Argo[2012] Sinhala Subtitles


Argo[2012] Sinhala Subtitles
Add to Favorites
Argo[2012] Sinhala Subtitles (120 min 00 sec)
02-08-2013 at 05:50 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 170 - Views: 25981



Tags:







කාලේකට පස්සේ දාපු අමාරුම ඉංග්‍රිසි චිත්‍රපටිය තමයි මේක. මේක දාද්දි හිතුනා හින්දි චිත්‍රපටි වලටම උපසිරැසි දුන්නා නම් කොච්චර පහසුද කියලා.
කොහොම හරි මමත් මේ ෆිල්ම් එකේ වගේම මේ මෙහෙයුම අවසානයේ ජයගත්තා දින 5කට පස්සේ.මේ කතාව ගැන කියනවා නම් පවුලේහැමෝටම එකතු වෙලා බලන්න පුලුවන් කාලේකට පස්සේ ආව ත්‍රාසය කුතුහලය හැමතත්පරයකම රදවන කතාවක් ලෙස මට කියන්න පුලුවන්.මේ වගේ හොද කතාවක් ගුණාත්මක ටොරන්ට් පිටපතක් සමගින් තිලින කරන්න ලැබිමම සතුටක්.හොදම දේ හොදම විදියට ගන්න කැමති අය වගේම ෆිල්ම් එකක් ගුණාත්මක විදියට බලන්න කැමති කවුරුත් සුම් එකට එන බව නොරහසක්.අපි හැමදාම කැමරා කොපි නැති හොදම කොපි එක්ක ඔබට චිත්‍රපටි අරන් එන්න අප සුදානම්,ඒ වගේම ඔයාලගේ දැනුවත් කිරිමට මේ චිත්‍රපටියේ ආව 1080P YIFY පිටපතේ ලොකු ගැටලුවක් තියනවා.ඒක නිසා ඒ කොපි එක අරගන්න එපා.ෆිල්ම් එකේ අපි දිලා තියන 300MB කොපි එක ගුණාත්මක බවින් ඉහලයි.මොකද ඒ කොපි එක අරගෙන බලලා තියෙන්නේ.මේ සබ් එක හදන්න පොඩ්ඩක් අමාරුවිම නිසා මම මගේ අනාගත සහාකාරියවත් හවුල්කරගත්තා.එක නිසා 300කොපි එකත් අරන් අපි උපසිරැසි ගලපලා වගේම ෆිල්ම් එක ගැනත් බැලුවා.මේකේ YIFY පිටපත සමග ආව සබ් එකෙත් ගැටළු තිබුනා.ඒ වගේම මේ කතාවේ කාලවකවානු ගැන අනිවාර්යෙන් බලන කෙනා දැනුවත් වෙන්න ඕන.ඒක නිසා මේ සිදුවිම් කොයි වෙලාවේ කොහේද සිදුවන්නේ කියලා සවිස්තරව තියන උපසිරැසියකට තමයි උපසිරැසි දාන්න ගත්තේ.ඒක නිසා හොද විදියට ඔයාලට ෆිල්ම් එක බලන්න පුලුවන් වේවි.මේ චිත්‍රපටියේ කතාවට කලින් මේ චිත්‍රපටිය ගැන තව ටිකක් කියන්නම් මේ චිත්‍රපටිය විසින් IMDB දර්ශකයේ හොදම චිත්‍රපටි 250 අතර 240 වන චිත්‍රපටිය ලෙස හා 2013 AFI Awards වලදි හොදම චිත්‍රපටිය ලෙසත් ඔස්කාර් සම්මාන 7කට හා තවත් සම්මාන 44කට නිර්දේශ වෙලා තියනවා සියළු විස්තර මෙතැනින් දැනගන්න පුලුවන්.


මේ කතාව සම්පුර්ණයෙන්ම සත්‍ය කතාවක් බව කියන්න ඕන.ඉරානයේ ඇමරිකානු තානාදිපති කාර්යාලයට 1979 නොවැම්බර් මාසයේදි ඒ රටේ මිනිසුන් විසින් පහර දෙනවා.මේ පහාර දිමට හේතුවෙන්නේ ඉරානයේන් නෙරපා දැමු නායකයෙක් වන ෂා ට ඇමරිකාවේ පුරවැසිභාවය ලබා දිම හේතුවෙන්.
ඉරානයේ මිනිසුන් මෙයින් කුපිත වෙනවා.ඔවුන් එයට ගන්න විසදුම තමයි ඇමරිකානු තානාදිපති කාර්යාලයට පහර දිලා ඔවුන්ව ප්‍රාණ ඇපකරුවන් කරගැනිමට තැත්කිරිම.කලින් කිව්වා වගේම එක් දිනක් මොවුන් විසින් තනාපති කාර්යාලයට පහර දෙනවා.මේ කැරලිකරුවන් විසින් තනාපති කාර්යාලයට පහර දෙන විට එයින් සේවය කරන 6දෙනෙක් හොර රහසේ පැනයනවා.මොවුන්ට පිහිටට එන්නේ කැනඩා තනාදිපති මැදුරේ ඉන්න තනාපතිවරයා.ඉරානයේ කැරිලිකරුවන් දන්නේ නැ මොවුන් පැන ගිය විත්තියක්.නමුත් ඉක්මනින්ම ඔවුන් දැනගැනිමට ඉඩ තියනවා.ඊට කලින් මේ ඇමරිකානුවන් 6දෙනා සිය රටට කෙසේ හො පැනගන්න සිදුවෙනවා.නැත්නම් ඔවුන්ගේ ජිවිත මරනයෙන් තින්දුවෙන්න ඉඩ තියනවා.CIA සංවිධානයේ ටොනි මෙන්ඩ්ස් විසින් අපුරු පැලැන් එකක් ක්‍රියාත්මක කරනවා මොවුන්ව කැරලිකරුවන්ට අසුනොවි රැගෙන එන්න.ඒ මිෂන් එක තමයි ආර්ගෝ කියන්නේ.කුමක්ද මේ මෙහෙයුම? ඉරානයෙන් ඇමරිකානුවන් 6දෙනාට ජිවිතය ගලවාගෙන එන්නට හැකිවෙයිද? පවුලේ සැමටම එක ලෙස රසවිදිය හැකි ආර්ගෝ චිත්‍රපටිය මේ සියල්ලට උත්තර සපයාවි.ඒ වගේම චිත්‍රපටියේ අවසාන රුපරාමු නම් යන සියල්ල නරඔන්න.මම ඒ ගැන උපසිරැසි එක නරඔන කොටත් ඔබට දැක ගන්න ලැබේවි. චිත්‍රපටියේ අවසානයේ මම ඒ චිත්‍රපටියේ තිබ්බ වැකියකින්ම අවසන් කරන්නම්...


''මේ කතාවෙ පෙන්නපු විදියටම මේ දේවල් ඇත්තට සිද්ධවුනා.ඒත් මේ දේවල් වරදින්න බොහෝ ඉඩකඩ තිබුනා.ඒත් මේ සේරම සාර්ථක වුනාට පස්සෙ...මේ පිළිබඳ ඇත්ත හෙළිකලොත් හොඳවෙයි කියල අපිට හිතුනා...''





සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 750MB BRRIP TORRENT එක මෙතනින් ගන්න
300MB BRRIP TORRENT එක මෙතනින් ගන්න
800MB BRRIP DIRECT LINKS මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB BRRIP TORRENT එක මෙතනින් ගන්න
300MB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment