The Texas Chainsaw Massacre - The Beginning [2006] Sinhala Subtitles


The Texas Chainsaw Massacre - The Beginning [2006] Sinhala Subtitles
Add to Favorites
The Texas Chainsaw Massacre - The Beginning [2006] Sinhala Subtitles (91 min 00 sec)
02-16-2013 at 10:04 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 68 - Views: 8089



Tags:







ඔන්න, මම කළින් පොරොන්දු වුන විදියට දවස් කිහිපයක් ඇතුළත The Texas Chainsaw කතා මාලාවේ දෙවැන්නට සිංහල උපසිරැසි අරගෙන ආවා! මගේ අනෙකුත් නිර්මාණ වලට වගේම, මේ නිර්මාණයටත් බෑ නොකියා ඉසුරු මධුසංඛ පෙරේරා සහෝදරයා ලොකු උදව්වක් ලබා දුන්නා! මේ දවස් වල වැඩි පුරම ඔයාලට නිර්මාණ ලබාදෙන්නේ, ඔහු කිව්වොත් මම නිවැරදියි මගේ හිතේ... එහෙනම් අපි සලරුව ගැන පොඩ්ඩක් කතා කරලා බලමු!

කළින් චිත්‍රපටියට මෙන්ම, මේ චිත්‍රපටියටත් පාදක වෙන්නේ එකම කතාවයි! මේ චිත්‍රපටියේ තියෙන්නේ, මේ භීෂණයේ ආරම්භය ගැනයි! කළින් කතාවේ මෙන්ම මේකටත් ගොදුරු වෙන්නේ, තරුණයින් සිව්දෙනෙක්! ඒ වගේම හෙවිට් වලව්වේ අතීත කතාවත්, මෙයින් මැනවින් පෙන්නනවා... මේ සලරුව ගැන වැඩි විස්තර කියන්න ඕනා නෑ! මොකද ගොඩක් කිව්වාම කතාවේ අගය පිරිහෙනවා කියලා කතාවක් තියෙනවානේ! හැබැයි මේක නරඹන්න කළින් පළවෙනි එක අනිවාර්යයෙන්ම බලලා ඉන්න! ඒකත් බලලා මේක බැලුවොත් තමා කතාව තේරුම් ගැනීම පහසු වෙන්නේ! ඒ වගේම මෙයත් Michael Bayගේ නිෂ්පාදනයක්! පළමු චිත්‍රපටිය ගැන දැකපු නැති අයට කියන්නේ, මේ චිත්‍රපටි පෙළ ඇමෙරිකානු ඉතිහාසයේ තියෙන සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවක්! ඒ හින්දා, අනිත් චිත්‍රපටි මෙන් ගොතන ලද්දක් නොව මෙය සැබෑවටම සිදු වූවක් බව මතක තියාගන්න! මේක නරඹනකොට මේ වගේ මනුෂ්‍යයන් මෙලොව ඉන්නවාද කියලාත් හිතෙනවා! ඒත්, මේ වගේ මානසික විකෘතිතාවයන් තියෙන මිනිසුන් ජීවත්වෙන විෂම ලෝකයක අපි ජීවත් වෙන්නේ කියලා, මේ චිත්‍රපටිය බලපුවාම ඔයාලට තේරෙයි!

නැවතත්, මේ උපසිරැසි කරන්නට සහය ලබාදුන් ඉසුරුට ස්තූති කරනවා! ඒ වගේම, Hedz සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා! එහෙනම් තවත් අපූරු චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගෙන එන බවට පොරොන්දු වෙමින් මම නිහඩ වෙනවා! සියළු දෙනාට ත්‍රාසයෙන්, භීතියෙන් තොර සුභම සුභ දවසක් වේවා! පහත ඇති ලින්කු භාවිතා කර අපව සම්බන්ධ කරගන්න පුළුවන්!



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලාන් මේනක සමඟ ඉසුරු මධුසංඛ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment