Dabangg 2 [2012] Sinhala Subtitles


Dabangg 2 [2012] Sinhala Subtitles
Add to Favorites
Dabangg 2 [2012] Sinhala Subtitles (120 min 00 sec)
02-16-2013 at 08:32 PM
Uploaded by HEDZ

Rating: 4.88889 after 9 votes

Hindi Movies
Favorites: 165 - Views: 35242



Tags:







ඔන්න ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු Dabangg 2 චිත්‍රපටියේ හොද පිටපතක් අද උදේ හතට විතර නිකුත් වුනා! පැය 15ක් ඇතුළත අපි මේ චිත්‍රපටියේ උපසිරැසි ඔයාලට තිළිණ කිරීමේ අභියෝගය සාර්ථකව ජයගත්තා! මේ චිත්‍රපටියේ පළවෙනි කොටස වන Dabangg සූම් අඩවියේ මීට බොහෝ කලකට පෙර පළ කෙරුවා ඔයාලට මතක ඇති! මේ උපසිරැසිය නිර්මාණය කිරීමේදී තාරක අයියාගේ කැපවීම අගය කළ යුතුමයි! ඔහු මෙහි වැඩි ලයින් සංඛ්‍යාවක් ඉතාම කෙටි කාලයකින් පරිවර්තනය කළා! ඒ හින්දා තාරක (Dhanushka Lakmal) අයියාට මුලින්ම ස්තූතිවත්න වෙනවා. මෙම උපසිරැසිය ඉතා ඉක්මනින් ඔයාලට තිළිණ කරන්න, ඩිලාන් (DilanH) සහෝදරයාත් ලොකු මහන්සියක් දැරුවා! ඔහුටත් ස්තූතිවන්ත වෙනවා! විශේෂයෙන්ම ස්තූතිවන්ත කළ යුතුම පුද්ගලයා වෙන්නේ Hedz! ඔහු මේ උපසිරැසිය වෙනුවෙන් පුදුමාකාර වෙහෙසක් දැරුවා! ඔහුට බොහෝමත් ස්තූතිවන්ත වෙනවා! එහෙනම් අපි සළරුව ගැන පොඩ්ඩක් කතා කරමු!

කළින් චිත්‍රපටිය වගේම මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය වෙන්නේ චුල්බුල් පාණ්ඩේ! මේ චිත්‍රපටියේදී චුල්බුල් පාණ්ඩේව කන්පූර් පොලිස් ස්ථානයට මාරු කරනවා. මැරයෝ කට්ටියක් පාසල් ශිෂ්‍යයෙක්ව පැහැරගෙන යනවා. ඉතින් පාණ්ඩේ තමන්ගේ සුපුරුදු සටන් ක්‍රම භාවිතා කරලා, මැරයෝ කට්ටියට හොදට නෙළලා, ඒ ධනවත් පාසල් ශිෂ්‍යාව බේරගන්නවා! මේ අතර කන්පූර් නගරයේ එක් ස්ථානයක, බච්චා බයියා නැමති පුද්ගලයාගේ කුළී මැරයෙක් ඔහුට විරුද්ධ වූ අයෙක්ව මරා දානවා! චුල්බුල් පාණ්ඩේ ඒ කුළී මැරයා හඹාගොස් ඔහුව මරාදානවා. බච්චා බයියා ඡන්ද වැඩවල නිරතවෙන නිසා පාණ්ඩේගේ ප්‍රශ්නය ගැන වැඩිය තකන්නේ නෑ! ඒත් කලබල කිහිපයක් සිද්ධවෙන නිසා බච්චා බයියාගේ බාල සහෝදරයා වන ගෙන්ඩා පාණ්ඩේගේ ප්‍රශ්නය සමථයකට පත්කරන්න ඉදිරිපත් වෙනවා! ඒ අනුව, ගෙන්ඩා චුල්බුල් පාණ්ඩේගේ සුළු පියාට ඔහුගේ පවුලම මරන බව කියමින් ඔහුට තර්ජනය කරනවා! ඉතින් චුල්බුල් පාණ්ඩේ තමන්ගේ මෙහෙයුම නවත්තයිද? ඔහු නොනැවතුනොත් ගෙන්ඩා හෝ බච්චා බයියා ඔහුගේ පවුල මරා දමයිද? චුල්බුල්ගේ ඊළග පියවර කුමන ආකාරයක් ගනියිද? මේ සියළු ප්‍රශ්න චිත්‍රපටිය බලලාම විසදගන්න!

පළවෙනි චිත්‍රපටිය ගැන නොදන්නා කට්ටියට කියන්නේ, මේක සල්මන් ඛාන් රංගනයෙන් දායකත්වය ලබාදෙන සුපිරි සටන් ජවනිකා වලින් යුක්ත ලස්සන චිත්‍රපටියක්! ඔයාලා පළවෙනි චිත්‍රපටිය වන Dabangg බැලුවොත් මේක පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්! එහෙනම් නැවතත් තාරක සහෝදරයාටත්, ඩිලාන් සහෝදරයාටත්, Hedz සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා! මේ තරම් ඉක්මනට වෙන කිසිම අඩවියකින් හොද, ගුණාත්මක භාවයකින් යුතු කොපි සමග සිංහල උපසිරැසි ලැබෙන්නේ නෑ! මට නම් හොද ගුණාත්මක භාවයකින් යුක්ත කොපියක් නැතුව චිත්‍රපටි නරඹන එකේ කිසිම රසයක්, තෘප්තියක් දැනෙන්නේ නෑ! ඔයාලටත් එහෙම නම් හැමදාම සූම් එක්කම රැදෙන්න කියමින් මම නිහඩ වෙනවා! කට්ටියටම සුභ රාත්‍රියක් වේවා!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 890MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න
1.4GB DVD RIP TORRENT එක මෙතනින් ගන්න
700MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න
375MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න
700MB DVD RIP DIRECT LINKS මෙතනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(තාරක),ඉසුරු මධුසංඛ සමඟ ඩිලන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment