Flash Point [2007] Sinhala Subtitles


Flash Point [2007] Sinhala Subtitles
Add to Favorites
Flash Point [2007] Sinhala Subtitles (88 min 39 sec)
02-06-2013 at 09:56 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 110 - Views: 10081



Tags:







ඔන්න, තවත් සුපිරි චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා! මේ වසරේ නිකුත් වූ Upside Down සහ Officer Down චිත්‍රපටි දෙකට සිංහල උපසිරැසි ලබා දීමෙන් පසු, 2007 වසරේ නිකුත් වුණු තවත් එක්තරා ජනප්‍රිය චිත්‍රපටියක් වන Flash Point චිත්‍රපටියේ සිංහල උපසිරැසි, මම අද ඔයාලට තිළිණ කරනවා! මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 6.7ක ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා! ඇත්තටම, මෙම චිත්‍රපටිය Hong Kong රටේ නිෂ්පාදනයක්! මේ චිත්‍රපටිය ගැන අදහස ගෙන ආ ඩිලාන් මේනක සහෝදරයාට, මම මුළින්ම ස්තූතිවන්ත වෙනවා! මෙම චිත්‍රපටියේ සිංහල උපසිරැසි නිර්මාණයට උපකාර කළ සමීර කරුණාරත්න සහෝදරයාටත් ස්තූතියි! එහෙනම්, අපි මේ චිත්‍රපටිය ගැන දළ අදහසක්, ඔයාලාගේ අවධානය සදහා පළ කරන්නම්...

මෙම චිත්‍රපටිය පොලිස් පරීක්ෂකවරයන් දෙදෙනෙක් මූලික කරගෙන දිවයයි! එක් අයෙක් ජුඈන් මා වන අතර, අනිත් පුද්ගලයා විල්සන් වේ. මොවුන් දෙදෙනා, සහෝදරයන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු කල්ලියක් පසුපස හඹායයි! විල්සන් එම කල්ලියේ සාමාජිකයෙකු වශයෙන් බැදී සිටිමින්, ඔවුන්ගේ රහස් ජුඈන් මාට දැනුම් දෙයි! දිනක්, මොවුන් තිදෙනාව අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කරන ජුඈන් මා සහ විල්සන්, එම මෙහෙයුම සාර්ථකව අවසන් කරගැනීමට අපොහොසත් වෙයි! නමුත්, බලාපොරොත්තු වූ පරිදි තිදෙනාව අල්ලාගැනීමට නොහැකි වුවත්, එක් අයෙක් අල්ලාගැනීමට ඔවුන්ට හැකිවෙයි! අනිත් දෙදෙනා රටින් පළායයි. නමුත්, තම සහෝදරයාව බේරාගැනීමට ඔවුන් නැවතත් පැමිණේ. තම සහෝදරයාව බේරාගැනීමට, ඔහුට විරුද්ධව සාක්ෂි දීමට ඉදිරිපත් වී ඇති පුද්ගලයන් මොවුන් දෙදෙනාගේ ඊළග ඉලක්කය වේ. විල්සන් සහ සෑම් නැමැත්තෙක් මූලිකම සාක්ෂිකාරයන් වෙයි! ඉතින්, විල්සන්ට සහ සෑම්ට අත්වන ඉරණම කුමක්ද? ජුඈන් මා සහ විල්සන් තුන් කල්ලිය යටත් කරගනියිද? තුන් කල්ලියේ සහෝදරයෝ දෙදෙනා, තමාගේ අනිත් සොයුරාව බේරා ගනියිද? මෙවැනි ප්‍රශ්න රාශියක් මතු කරමින් මම නිහඩ වෙනවා!

මේ චිත්‍රපටිය නරඹා, ඔබගේ වටිනා අදහස් පළකර යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා! මෙම චිත්‍රපටියේ සිංහල උපසිරැසි 99%ක හොද ගුණාත්මක භාවයකින් යුක්ත වන බව, 100%ක් අපිට විශ්වාසයි! උපසිරැසි වල කිසියම් වැරැද්දක් දුටුවොත්, එම චෝදනාවත් පළ කර යන්න! මෙම චිත්‍රපටියේ සිංහල උපසිරැසි නිර්මාණයට දායකත්වය ලබාදුන් ඩිලාන් මේනක (DilanH) සහෝදරයාටත්, සමීර කරුණාරත්න සහෝදරයාටත් නැවතත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම, HEDZටත් ස්තූතිවන්ත වෙනවා! සියළුදෙනාට සුභම සුභ දවසක් වේවා!

[email protected]




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ, ඩිලන් මේනක සහ සමීර කරුණාරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment