Red Dawn [2012] Sinhala Subtitles


Red Dawn [2012] Sinhala Subtitles
Add to Favorites
Red Dawn [2012] Sinhala Subtitles (93 min 00 sec)
02-20-2013 at 08:28 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 179 - Views: 29473



Tags:







වර්තමානයේ කතාබහට ලක්විය යුතු සැබෑ කාරණාවක් විදහා දක්වන චිත්‍රපටයක් තමය අද ඔයාලට දෙන්නේ, බොහෝ දෙනා මේ වන විටත් මෙම චිත්‍රපටය අපේක්ෂාවෙන් සිටි බව අමුතුවෙන් ප්‍රකාශ කරන්න ඕන නෑනේ. මේ වන විට බොහෝම යුධ ශක්තීන් තියෙන රටවල් අතරින් උතුරු කොරියාව ඉහලට ගියපු රටක් වගේම, අනෙකුත් රටවල්වලට මොවුන්ගේ අත්හදාබැලීම් විශාල තර්ජනයක් වී තිබෙනවා, සැබෑ ලෝකයේ සිදුවන මෙම සිදුවීම් අලලා ඉතා සාර්ථකව මෙය නිර්මානය කර තිබෙනවා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අප දන්න තරමින් ඇමරිකාව කියන්නේ සෑම දෙයක්ම අතින් වෙන අටකට වඩා කොහෙත්ම හිස නැමීමට අකමැති රටක් ලෙසනේ, අඩුම ගානේ චිත්‍ර පටයකින්වත් වෙනත් රටක ශක්ති පෙන්වීමට අකමැති රජ්‍යක්, එත් රෙඩ් ඩවුන් කියන චිත්‍රපටයේ තනිකරම දුවන්නේ ඇමරිකානු ජාතිකයන් උතුරු කොරියානුවන්ගෙ ආක්‍රමනයකට ලක්ව අපහසුතවයකට ලක්වෙලා, පසුව ඇමරිකානුවන් ශක්තිමත් වන කතාවක්, ඒ නිසා මම නම් හිතන්නේ ඇමරිකානු චිත්‍රපට කලාවේ වෙනත් රටකට බොරුවට හරි යටත් වුන සිද්ධියක් පෙන්වූවෙ මේ චිත්‍රපටනෙි, සැබැවින්ම කියන්න ඕන කාරණයක් තියෙනවා, ඒ තමයි උතුරු කොරියාවෙ සත්‍ය ජීවිතයේදිත් මේ හා සාපේක්ෂව සෑම රටකටම පාහේ ආක්‍රමණ ශීලී ප්‍රති පත්තියක් ගෙන යන බවයි.

කතාව ගැන ටිකක් කිව්වොත් මෙහෙමයි, ජෙඩ් හා මැට් කියන්නේ සහෝදරයන් දෙදෙනෙක්. මොවුන් ටික කාලයක් වෙන්වෙලා එකට කාලය ගතකරන්න පටංගන්නවාත් සමගම අදහා ගන්නත් බැරි විදිහට කොරියානු සෙබළුන් මුළු අහසෙම යානා පුරවගෙන ඔවුන්ගෙ ප්‍රදේශය ආක්‍රමනය කරනවා, ජෙඩ් හා මැට් ගේ පෙර පිනකට ඔවුන් දන්නා කැලයකට ඔවුන්ගෙ දන්නවා යාළුවන් සමග පැන යනවා. එහෙම ගියත් ආක්‍රමණිකයින්ගෙන බේරීමක් නෑ, ඒ වගේම කිසිම ඇමරිකානුවෙක්ට හිස ඔසවන්න දෙන්නෙත් නෑ, වචනයක් විරුද්ධව කතාකරත් මරණ දණ්ඩනය ලබාදෙනවා, එවැනිම සිද්ධියකට ජෙඩ් හා මැට් ගේ පියාට සිදුවනවා, තම පුතුන් දෙන්න බේරන්න ගිහින් පියාට ඝාතනය කරනවා, ඒ නිසා කලකිරීමකට හා කොපයට පත්වෙන ජෙඩ් හා මැට් ආක්‍රමණිකයන්ට විරුද්ධව කැරලි ගහන්නට පටං ගන්නවා, ඔන්න එතනින් තමයි කතාවට ප්‍රාණයක් ලැබෙන්න ගන්නේ.

වෙනත් ඇක්ෂන් චිත්‍රපට වල රගපානවට සාපේක්ෂව මේ චිත්‍රපටයේ අතිශය ජනාදරයට පත් සුපිරි තරු රැසක් රග දක්වනවා, විශේෂයෙන් Chris Hemsworth, Isabel Lucasහා Josh Hutcherson යන සුපිරි තරු, ඒ වගේම උතුරු කොරියානු හමුදා නායකයටත් රග දක්වන්නේ මුළු ලොවම ආදරය කරන කොරියානු සුපිරි නළුවෙක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Dan Bradley විසිනුයි. ඒ ව‍ගේම චිත්‍රපටයේ නිෂ්පාදනයට ඇමරිකානු ඩොලර් මිලියන 65 ක් පමණ වැය වී ඇති බවත් මේ වසර (2013) පෙබරවාරි 15 දක්වා ලැබුනු ආදායම ඇමරිකානු ‍ඩොලර් මිලියන 45 ක් වශයෙනුත් පෙන්වාදීම අත්‍යවශ්‍ය වේ. නිෂ්පාදන විදයමට වඩා ආදායමේ අඩුවීමක් පෙන්වීමට හේතුව වශයෙන් මට දිය හැකි පිලිතුර වන්නේ ඇමරිකානු ජනතාව වෙනත් ර‍ටක යටත් කෙරෙන චිත්‍රපටයක් නැරඹිමට ඇති අකමැත්ත බවයි. එහෙත් iMDB රේටින් වල 5.4 ක් වැනි හොද මට්ටමක් ලබාගෙන ලෝකෙට හොද නිර්මාණයක් බිහිකර ඇති බවයි මගේ පෞද්ගලික මතයයි, තවත් සුපිරි නිර්මාණයකින් හමුවෙමු, සැමටම සුභ දවසක්.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 800MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
350MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment