Talaash [2012] Sinhala Subtitles


Talaash [2012] Sinhala Subtitles
Add to Favorites
Talaash [2012] Sinhala Subtitles (131 min 00 sec)
02-21-2013 at 09:43 PM
Uploaded by HEDZ

Rating: 4.85714 after 7 votes

Hindi Movies
Favorites: 160 - Views: 31405



Tags:







කාලේකට පස්සේ බලපු හොදම ෆිල්ම් එකක් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා.මේ චිත්‍රපටියේ අද දවල් දෙන්න හැදුවත් පස්සේ කොපි එක අරන් බැලුවාම දැක්කේ ඉංග්‍රිසි සබ් එක ෆිල්ම් එකත් එක්ක පොඩි වෙලාවේ අඩුවිමක් තියනවා වගේ කියලා.කොපිය ගත්ත අය ඉංග්‍රිසි සබ් එක දාලා පේලේ කරලා බලන්නකෝ.සබ් පෙන්වන වෙලාව ටිකක් පරක්කුයි.අන්න ඒ නිසා ඒ අඩුවත් හදාගෙනම සබ් එක අරගෙන ආවා.මේ චිත්‍රපටියේ ගිත ටිකක් වෙනස්ම වර්ගයේ එවා.ඒක නිසා අනිවාර්යෙන් සිංදු ටිකත් උපසිරැසි ගන්වලා තියෙන්නේ.

මේක හින්දි ෆිල්ම් එකක් කියලා හින්දි බලන්න අකමැති අය නොබලා ඉන්නවා නම් ඒ අය කරන ලොකුම වැරැද්ද තමයි ඒක.මේ චිත්‍රපටිය ඇත්තටම වෙනස්ම විදියක කතාවක්.අපි හිතාගෙන ඉන්නවා කතාව අවසානයේ මේ විදියට වේවි කියලා එත් එක පාරටම මුළු අවසානයම වෙනස් වෙන්නේ අන්න ඒ වගේ අවසනයක් තියන චිත්‍රපටියත් සේත.මේ චිත්‍රපටියේ හරියටම පැය 2යි විනාඩි 1 තත්පර 30ට යන දර්ශනයට ඔයා අනිවාර්යෙන්ම පුදුම වේවි.හරි ඒකත් හිතේ තියාගෙන අපි කතාවට හැරෙමු.මුලින්ම චිත්‍රපටිය පටන් ගද්දිම වාහනයක් හදිසියේ අනතුරක් වෙලා මුහුදට වැටෙන දර්ශනයකින් තමයි පටන් ගන්නේ.මේ වටා තමයි මුළු කතාවම ගෙතෙන්නේ.මේ රිය අනතුරින් මිය යන්නේ ජනප්‍රිය ඉන්දියාවේ චිත්‍රපටිවල රගපාන නලුවෙක්.මේ නිසා මාධ්‍ය වලටද මේක ලොකු ප්‍රවෘත්තියක් වෙනවා.මේ ගැන විසදන්න තමයි ඉන්ස්පැක්ටර් ශේකාවත් (අමිර් ඛාන්) පැමිණෙන්නේ. මුලින්ම මේ රිය අනතුර මහා ලොකු පටලැවිල්ලක් කියලා ඔහුට තේරුම් යනවා.මොහු මේ පැටළුනු නුල් බෝලය එකින් එක ලිහාගන්න බලනවා.මේ අතර ඔහුගේ පවුලේ වුන සිදුවිමක් නිසාද යම්කිසි දුකකින් ඉන්නේ.ඒ සිදුවිමත් චිත්‍රපටිය බැලුවම දැනගන්න පුලුවන්.කෙසේ හෝ මේ වාහන අනතුර පිටුපස ලොකු කතාවක් ඇති බවට ඔහු වටහා ගන්නවා.අවසානයේ සිදුවන්නේ නොසිතු සිදුවිමකි...ඒ කුමක්ද? ඔබටත් අනිවාර්යෙන් සොයාබලන්න සිදුවේවි.

මේ චිත්‍රපටියේ කලින් ආව කැම්රිප් එකේ සබ් තිබුනේ 1200ක් පමණයි නමුත් අලුතින් ආව හොදම ඩිවිඩි රිප් එකේ ලයින් 1650ක් පමණ තිබුනා.අනික හදිසි වෙලා කැම් කොපි එක ගත්තා නම් සවුන්ඩ් ගැන වෙනස දැනෙන්න ඇතිනේ.ඒ නිසයි ඒ කොපි එක නොදුන්නේ.අද මේ දෙන කොපි එක 200%ක් ගුණාත්මක භාවයෙන් පිරුණු එකක්.එහෙනම් සුම් රසික ඔබට මේ චිත්‍රපටිය ලබා දෙනාවා මේ චිත්‍රපටිය ඇවිත් පැය 24කට වඩා උපසිරැසි එක නොදි තබා ගත්තාට සමාවෙන්න.එහෙනම් ලගදිම ඉංග්‍රිසි චිත්‍රපටියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 900MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
500MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
500MB Direct Links මෙතැනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
500MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment