London Paris New York [2012] Sinhala Subtitles


London Paris New York [2012] Sinhala Subtitles
Add to Favorites
London Paris New York [2012] Sinhala Subtitles (100 min 00 sec)
02-15-2013 at 09:45 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 123 - Views: 14494



Tags:







''හිදිවි කොතැනක හෝ හිමිකාරයා උපන් ඔබේ නමින්'' ඔන්න ඔතනට හිමිකාරිය කියලා දාලා කියන්නත් අපිට පුලුවන්.ඇත්තටම අපේ ජිවිතේ හිමිකාරිය කොයි වෙලාවේ කොයි මොහොතක හමුවෙයිද කියන්න නම් අපි දන්නේ නැ.සමහර හර විට වැරදි ඇමතුමකින්..නැත්නම් ක්ලාස් එකේදි ක්ෂනිකව ඇතිවෙන බැල්මෙන්..ෆෙස්බුක් එකෙන්..නැත්නම් මගතොටෙදි..බස් එකේදි මේ ඕනම තැනකදි අනපේක්ෂිත හමුවිමකින් තමන්ගේ හිමිකාරිය තමන්ව හොයාගෙන එන්න පුලුවන්.මේ එකකින්වත් හම්බුනේ නැත්නම් අන්තිමට ගෙදරින් හොයලා දෙන ප්‍රොපෝසල් එකේදි හරි හමුවෙන්නේ තමන්ගේ ඉරණම් කාරි ඉරණම්කාරයා වෙන්න පුලුවන්.එහෙම හරි කෙනාම හම්බුනාම කොච්චර රණ්ඩු උනත් කොච්චර ප්‍රශ්න ආවත් වෙන් උනත් නැවතත් යාළුවෙනවා අනිවාර්යෙන්.ඒ අනිවාර්යෙන් තමන්ගේ ජිවිතේ තේරුම් ගන්න පුලුවන් හොදම කෙනා එයා බව දන්න නිසා.දැන් මේ කට්ටිය බලනවා ඇති මේ මොකක්ද මේ මම කියවන්නේ කියලා...මේ කියපු කතාව අපි බලන්න යන චිත්‍රපටියට සම්බන්ධයි.මේක අපි වැලන්ටයින් දවසට දෙන්න හදපු 3වැනි චිත්‍රපටිය.නමුත් දැන් මේක 4වැනි චිත්‍රපටිය උනා.මොකද එක පාරටම ටුවිලයිට් එකේ වැම්පයර්ලා සෙට් එකක් දවල් චිත්‍රපටියේ වෙලාව අල්ලගත්තා..දවල් එකේ කට්ටිය රාත්‍රි වෙලාව අල්ලගත්තා...එක නිසා අපි වැලන්ටයින් එකට පහුවෙනිදා වෙලාව අල්ලගත්තා..වැලන්ටය ින් වලට පහුවෙනිදා කියලා අවුලක් නැහැ ..ආදරේ තියනවා නම් හැමදාම වැලන්ටයින් නේ නේද...තවත් දෙයක් මතක් කරන්න ඕන.මේ චිත්‍රපටිය උපසිරැසි දාන්න උදව් උන ඉසුරු මධුසංඛ සොහොයුරාටත් බොහොම ස්තුතියි.ඉසුරු වගේ ඉතා ඉක්මනින් හොද ෆිල්ම් දෙන යාළුවෙක් එක්ක සබ්එකක් දාන්න ලැබිමම සතුටක්.


හරි ෆිල්ම් එකේ කතාව මේකයි...නිකිල් හා ලලිතා කියන්නේ ඉන්දියාවේ ඉදන් ලන්ඩන් වලට එකම ගුවන් යානයේ යන දෙන්නෙක් නමුත් මේ දෙන්නා එකිනෙකාට අදුනන්නේ නැ.කොහොම හරි ලලිතා ලන්ඩන් වලට ඇවිත් ඇමරිකාවට යන්නයි ඉන්නේ නමුත් ලන්ඩන් වලට ගුවන් යානය එන්න පරක්කු උන නිසා ලලිතාට ඇමරිකාවට යන ගුවන් යානය මගහැරෙනවා.කොහොම හරි නිකිල්ට ලලිතාව අහම්බෙන් මෙන් ගුවන්තොටුපලේදි හම්බවෙනවා.දෙන්නා පොඩ්ඩක් කතා කරලා මිතුරු වෙනවා.නොදන්න රටක තමන්ගේ රටේ කෙනෙක් දැක්කම කතා නොකර ඉන්නේ නැ නේ.එක නිසාද මන්දා දෙන්න හොදින් මිතුරු වෙනවා.ලලිතාට ඇමරිකාවට යන ගුවන් යානය මගහැරුන නිසා ඇයට පහුවදා තමයි නැවතත් යන්න වෙන්නේ.ඉතින් ඇය හිතනවා යාළුවෙක්ගේ ගෙදර නවතින්න..නමුත් යාළුවත් ඒ දවසේ ඒ රටේ නැ.දැන් ලන්ඩන් වල තනියම කොහොමද රැයක් ගෙවන්නේ.මේ සේරම වෙන අතරතුර නිකිල් ලලිතා ලගට වෙලා සේරම බලන් ඉන්නේ.නිකිල් ලලිතාට පොඩි යෝජනාවක් කරනවා.ඒ තමයි දවසක් තියන නිසා එයත් එක්ක ලන්ඩන් නගරේ පොඩි සවාරියක් යමු කියලා.එකපාරටම පොඩි වෙලාවකින් දැනගත්ත කෙනෙක් මේ විදියේ යොජනාවක් කලාම ලලිතා අකමැති වෙනවා.නමුත් නිකිල් කරුණු පැහැදිලි කරලා දෙනවා කිසිම ගැටළුවක් ඇති කරගන්න එපා.විනෝදෙන් දවසක් ඉන්න එයා එක්ක ලන්ඩන් වල රවුමක් යමු කියලා.පස්සේ ලලිතාත් කැමති වෙලා යනවා...නමුත් මේ දවස ඔවුන්ගේ ජිවිත වල අමතක නොවන දවසක් වෙනවා...
මේ දවස නිසා දෙන්නා ගේ හිතට සියුම් වෙදනාවක් වගේම සියුම් සතුටකුත් ලබන්න හැකි වෙනවා..ඇත්තටම මේ දවස ඔවුන්ගේ ජිවිත අවුරුදු 6ක් පුරාවට වෙනස් කරන්න සමත් කරනවා...මෙතනින් එහාට කතාව අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා...


ත්ලාෂ් චිත්‍රපටියේ තවමත් හොද කොපියක් නැති නිසා දෙන්නම් වාලේ සවුන්ඩ් අවුල් කැම් කොපි වලට නොදෙන නිසා මම හිතුවා මේ වගේ ලස්සන චිත්‍රපටියක් ඒ වෙනකම් ඔයාලට දෙන්න. චිත්‍රපටියක් බලනවා නම් ගුණාත්මක භාවයකින් නරඔන්න ඕන නේ.එන්න එන්න ලෝකය ඉස්සරහාට යනවා
DVD බලන ප්‍රතිශතයද අඩුවෙලා Bluray 720P 1080P බලන ප්‍රතිශතය වැඩි වෙලා.ඉතින් එහෙම වෙද්දි ආපහු කැම්කොපි වලට උපසිරැසි දෙන්න මම නම් කැමති නැහැ.අනික ඔයාලගේ රසවින්දනය මොට කරන්න උවමනා නැහැ.බඩගිනි උනත් සිංහයා තණකොල කන්නේ නැ නේ.ඒ වගේ මම දන්නවා සුම් එකේ රසිකයෝ ටිකක් කල් ගියත් නිතරම හොද දේවල් විතරයි ගන්නේ කියලා.තව පොඩි කාලයක් ඉවසන් ඉදලා ත්ලාෂ් හොද කොපියක්ම බලමු.මේ වගේ එවා කියන එකයි ටයිප් කරන්න යන ඉඩයි දෙකම අපරාදේ හැබැයි මේ දෙවල් කිව්වේ අපෙන් අහලා එවනවා ඒක දෙන්නේ නැත්තේ ඇයි කියලා වගේම අලුත් ෆිල්ම් එකක් දුන්නොත් මේ කැම් කොපියක්ද අහනවා.අන්න එහෙම අහන අයගේ දැනුවත් කිරිමට.ඔයාලට සුම් අපි දෙන්නේ හොදම දේවල් විතරයි.ත්ලාෂ් හොද කොපි එකක් එතකම් මේ වගේ ලස්සන ෆිල්ම් සෙට් එකක්ම මම අරන් එන්නම්.මේ අද දුන්න ලස්සන හින්දි චිත්‍රපටියක් අනිවාර්යෙන් නරඔන්න.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 750MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න
690MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න
690MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත සමඟ ඉසුරු මධුසංඛවිසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment