Prince [2010] Sinhala Subtitles


Prince [2010] Sinhala Subtitles
Add to Favorites
Prince [2010] Sinhala Subtitles (138 min 00 sec)
01-31-2013 at 08:32 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 94 - Views: 11524



Tags:







අපි කිව්වනි ඉතින් පිට පිටම ෆිල්ම් දෙනවා කියල. කිව්වා වගේම ඔන්න අයෙත් ෆිල්ම් එකක් එක්ක ආවා අලුත් ෆිල්ම් ටිකක් මුලින් දුන්න නිසා ටිකක් පරණ එකක් දෙන්න ඕනි කියල හිතුනා. ඉතින් ඒකයි ප්‍රින්ස් ෆිල්ම් එක අපි අරං ආවෙ. හැමදාම වගේ ෆිල්ම් එක හදන්න මගෙ යාළුවෝ දෙන්නා වැඩි බරක් කරට මට උදව් කලා. ඔන්න එයාලගෙ ඒ උදව් නිසාම සාර්ථක උපසිරැසි ගැන්වීමක් ඔයාලට කරන්න අපිට පුලුවන් උනා. ඉතින් මේ ෆිල්ම් එක ගැන කිව්වොත් ෆිල්ම් එකේ අධ්‍යක්ෂක වෙන්නෙ ප්‍රසිද්ද චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් වෙන Kookie V Gulati. ඇත්තටම කියනවනං ෆිල්ම් එක බොක්ස් ඔෆිස් වාර්තා පවා තියල තියෙන ෆිල්ම් එකක් ඒකනිසාමයි අපි තීරණය කලේ මේක දෙන්න. මොකද අපේ හෙඩ් සහෝ අපිට මේක දෙන්න කියල කිව්වෙ හරියටම දැන් දවසකට කලින් අලුත් චිත්‍රපටිවලට උපසිරැසි දෙන්න සිදුවෙලා තිබ්බ නිසා පොඩ්ඩක් අතපසුඋනා මේකේ වැඩ ඉවර කරන්න ඒත් වැඩේ අතෑරියේ නෑ අපි. මෙම චිත්‍රපටියේ ඉන්දියාවේ ප්‍රසිද්ධ කලාකරුවන් කීපදෙනෙක්ම ඉන්නවා. Vivek Oberoi, Isaiah, Aruna Shields, Nandana Sen, Neerbajwail තව කීපදෙනෙක්ම මේ චිත්‍රපටියේ ඉන්නව ඒ ඔක්කොම කියන්න යන්නෙ නෑ. මම දැං කතාව ගැන කියන්නං.

ප්‍රින්ස්, ප්‍රින්ස් තමා මේකෙ නළුවා මෙයාට මාරසීන් එකක් වෙනවා එක දවසක උදේම. මෙයාට මෙයාකෙ මුලු සිහියම නැතිවෙනව. මෙයාට කිසිම දෙයක් මතක නෑ පහුගිය. නමුත් මෙයාගෙ වැඩකාරයාගේ ආදාරයෙන් පහුගිය දේවල් කිහිපයක් දැනගන්නවා. මෙයා ක්ලබ් එකකට යනවා එහෙදී අහම්බෙන් වගේ මෙයාට හම්බෙනවා මෙයාගෙ පෙම්විතිය කියල කියන කෙනෙක්. නම මායා ඇත්තටම කලින් මායා කියල පෙම්වතියක් මෙයාට ඉන්නව ඒත් අර සිදුවීම නිසා මෙයාට මතක නෑ ඇත්තටම මොනාද උනේ කියල. මායා කියන විදිහට ප්‍රින්ස් කලින් වැඩ කරල තියෙන්නෙ මහා දාමරිකයෙක් ගාව හරියටම ඒ දාමරිකයගෙ දකුණු අත තමා ප්‍රින්ස් කියන්නෙ එයා හෙන හෑල්ලක් ප්‍රින්ස්ට කියනවා මොකක්ද කාසියක් ගැනත් කියනව ඒත් ඉතිං ප්‍රින්ස්ට හරි වැටහුමක් නෑ මොකද හැමදේම අමතක නිසා. ඊලග දවසෙත් මෙයාට තව කෙල්ලෙක් හම්බෙනවා මායා කියලා හැබැයි කලින් හම්බුන මායානං නෙවේ මෙයා මෙයත් කියන්නෙ ප්‍රින්ස් කියන්නෙ එයාගෙ පෙම්වතා කියල. අපිට උනත් දැන්නං පිස්සු හැදෙනවනි නේද කෙල්ලො දෙන්නෙක් ඇවිත් මම මායා මමයා කියනකොට. හරි කලින් මායා කිව්වෙ මෙයත් හොරෙක් කියලනි. ඒත් දැන් හම්බෙන මායා කියන්නෙ ඊට හාත් පසින්ම වෙනස් කතාවක්. ඒ කියන්නේ ප්‍රින්ස් කියන්නෙ හොරෙක් නෙවේ එයා සී.අයි.ඩී. නිලධාරියෙක් කියල. ප්‍රින්ස්ට මේ දෙක විස්වාස කරන්න බෑ ඒත් මේ මායා ප්‍රින්ස්ගෙ හැම තොරතුක්ම එයාගෙ අයිඩී. එයා වැඩකරපුවා ඒදෙන්නා පෙම්වතුන් මේවගේ කතා ගොඩක් කියනවා. එයා තව එකක කතාවක් කියනවා මේක නිසා තමා චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම කුතුහලයක් වෙලා තියෙන්නෙ.

හරියටම ශ්‍රීලංකාවේ රාවනාගේ වාහනෙන් වැටුනු කාසියක් ප්‍රින්ස් ගාව තියෙනවළු. ඒක ඉන්දියානු මිලියන 500 කට ගන්න ප්‍රින්ස් වැඩකරපු දාමරිකයා පොරොන්දු වෙලා තියෙනවා. ඇත්තටම දැන් ප්‍රින්ස්ගේ මතකේ නැති නිසා මේ කාසිය තිබ්බ තැනක් මතක නෑ. ප්‍රින්ස්ව අද දාමරිකයගෙන් බේරගන්න නම් ඒ කාසිය තියෙන්න ඕනි. කොහොම හරි ප්‍රින්ස් සහ මායා කාසිය හොයාගන්නවා. ඇත්තටම මේ කාසිය කාසියක්ම නෙවේ මේක ඇතුලේ තියෙන්නෙ මිලකල නොහැකි වස්තුවක්. නමුත් ඇත්තටම ඔයාලා හිතන්නෙ ඒක කාසියක් කියලද....? ඇත්තටම ඒක කාසියක් නෙවේ ඒක නිසා තමයි ප්‍රින්ස්ගේ මතකය අහිමි උනේ... ඔයාලා හිතන්නෙ ඒකේ මොනවා ඇති කියලද...? ඇත්තම මායා කවුද...? ප්‍රින්ස්ට කලින් මතකය ලැබෙයිද.....? මේ ප්‍රශ්ණවලට උත්තර හොයන්න මේක බලන්නම වෙනවා..ස්ටෝරියේ කිව්ව දේට වඩා දෙයක් චිත්‍ර පටියෙ තියෙනවා ඒක කියන්නෙ නෑ ඒක ඔයාලා බලන්න ඕනි එතකොට ඔයාලට තේරෙයි මම කියන දේ ගැන.

එහෙනං අපි යනවා තවත් පස්ට උපසිරැසියක් එක්ක හමුවෙමු. එතකන් හැමෝටම සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
900MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


900MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ශිරෝමාල්, පහන් තාරක සමඟ දනුක රත්නායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment