Velayudham [2011] Sinhala Subtitles


Velayudham [2011] Sinhala Subtitles
Add to Favorites
Velayudham [2011] Sinhala Subtitles (160 min 39 sec)
02-24-2013 at 07:38 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Tamil Movies
Favorites: 143 - Views: 28846



Tags:







ඔන්න ටික කාලයකට පස්සේ මම චිත්‍රපටියක් අරගෙන ආවා.එකත් අපේ දමිළ චිත්‍රපටි රසිකයන් වෙනුවෙන්.මේ චිත්‍රපටිය ගැන මට ඉගියක් දුන්නේ මගේ යාළුවෙක් අරගෙන බැලුවාම ලස්සන චිත්‍රපටියක්.මේකේ රගපාන නළුවා ගැන නම් එකිනෙකාට විරුද්ධ මත තියනවා.ඇත්තටම මමත් මේ නළුවාගේ රගපැමට කැමති උනාට පෞද්ගලිකව ඒ කෙනා දරණ මත වලට කැමති නැ.එවා උවමනා නෑ අපි චිත්‍රපටියක් විදියට මේක රසවිදිමු.අනික කට්ටිය තුප්පක්කි ෆිල්ම් එකත් ආසාවෙන් බැලුවානේ එක නිසා මේකටත් කැමති වේවි කියලා හිතනවා.ඒ වගේම මේ මගේ 60වැනි උපසිරැසි ගැන්විම.

කතාව මෙහෙමයි.
මම මුලින්ම මේ කතාවෙ ඉන්න චරිත වලින්ම කතාව ගැන කියන්නම්කො. හැමදාම කියන විදියට වඩා වෙනස් විදියකට කතාව කියන්න හිතුවා.මෙන්න මේ කතාවෙ ප්‍රධාන චරිත ටික.

භාරතී-තරුණ මාධ්‍යවේදිනියක්
වේලු-සාමාන්‍ය කිරි ගොවියෙක්
කාවේරි-වේලුගේ සහෝදරිය (වේලුගෙ අම්මා තාත්තා හැමදේම මෙයා තමයි)
වෛදේගි-වේලුගේ නෑනා

දැන් චරිත දැනගත්තනෙ. දැන් බලමු කතාව ගැන පොඩ්ඩක්. වේලු කියන්නෙ මුළු ගමේම හිත දිනාගත්ත තරුණයෙක්. එයාට ඉන්නෙ එයාගෙ නංගි විතරයි.අයියාගෙයි නගිගෙයි ආදරේ කොච්චරද බලන්න පුළුවන් මේ කතාව බැලුවොත්. ඇත්තටම මටත් හිතුනා අනේ මේ වගේ අයියා කෙනෙක් මටත් හිටියා නම් කියල. මේ දෙන්නා එකතුවෙලා ගම වනසනවා. බලන්නකො කරන පිස්සු වැඩ ටික.වෛදේගි කියන්නෙ වේලු බඳින්න ඉන්න ගෑණු ළමයා.හැමෝටම දැන් හිතෙනවා ඇති එතකොට කොහොමද මේ භාරතී මේකට සම්බන්ධ වෙන්නෙ කියල. ඉන්දියාවත් අනිත් හැම රටක් වගේම ත්‍රස්ථවාදී අසාරණකම්වලින් පිරුණු රටක්. භාරතී කියන්නෙ ඒ අසාධාරණකම්වලින් තමන්ගෙ රටට වෙන්න හදන හානිය අවම කරන්න වෙර දරන මාධ්‍යවේදිනියක්. මෙයා කොහොමද අර කියපු අයට සම්බන්ධ වෙන්නෙ කියන එකනම් මට කියන්න බෑ.ඒක කිව්වොත් කතාව බලලා වැඩක් නැතිවෙනවනෙ.අර සමහර කතාවල හොල්මන කවුද කියල කියනවා වගේ ඒ නිසා ඒ සේරම දැනගන්න මේ කතාව අරගෙනම බලන්න.

මේ ටොරන්ට් එක අප්ලොඩ් කරපු අපේ thasneenට ගොඩක් ස්තුතියි.එයා නොහිටින්න ඔයාලට කවදාවත් Alex Pandian චිත්‍රපටිය සිංහල උපසිරැසි එක්ක නරඔන්න වෙන එකක් නැතිවෙන්න තිබුනා.මොකද ZOOM වෙනුවෙන් තමයි ඔහු ඉංග්‍රිසි උපසිරැසි සහිතවම අන්තර්ජාලයට පිටපතක් අප්ලොඩ් කලේ.අද මේ චිත්‍රපටියටත් ටොරන්ට් ලබා දුන්න ඔහුට ස්තුතිවන්ත වෙනවා.එහෙනම් චිත්‍රපටිය අරගෙන බලන ගමන් අදහසක් කියලා යන්න අමතක කරන්න එපාඔයාලගේ ඕනැම අදහසක් යෝජනාවක් චෝදනාවක් ලියලා එවන්න පුලුවන් මගේ මේ [email protected] මේල් එකට.ආපහු හොද චිත්‍රපටියක් සමගින් මුණ ගැහෙමු.

කොහොමහරි අන්තිමට මේ කතාවෙ තියෙන අදහස් ටිකකින්ම ඉවර කරන්නම්.

අපිට මූණදෙන්න වෙන ප්‍රශ්න දුක්, ගැටළුවලට කොහේ හෝ ඉඳලා කෙනෙක් ඇවිත් අපිව බේරාගානියි කියලා හැමවෙලේම බලාපොරොත්තු වෙන්න එපා.හරියට හිතලා බලන්න, නියම වීරයෙක්, නියම විදියට අභියෝග ජයගන්න පුළුවන් ශක්තිමත් කෙනෙක් අපේ තුලම ඉන්නවා. අන්න ඒ කෙනා හොයාගන්න උත්සාහ කරන්න. එදාට හැම ප්‍රශ්නයක්ම ලේසියෙන්ම විසඳගන්න ශක්තිය ඔබට ලැබේවි..





සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 1.2GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.2GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මහේෂි කපුගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment