Luv Shuv Tey Chicken Khurana [2012] Sinhala Subtitles


Luv Shuv Tey Chicken Khurana [2012] Sinhala Subtitles
Add to Favorites
Luv Shuv Tey Chicken Khurana [2012] Sinhala Subtitles (140 min 00 sec)
01-29-2013 at 09:53 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Hindi Movies
Favorites: 76 - Views: 12832



Tags:






ඔන්න අදත් මම අපේ යාළුවන්ට ටිකක් අමුතු ෆිල්ම් එකක් අරගෙන ආවා. හොද කොපියක් ආපු ගමන් පළමුවෙන්ම අපිට මේක ඔයාලට දෙන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි.ඉදිරියටත් අපි පුලුවන් ඉක්මනින් සිංහල උපසිරැසි ඔයාලට ලබාදෙන්න කටයුතු කරනවා. හැබැයි හොද කොපියක් ආවට ඒවත් එක්ක එන සබ් ෆයිල් එක නම් පට්ට චාටර්. ඒ නිසා චිත්‍රපටියේ අදහසට හානියක් වෙන්නෙ නැතුව සිංහලයට පරිවර්ථනය කරනවයි කියන එක ගොඩක් අමාරු වුනා. ඒත් ඉතින් එහෙම කියලා වැඩේ අත ඇරියේ නැහැ. ඇත්තම කියනවා නම් මට මේ උපසිරැසිය ඔයාලට ලබාදෙන්න වෙනදා වගේම අපේ සහෝලා දෙන්නා නිමන්ත ශිරෝමාල් සහ දනුක රත්නායක ගොඩක් කැපවෙලා මහන්සි වුනා. ඇත්තම කියනවා නම් ඒ දෙන්න තමයි වැඩි හරියක්ම කලේ. මමත් මගේ උපරිමෙන් කලා. අඩුපාඩුවක් එහෙම තියනවා නම් කොමෙන්ට් එකක් දාලා කියන්න ඒක අවුලක් නැහැ හොද කියනවා වගේම ඒ වගේ දේවල් අපිට කියන එක හොදයි තවත් අපිට අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියටත් මේ වගේ ඔයාලත් එක්කම දිගටම ඉන්න.

හරි දැන් මන් කියන්න යන්නෙ කතාව මොන වගේද කියලා, මේකේ ප්‍රධාන චරිතය තමයි ඕමි. මෙයා පොඩිකාලෙදි දැගලුවේ රට යන්න. ගිහින් සල්ලි හම්බ කරන් එන්න. ඒත් ගෙදරින් ඒකට අකමැති වුනු නිසා හොරෙන්ම ගෙදරින් පැනලා රට යනවා. ඒ ලන්ඩන් වලට. එහේදි ඕමි එක බිස්නස් කාරයෙක්ගෙන් ණයට අරගෙන ඒ සල්ලි දීගන්න බැරි වෙලා, ඒ බිස්නස් කාරයගේ තර්ජණයට බයවෙලා බේරෙන්න බොරුවක් ගහනවා. ඒ තමයි එයාගේ ගමේ එයාට ගොඩක් සල්ලි දේපළ තියනවයි කියලා ඒවගෙන් ඔහුගෙන් ගත්තු ණය බේරන්නම් කියලා. ඔන්න ඉතින් එහෙම කියලා බේරුණාට ඔහුට ඒ සල්ලි අරන් එනකන් ඒ බිස්නස් කාරයගෙන් යහතින් ඉන්න ඉඩක් නොලැබෙන නිසා ඕමි එනවා ඉන්දියාවට. ඔන්න ඉතින් ඉන්දියාවට ආවට පස්සෙ තමයි එයා දන්නෙ එයාගෙ සීයට අසනීප වෙලා ඉන්නව කියලා. සීයා ලෙඩ වෙලා නිසා ඔවුන්ගේ කෑම කඩෙත් වැහිලා. ඇත්තම කියනවා නම් ඒ කෑම කඩේ ඉස්සර එහෙ ගමේ තිබුණු හොදම කෑම කඩේ තමයි. ඒකට හෙතුව වුනේ ඒ පවුලටම ආවේනික (චිකන් කුරාණා) කියල ඉන්දියානු කෑමක් ඔවුන්ගේ කඩේ තිබීම. ඒත් මේක හදන්න දන්නෙ ඕමිගේ සීයා විතරයි. ඉතින් ඔන්න දැන් තමයි ඕමි ඒ රහස් කෑම වට්ටෝරුව හොයාගෙන්න හදන්නේ.ඔන්න ඔය අතර තමයි ඕමිගේ පරණ ආදරය ඔහුට මුණගැහෙන්නේ. මෙතනින් එහාට කතාව ඉතින් මන් කියන්න ගියොත් බලන එකෙන් වැඩක් නැහැනේ ඒ නිසා ඔයාල මේක බලලම තීරණය කරන්න අන්තිමට මොකක් වෙයිද කියලා. අමතක කරන්න එපා ඕමි එන්නෙ අර බිස්නස් කාරයගෙන් බේරෙන්න බොරුවක් කියලයි. අන්න ඒ බිස්නස් කාරයගෙන් ඕමිට ඉස්සරහට මොන වගේ සම්බෝලයක් හම්බෙයිද කියලත් කතාව බලල ඉවර වෙලා තමයි ඔයාලට දැනගන්න වෙන්නේ.

එහෙනම් අපේ උපසිරැසි කණ්ඩායමත් සමඟ තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ඔබ සැමට සුබ දවසක් වේවායි කියා මම සමුගන්නවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.4GB DVD RIP TORRENT එක මෙතනින් ගන්න
700MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න
490MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න
490MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ශිරෝමාල්, පහන් තාරක සමඟ දනුක රත්නායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment