The Wizard of Oz [1939] Sinhala Subtitles


The Wizard of Oz [1939] Sinhala Subtitles
Add to Favorites
The Wizard of Oz [1939] Sinhala Subtitles (101 min 00 sec)
02-25-2013 at 09:04 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 62 - Views: 7801



Tags:







Movie Rank - 151/250
IMDb rating - 8.2/10
Zoom rating - 8.5/10

මුලිනම් මෙන්න මේ වෙබ් අඩවියට ගිහින් පිටුව ලෝඩ් වෙන්න දාලා ලිපිය කියවන්න පටන් ගන්න.

ඔබ මහා කුණාටුවකට හසුවී සුරංගනා ලෝකයකින් මතුවුනොත් මොනාද හිතන්නේ ? මේ චිත්‍රපටයට කතා තේමාව වෙන්නේ අන්න එයයි. ඊට වඩා මේ චිත්‍රපටයේ කතාව වැඩි දුර මම කියන්නේ නැහැ.හරි දැන් බලමු මේ චිත්‍රපටය මොකද්ද කියලා. ඇත්තටම මේ මම විසින් උපසිරැසි ලබාදෙන පැරණිතම චිත්‍රපටයයි. මේ චිත්‍රපටය තේමා වෙන්නේ 1990 වසරේදී ලෝකයේ බාල මහලු කොයි අතරේත් ජනප්‍රිය වුනු The Wonderful Wizard of Oz නම් වුන් ළමා කතන්දර පොතයි. හරියටම කියුවොත් අද කාලේ හැරී පෝටර් කතා මාලාවටත් වැඩිය මේ පොත ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ නිසාම තමයි ඒ පොත අනුසාරයෙන් මෙම චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. ඔබ බටහිර චිත්‍රපට වලට ඇලුම් කරන්නෙක් නම් , ඔබ අනිවාර්යෙන් නැරඹිය යුතු වටිනා චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. මෙහි චරිත කොතරම් ජනප්‍රිය වුනාද කිවහොත් අදටත් ලොව පුරා මෙම චරිත රඳා පැවතිලා තියෙනවා. ටින් මෑන් , ස්කෙයා ක්‍රෝ, ඕස් හි මායාකරු , සහ Oz කියුවහම ඔබටත් එම චරිත මතක් වෙනවා ඇති.
වසර 74ක් පැරණි වෙලත් මේ නිර්මාණයේ තාක්ෂනය සහ අනෙකුත් ඉෆෙක්ට්ස් ගැන ඔබම මේම චිත්‍රපටය නරඹා තේරුම් ගන්න.

කොහොමනමුත් මෙම චිත්‍රපටය ලොව හොඳම චිත්‍රපටි 250 අතරින් 151 වෙනි ස්ථානයේ රැඳිලා තියෙනවා. ඒ වගේම IMDb හි 8.2 ක අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය ලොව පුරා සිනමාවට ඉතා වැදගත් චිත්‍රපටයක් වුනා. ඒ එවකට වැඩිම වියදමක් දරා නිපඳවු චිත්‍රපටය මෙය වීම නිසයි. ඒ වගේම මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පොවන අවුරුදු 11ක් පමණ වන කුඩා දැරිය, පසුකාලීනව මාහා නිලියක් බවට පත්වුනා Judy Garland නමින්. ඇයට හොලිවුඩ් වෝක් හි ඇයට තරු ස්මාරකයක් පවා තනනු ලැබුනා ඇගේ වියෝවෙන් පසුව. ඒ තරමටම මේ චිත්‍රපටයට එවකට මිනිසුන් ආදරය කෙරුවා. ඒ තරම්ම වටිනා නිර්මාණයක් නිසාම තමයි ලයින් වැඩි ප්‍රමාණයක් තිබිලත් ඔබට සූම් වෙතින් මේ වටිනා නිර්මාණය ලබාදෙන්න තීරණය කෙරුවේ.

දැන් මේ ටිකත් කියවලම මුලින් ලෝඩ් වෙන්න දාපු වෙබ් අඩවියට ගිහින් බලන්න. ඒ වෙන දෙයක් නෙමෙයි, මම අද මේ ලබාදීලා තියෙන චිත්‍රපටයේ නව නිර්මාණය වන Oz the Great and Powerful (2013) චිත්‍රපටයේ නිල වෙබ් අඩවියයි. එයත් ඔබට සිංහල උපසිරැසි සමගින්ම සූම් වෙතින් නරඹන්න පුළුවන් මේ වසරේදී. ඊට කලින් මෙහි පැරණි මූල නිර්මාණය නරඹලා ඉන්න ඕනේ නිසාමයි අපි මෙම චිත්‍රපටය ඔබට තිලින කරන්නේ.

ඒ වගේම ලොව හොඳම චිත්‍රපටි ලයිස්තුවේ මෙතෙක් සිංහල උපසිරැසි නොමැති චිත්‍රපටි ගණනාවකට අපි උපසිරැසි දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ චිත්‍රපටිත් හොඳම උපසිරැසි නිර්මාපක පිරිස සිටින සූම් තුලින් ඔබට බලාගන්න පුළුවන් වෙයි. [email protected]



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 550MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 550MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment