Officer Down [2013] Sinhala Subtitles (18+)


Officer Down [2013] Sinhala Subtitles (18+)
Add to Favorites
Officer Down [2013] Sinhala Subtitles (18+) (90 min 00 sec)
02-03-2013 at 08:39 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 94 - Views: 14911



Tags:






ඔන්න, තවමත් ලොව පුරා තිරගත වන Officer Down චිත්‍රපටියේ සිංහල උපසිරැසි අරගෙන මම ආවා! මේ චිත්‍රපටියේ හොද පිටපතක් නිකුත් වී සතියක පමණ කාලයක් ගත වුනත්, තවමත් මෙහි සිංහල උපසිරැසි නිර්මාණයක් ඔයාලට හමුවෙලා නැතුව ඇති! මේ චිත්‍රපටිය භාරගෙන ටික කාලයක් ගත වුවත්, චිත්‍රපටිය බාගත කිරීමට වෙලා ගිය හින්දා, උපසිරැසි ලබාදීමට පොඩ්ඩක් විතර කල් ගතවුණා! මෙම චිත්‍රපටියට සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අදහස ගෙනාවේ, ඔයාලා කවුරුත් දන්න කියන අපේ ධනුෂ්ක ලක්මාල් (Tharaka) සහෝදරයා! ඒ වගේම, ඔහු මේ චිත්‍රපටියේ උපසිරැසි නිර්මාණයට ලොකු දායකත්වයක් ලබා දුන්නා... ඒ පිළිබදව මම ඔහුට ස්තූතිවන්ත වෙනවා! එහෙනම්, මම මගේ 11වෙනි උපසිරැසි නිර්මාණය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්...

මෙම චිත්‍රපටිය දිවයන්නේ, කැල්හැන් නැමැති පොලිස් පරීක්ෂකවරයෙක් පාදක කරගෙනයි. ඔහු සමාජ ශාලාවකට නිතර යෑමට පුරුදුව සිටියි. තමාගේ බිරිද සහ දුව ගැන නොතකා කටයුතු කරන මෙම නිළධාරියා, හදිසියේම වැටළීමක් අතරතුර වෙඩි තැබීමකට ළක්වෙයි! එතනදී හදුනා නොගත් පුද්ගලයෙක්, ඔහුගේ උදව්වට පැමිණෙයි. පසුව පොලිසියෙන් පැමිණ, ඔහුව රෝහලක් වෙත ගෙනයයි. ඔහුට තමාගේ ජීවිතයේ දෙවනි අවස්ථාවක් ලැබුණු බව ඔහුට වැටහෙයි! එහෙත් එය ලැබුණේ කුමක් සදහාද යන්න ඔහුට නොතේරෙයි! එක් දිනක්, අර ඔහුට උදව් කළ හදුනා නොගත් පුද්ගලයා කැල්හැන්ව හමුවීමට පැමිණ ඔහුගෙන් උදව්වක් බලාපොරොත්තු වෙයි! ඔහු තම දියණියගේ දිනපොත කැල්හැන්ට බාර දී තම දියණියට යුක්තිය ඉටුකර දෙන මෙන් කාරුණිකව ඉල්ලයි! මෙම සිද්ධියෙන් පසු, කැල්හැන් තමා ගතකළ පව්කාර ජීවිතයේ වැරදි නිවැරදි කරගැනීමට යොමුවෙයි! ඔහු දිනපොතේ වූ තොරතුරු පසුපස හඹායයි. ඒ ගමන් මග අතරතුර, ඔහු ආශ්‍රය කළ පව්කාර චරිත නැවතත් ඔහුට මුණගැසෙයි! කතාව කිව්වා, වැඩි වුණාද මන්දා... කැල්හැන්ට ඔහුගේ වැරදි නිවැරදි කරගැනීමට හැකිවේවීද? ත්‍රාසය, භීතිය, සංත්‍රාසය කැටිකරගත් මේ චිත්‍රපටිය නරඹා, ඔබ මේ ප්‍රශ්නය විසදගන්න!

මේ චිත්‍රපටියේ, ලිංගිකත්වය පිළිබද වූ ඇතැම් දර්ශන හේතුවෙන්, මෙම චිත්‍රපටිය අවුරුදු 18ට වඩා වැඩි වූ පිරිසට යෝග්‍ය බව නිර්දේශ කර සිටිමි! එහෙනම්, තවමත් ලොව පුරා සිනමාශාලා වල සාර්ථකව තිරගත වන මෙම චිත්‍රපටිය නරඹා, ඔබලාගේ වටිනා අදහස්, යෝජනා හා චෝදනා පළ කර යන මෙන්, කාරුණිකව ඉල්ලා සිටිමි! නැවතත්, මෙම චිත්‍රපටිය සදහා උපසිරැසි නිර්මාණය කිරීමට අදහස ගෙන ආ සහ උදව් උපකාර කළ ධනුෂ්ක ලක්මාල් (Tharaka) සහෝදරයාට ස්තූතිවන්ත වන අතරම, මෙම චිත්‍රපටිය අපි වෙනුවෙන් වෙන් කළ HEDZටත් මගේ ස්තූතිය!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.4GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 790MB BRRIP TORRENT මෙතනින් ගන්න
310MB BRRIP TORRENT මෙතනින් ගන්න
700MB DIRECT LINKS මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 790MB BRRIP TORRENT මෙතනින් ගන්න
310MB BRRIP TORRENT මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් සමඟ ඉසුරු මධුසංඛවිසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment