Monster House [2006] Sinhala Subtitles


Monster House [2006] Sinhala Subtitles
Add to Favorites
Monster House [2006] Sinhala Subtitles (91 min 00 sec)
02-08-2013 at 09:59 AM
Uploaded by HEDZ

Rating: 5 after 5 votes

English Movies
Favorites: 113 - Views: 12388



Tags:







මේක ටිකක් පරණ චිත්‍රපටයක්. ඇත්තටම කිව්වොත් මේක Animation Movie එකක්. 2006වසරේදී Gil Kenanගේ අධ්‍යක්ෂණයෙන් සහ Jack Rapke හා Steve Starkeyගේ නිෂ්පාදනයෙන් බිහිවුන මේ චිත්‍රපටියට විධායක නිෂ්පාදනයෙන් සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ Steven Spielberg හා Robert Zemeckis එකතුවෙනවා. IMDB චිත්‍රපට දර්ශකයේ 6.7/10ක අගයක් රදවාගෙන ඇති මෙම චිත්‍රපටය එක් Oscar සම්මානයකට හා තවත් සම්මාන 18කට නාම යෝජනා ලබා තිබෙනවා. මිනිත්තු 91ක් පුරා දිවෙන මේ චිත්‍රපටය Steve Buscemi, Mitchel Musso, Sam Lernar හා Spencer Locke ගේ හඩවල් වලින් රසවත් වෙලා තියනවා.

හරි! දැන් එහෙනම් කතාවට බහිමු. මේ කතාව දිවෙන්නේ DJ කියලා වයස අවුරුදු 12ක් වෙන පුංචි ළමයෙක් සහ එයාලගේ නිවස ඉස්සරහා තියන තවත් නිවසක් වටා. දවසක් DJ ගේ දෙමව්පියෝ නගරෙන් පිටට යනවා ළමයි බලාගන්න කෙනෙක්ට DJ ව බලාගන්න එන්න කියලා. මේ අතරෙදි DJ එයාගේ යාලුවා වන Chowder සමග සෙල්ලම් කර කර ඉන්නකොට වැරදීමකින් එයාලගේ බොලේ ඉස්සරහා ගෙදර වත්තට යනවා. මේ ගෙදර ඉන්නේ Mr. Nebbercracker කියලා අසාමාන්‍ය විදිහට කේන්ති යන කෙනෙක්. කවුරුහරි එයාගේ වත්තට එන එක එයාට පෙන්නන්න බෑ. ඉතින් DJ එයාලගේ බෝලේ ගන්න Mr. Nebbercrackerගේ වත්තට යනවා. මේකට Mr. Nebbercrackerට කේන්ති ගිහින් DJ ට බනිනකොට එයාට පපුවේ අමාරුවක් හැදිලා බිම වැටෙනවා. මෙතන ඉදන් තමයි කතාව පටන් ගන්නේ. හරි ඉතින් කතාවේ වැඩිය කියන්න ගියොත් රසය නැතිවෙනවනේ. ඒක නිසා මේක බලලම කොහොමද කියන්නකෝ.

ආහ්! තව දෙයක්...මේක තමයි මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. ඉතින් ගොඩාක් දුරට වැරදි තියෙන්න පුලුවන්. ඒවුනාට කාතාවේ රසවින්දනයට ඒවා කිසිම බාධාවක් වෙන එකක් නෑ. එහෙනම් තවත් "රසවිදින්න" පුලුවන් චිත්‍රපටයකින් හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 600MB BRRIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 600MB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හර්ෂණ (R DUDE) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment