The Twilight Saga: Breaking Dawn-Part 2[2012] Sinhala Subtitles


The Twilight Saga: Breaking Dawn-Part 2[2012] Sinhala Subtitles
Add to Favorites
The Twilight Saga: Breaking Dawn-Part 2[2012] Sinhala Subtitles (115 min 00 sec)
02-14-2013 at 02:26 PM
Uploaded by HEDZ

Rating: 5 after 7 votes

English Movies
Favorites: 227 - Views: 38941



Tags:






හැමෝටම සුභ දවසක් වේවා! ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ ලෝකයේ ජනප්‍රියම වැම්පයර් වරුන්ගේ ආදර කතාවේ අවසාන කොටසයි .The Twilight Saga: Breaking Dawn - Part 2 කොටස . මේකේ පලවෙනි කොටසටත් සබ් එක දුන්නේ මම. අපේ HEDZ ගේ ඉල්ලීමක් නිසා මේ කොටසටත් සබ් එක දෙන්න උනා. මේකේ පලවෙනි කොටසටත් සබ් එක දැම්ම නිසා මේ කොටසට සබ් දාන එක ටිකක් පහසු උනා . ඒවගේම මෙම ෆිල්ම් සෙට් එකේ පසුගිය කොටස් හැම එකකම සබ් එක දීලා අවසානයි. ඔයාලා කවුරුත් මේ ෆිල්ම් සෙට් එක ගැනම හොදින් දන්නවනේ ,

මිනිත්තු 115 ධාවන කාලයකින් Adventure | Drama | Fantasy යන කාණ්ඩ වර්ගීකරණය යටතේ, 68,309 කට අධික ප්‍රේක්ෂක ප්‍රතිචාරයෙන් IMDB අගයන් 5.8ක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Bill Condon අධ්‍යක්ෂකවරයා විසිනි.

Kristen Stewart - බෙලා ස්වාන් ලෙසත්,
Robert Pattinson - එඩ්වඩ් කලන් ලෙසත් ,
Taylor Lautner - ජේකබ් බ්ලැක් ලෙසත්, රංගනයෙන් දායකවෙනවා.
එහෙනම් මෙම කොටසේ කතාව ඩිංගක් කියන්නම් ,
ඔයාලා අනිවාර්යෙන්ම මේකේ පලවෙනි කොටස, එනම් The Twilight Saga: BreakingDawn - Part 1 බැලුවනම්, එම කොටසෙදි බෙලාට දරුවෙක් ලැබෙනවා මතක ඇතිනේ , එයාගේ නම රෙනේස්මි. ඉතින් කලන් පවුලේ හැමෝම රෙනේස්මිත් එක්ක සතුටින් කාලය ගෙවනවා ටික කාලයක් යද්දි වුල්චූරිලා දැනගන්නවා රෙනේස්මි අමරණීය දරුවෙක් කියලා , අමරණීය දරුවෙකුට මුළු ගමක්ම එකවැර විනාශ කරන්න පුළුවන් , අන්න ඒ නිසා වුල්චූරිලා රෙනේස්මිව විනාශ කරන්න පැමිණෙනවා . මේ අතර එඩ්වඩ් , බෙලා, ජේකබ් ඇතුළු අනෙකුත් යාළුවන් සියළු දෙනා එකතු වි රෙනේස්මි කියන්නේ අඩක් මිනිස් අඩක් අමරණීය දරුවෙක්" බව ඔප්පු කරන්නට සාක්ෂි එකතු කරනවා , ලෝකේ වටෙන්ම ඔවුන් සාක්ෂිකරුවන්ව කැදවනවා.
ඉතින් ඒ සාක්ෂිකාරයින් සමඟ එකතු වි බෙලාට, එඩ්වඩ්, ජේකබ්ට රෙනේස්මිව බේරගන්න පුළුවන් වෙයිද කියලා දැකගන්නටනම් අනිවාර්යෙන්ම ෆිල්ම් එක අරගෙන බලන්න වෙනවා .

මිට කලින් ආව TWILIGHT චිත්‍රපටි මාලාවේ ඉතුරු කොටස් නරඔලා නැත්නම් මේ ලින්ක් එකෙන් ගිහින් TWILIGHT SAGA MOVIE COLLECTION සේරම කොටස් සිංහල උපසිරැසි සහිතවම අරගන්න. පුළුවන්නම් විතරක් සබ් එක ගැන පොඩි අදහසක් දාලා යන්න කියලා ඉල්ලා සිටිනවා . ඔයාලගේ අදහස් වලින් තමයි අපි තෘප්තිමත් වෙන්නේ, අපේ කාළය වැයකරලා ඔයාලට තේරෙන භාෂාවෙන්ම බලන්න ලස්සන ෆිල්ම් අරගෙන එන්නේ අන්න ඒ නිසයි. ජයවේවා!!!.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.7GB BRRIP Torrent file එක මෙතනින් ගන්න
720P 900MB BRRIP Torrent file එක මෙතනින් ගන්න
350MB BRRIP Torrent file එක මෙතනින් ගන්න
800MB BRRIP Direct Links මෙතැනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 900MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment