The Art of Getting By [2011] Sinhala Subtitles


The Art of Getting By [2011] Sinhala Subtitles
Add to Favorites
The Art of Getting By [2011] Sinhala Subtitles (83 min 00 sec)
02-14-2013 at 08:57 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 170 - Views: 19942



Tags:







පෙබරවාරි 14 වෙනිදා : ආදරවන්තයින්ගේ දවසේ, මම මගේ 14වෙනි උපසිරැසි නිර්මාණය සමග ආවා! අද දවස ගොඩක් පුද්ගලයන්ට විශේෂ දවසක්! ඒ හින්දා, අද දවසට ගැළපෙන අපූරු චිත්‍රපටියකට සිංහල උපසිරැසි අපි අරගෙන ආවා! පෙම්වතුන්ගේ දිනයට ගැළපෙන චිත්‍රපටියක් දුන්නේ නැත්තම් හරි නෑනේ! ඉතින්, මේ අපූරු දවසේ ඔයාලට තිළිණ කරන්න අපි Hedz එක්ක කතාබහ කරලා අපූරු චිත්‍රපටියක් තෝරගත්තා. 2011 වර්ෂයේ නිකුත් වූ, IMDB දර්ශකයේ 6.4ක ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගත් The Art Of Getting By චිත්‍රපටියේ සිංහල උපසිරැසි අපි ඔයාලට තිළිණ කරනවා! 16,943 දෙනෙක්ගේ ප්‍රතිචාර ඔස්සේ තමයි, මේ චිත්‍රපටිය 6.4ක ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න සමත්වෙලා තියෙන්නේ! මෙම චිත්‍රපටියේ සිංහල උපසිරැසි නිර්මාණයටත්, හැමදාම වගේ මාත් එක්ක සිංහල උපසිරැසි අරගෙන එන ඩිලාන් මේනක සහෝදරයා, අදත් සෑහෙන මහන්සියක් දැරුවා! ඒ හින්දා ඔහුටත් ගොඩක් ස්තූතිවන්ත වන අතරම, මේ චිත්‍රපටිය ගැන අදහස ගෙන ආ Hedzටත් මගේ ස්තූතිය පුද කරනවා! හැමෝම අද තමන්ගේ පෙම්වතාට හෝ පෙම්වතියට මොනාවාහරි තෑගි කරන්න හිතාගෙන ඉන්නවා ඇති නේද? එහෙම හිතාගෙන නැත්තම් තමා පුදුමේ! ඉතින්, අපි දෙන්නාත් මේ උපසිරැසි නිර්මාණය අපේ පෙම්වතියන් වෙනුවෙන් තමා නිර්මාණය කරන්න හිතුවේ! එහෙනම් මේ ආදරය කැටි කරගත් අපූරු චිත්‍රපටිය, ඩිලාන්ගේ ආදරණීය හිමාෂි වෙනුවෙනුත් මගේ ආදරණීය මිහිරි වෙනුවෙනුත් තිළිණ කරනවා! අපි දැන් චිත්‍රපටිය දිහාවට පොඩ්ඩක් හැරිලා බලමු!

මේ චිත්‍රපටිය ජෝර්ජ් නැමති තරුණයෙකු මූලික කොටගනිමින් දිවයයි! ජෝර්ජ් කියන්නේ අමුතුම තරුණයෙක්! ඔහු තමාගේ ජීවිතය ගැන නිතරම අසුභවාදීව හිතන්න පුරුදු වෙලා ඉන්නවා. ඔහු යාළුවෝ ආශ්‍රය කරන්නවත්, ඉගෙන ගන්නවත් කිසිම උනන්දුවක් දක්වන්නේ නෑ! පන්තියේ ඉදගෙන ගුරුතුමාගේ එකම වචනයකටවත් සවන් නොදී, පොතක කුරුටු ගාන එක තමා ඔහුගේ විනෝදාංශය! මේ හින්දා, නිතරම වගේ ජෝර්ජ්ට විදුහල්පතිතුමාව මුණගැහෙන්න යන්න වෙනවා. එක් දවසක්, ඔහු පාසලේ සිටින ගෑණු ළමයෙක්ව පොඩි ප්‍රශ්නයකින් බේරා ගන්නවා. මේ උදව්ව හින්දාම, ඒ ගෑණු ළමයායි ජෝර්ජුයි හොද යාළුවෝ වෙනවා. මේ තරුණියගේ නම සැලී! සැලී ඔස්සේ ජෝර්ජ් තවත් යාළුවෝ ඇති කරගන්නවා! ජෝර්ජ්ගේ මුළු ජීවිතයම වෙනතකට හැරෙනවා. මම කළින් කිව්වා වගේ, ජෝර්ජ් නිතරම පොතක කුරුටු ගානවා. ඇත්තටම, ඔහුට ලස්සන චිත්‍ර ඇදීමේ සහජ කුසලතාවයක් තියෙනවා. නමුත් ඔහුට තියෙන ලොකුම ගැටළුව තමා, ඔහු මොනවද අදින්න අවශ්‍ය කියලා ඔහුට වටහාගන්න බෑ! මේ ප්‍රශ්නයට ජෝර්ජ් නිතරම පිළිතුරක් සොයාගන්න උත්සාහ කරනවා. එක් දවසක්, විදුහල්පතිතුමාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමට ගොස් ජෝර්ජ්ට අපූරු යාළුවෙක් එකතු වෙනවා. ඩස්ටින් හීල්ත් නම් මොහු වෘත්තීමය චිත්‍ර ශිල්පියෙක්! ඩස්ටින් ජෝර්ජ්ගේ හා සැලීගේ යාළුකම ආදරයකට පෙරළවීමට ජෝර්ජ්ට අමුතු අදහස් දෙනවා. ජෝර්ජ් තමා සැලීට ආදරය කරන බව තේරුම් ගන්නවා. ඉතින්, ජෝර්ජ් සැලීගේ ආදරය දිනා ගනියිද? සැලීට වෙන පෙම්වතෙක් සිටිනවාද? ඩස්ටින්ගේ අරමුණ මොකක්ද? ජෝර්ජ් චිත්‍ර ශිල්පියෙක් වෙයිද? ආදරය ගැන කියැවෙන මේ අපූරු චිත්‍රපටිය නැරඹුවොත් ඔයාලට මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙයි!

මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Freddie Highmore නම් ලස්සන තරුණ නළුවා! අවුරුදු 20ක් වූ Freddie, මේ වන විටත් සම්මාන 10ක් දිනාගැනීමට සමත්වෙලා තියෙනවා! ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ, චිත්‍රපටියේ ගුණාත්මකභාවය ඉතා ඉහළයි කියලා. සිංහල උපසිරැසිත් 99.9%ක්ම හොද ගුණාත්මකභාවයකින් තියෙනවා කියලා, අපි ඔයාලට සහතික වෙනවා. නැවතත්, මේ ආදරය කැටි කරගත් අපූරු චිත්‍රපටිය, ඩිලාන්ගේ ආදරණීය හිමාෂි වෙනුවෙනුත් මගේ ආදරණීය මිහිරි වෙනුවෙනුත් තිළිණ කරන බව මතක් කරනවා! Hedzට විශේෂ ස්තූතිය පුද කරන අතරම, සියළුදෙනාට ආදරයෙන් පිරුණු දවසක්ම වේවා කියලා සුභ පතනවා! අද දවසට පමණක් සීමා නොවී හැමදාම සියළු සත්ත්වයන්ට ආදරය කරන්න! මම මේ චිත්‍රපටියේ දැකපු ලස්සන වදන් කිහිපයකින් මගේ කතාව නිම කරනවා!

"අපි ජීවත්වෙන්නේ තනියම, අපි මැරෙන්නේ තනියම,
අනිත් සියල්ලක්ම මායාවක් පමණයි!"



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 600MB BRRIP එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 600MB BRRIP එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛසමඟ ඩිලන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment


(function(i,s,o,g,r,a,m){i['GoogleAnalyticsObject']=r;i[r]=i[r]||function(){ (i[r].q=i[r].q||[]).push(arguments)},i[r].l=1*new Date();a=s.createElement(o), m=s.getElementsByTagName(o)[0];a.async=1;a.src=g;m.parentNode.insertBefore(a,m) })(window,document,'script','//www.google-analytics.com/analytics.js','ga'); ga('create', 'UA-56778863-1', 'auto'); ga('send', 'pageview');