THE LIABILITY [2013] Sinhala Subtitles


THE LIABILITY [2013] Sinhala Subtitles
Add to Favorites
THE LIABILITY [2013] Sinhala Subtitles (95 min 32 sec)
02-07-2013 at 09:33 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 96 - Views: 14164



Tags:







ඔන්න තවත් අළුත් චිත්‍රපටියක සිංහල උපසිරැසි තිළිණ කිරීමට, මම ආයෙත් ආවා! මේ වසරේ නිකුත් වූ The Liability චිත්‍රපටියේ සිංහල උපසිරැසි, මම අද ඔයාලට තිළිණ කරනවා! මේ චිත්‍රපටියේ හොද පිටපතක් නිකුත් වෙලා, දැන් සතියක් විතර වෙනවා! මේ උපසිරැසිය කඩිනමින් ඔයාලට දෙන්න අවශ්‍ය වූ නිසා, Triple Thunders කණ්ඩායමේ නිමන්ත ශිරෝමාල් සහෝදරයාත් (Dj|නිමන්ත) මේ කාර්යය සදහා මහගු වෙහෙසක් දැරුවා. ඒ හින්දා, මුළින්ම ඒ සහෝදරයාට, මම ස්තූතිවන්ත වෙනවා! මේ අපූරු චිත්‍රපටිය පිළිබදව අදහස ගෙන ආ HEDZටත් ස්තූතිවන්ත වෙනවා! එහෙනම් අපි මේ චිත්‍රපටිය පිළිබදව පොඩ්ඩක් කතා කරලා බලමු!

ඇඩම් නැමති අවුරුදු 19ක් වන තරුණයෙක් මූලික කොටගෙන, මෙම චිත්‍රපටිය දිවයයි. ඔහු තමාගේ සුළු පියාට ගෙවීමට ඇති ණයක් පියවීම සදහා, තමාගේ සුළු පියා භාරදෙනු ලබන රැකියාවකට යයි. පැය 24 පුරාවට වාහනයක් පැදවීම, මොහුගේ රැකියාවයි. මොහු වැඩ කරන්නේ, රෝයි නම් වූ මිනිහෙකුටය. ඔහු අපරාධකාරයෙක්ය. මොහුගේ අළුත්ම අපරාධ හවුල්කාරයා වන්නේ, ඇඩම්ය. මොවුන් දෙදෙනා ලැට්වියානු ජාතිකයෙකු මරා දමන අයුරු, එතනට පැමිණෙමින් සිටි තරුණියක් දකියි. මොවුන්ට ඇයව කොටු කරගැනීමට හැකිවෙයිද? මේ සියළු අපරාධ පිටුපස සිටින ප්‍රධානියා කවුරුන්ද? ඇඩම් හා රෝයි පොලිසියට කොටු වෙයිද? ඇඩම් තම සුළු පියාට වූ ණය පියවයිද? මේ සියළු ප්‍රශ්න චිත්‍රපටිය නරඹා විසදා ගැනීමට අවස්ථාව තබමින්, මම නිහඩ වෙනවා!

මෙම චිත්‍රපටියේ උප ප්‍රධාන චරිතය වන රෝයිට පණ පොවන්නේ, Tim Rothය. ඔහු සම්මාන 15ක් දිනාගත් සුප්‍රකට, දක්ෂ බ්‍රිතාන්‍ය ජාතික නළුවෙකි! ඒ වගේම, මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන Jack O'Connell, 2010 වසරේදී මොන්ටේ කාර්ලෝ චිත්‍රපටි සම්මාන උළලේදී හොදම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සමත් වී තිබේ. IMDB දර්ශකයේ 6.3ක ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගැනීමට, මේ වන විටත් මෙම චිත්‍රපටිය සමත් වී ඇත. තවමත් මෙම චිත්‍රපටිය එක්සත් රාජධානියේ තිරගත වී නැත. ඉතින්, මේ සියළු කාරණා වලින් පැහැදිලි වන්නේ, මෙය සැබැවින්ම ඉහළ ගුණාත්මක භාවයකින් යුතු චිත්‍රපටි නිර්මාණයක් බවයි! ඔයාලත් මේ අපූරු චිත්‍රපටිය, දැන්ම අරගෙන රසවිදින්න. 99%ක ඉහළ ගුණාත්මක භාවයකින් යුතු සිංහල උපසිරැසිත් අපි ඔයාලට දැන් දෙන හින්දා, කතාව පහසුවෙන්ම තේරුම් අරගෙන රසවිදීමේ හැකියාව ඔයාලට තියෙනවා! මේ සිංහල උපසිරැසියේ කිසියම් අඩුපාඩුවක් දැක්කොත්, අනිවාරෙන්ම එය පළ කරන්න. එතකොට, අපිට ඉස්සරහට ඒ වැරදි නිවැරදි කර ගැනීමේ හැකියාව තියෙනවා! එහෙනම්, මේ චිත්‍රපටිය ගැන අදහස ගෙන ආ HEDZටත්, උපකාර කළ නිමන්ත ශිරෝමාල් (Dj|නිමන්ත) සහෝදරයාටත්, නැවතත් ස්තූතිය පුද කරමින් මම නිහඩ වෙනවා! සියළු දෙනාට සුභම සුභ දවසක් වේවා!




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
790MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න
350MB Direct links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


790MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ සහ නිමන්ත ශිරෝමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment