Twilight චිත්‍රපටි මාලාවේ ප්‍රධාන චරිතය වන බෙලා, මෙම චිත්‍රපටියේ බෙකා නමින් හැදින් වෙනවා. මෙම චිත්‍රපටියේ චරිත සියල්ලක්ම රගපාන්නේ, Twilight චිත්‍රපටි මාලාවේ රංගනයට දායක වන අය නෙමෙයි! ඒත්, මේ චරිත රගපාන අයත්, ඒ අයට ඉතාමත් සමීප ආකාරයක් ගන්නවා. කළින් සරදම් (Parody) චිත්‍රපටියක් බලපු කෙනෙක් නම්, මම මේ කියන දේ නිකම්ම තේරෙනවා ඇති! මේ චිත්‍රපටිය කළින් කී පරිදි, Twilight චිත්‍රපටි මාලාවේ පළවෙනි සහ දෙවැනි චිත්‍රපටිවල අන්තර්ගතය ඔස්සේ දිව යනවා. මේ චිත්‍රපටිය ගැන, මීට වඩා විස්තර කරන්න අමාරුයි! ඒ හින්දා, මම මේ දොඩවන්නේ මොනවද කියලා, මේ චිත්‍රපටිය බලලාම තේරුම් ගන්න!

කළින් උපසිරැසි නිර්මාණ මෙන්, මෙම උපසිරැසි නිර්මාණයත් 99%ක ගුණාත්මක භාවයකින් යුක්තයි! එහෙනම්, මේ විහිළු චිත්‍රපටියත් නරඹා, ඔබලාගේ වටිනා අදහස්, යෝජනා හා චෝදනා ඉදිරිපත් කර යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔයාලා ආස කරන, මේ වගේ සරදම් චිත්‍රපටි තියෙනවා නම්, ඒවා අනිත් යාළුවන්ටත් සිංහල උපසිරැසි සමග ලබාදීමට, එම චිත්‍රපටිවල නම් පළ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා! නැවතත් Dilan Menaka (DilanH) සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා! මෙවැනි වටිනා නිර්මාණයක්, ඔබ වෙත ගෙන ඒමට සහය ලබාදුන් HEDZටත් මගේ ස්තූතිය! ඔබ සියළුදෙනාට හිනාවෙන් පිරි දවසක්ම වේවා!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 700MB BRRIP එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700mb brrip එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා සමඟ ඩිලාන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment