Rise of the Guardians [2012] Sinhala Subtitles


Rise of the Guardians [2012] Sinhala Subtitles
Add to Favorites
Rise of the Guardians [2012] Sinhala Subtitles (97 min 00 sec)
02-28-2013 at 06:28 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 86 - Views: 13534



Tags:







අපි පොඩි කාලෙ ආසම දේ තමයි ආච්චි හරි සීය හරි ලගට වෙලා සුරංගනා කතා අහන එක නේද, ඒ සුරංගනා කතා හරිම ලස්සනයි, අපි දන්නෙවත් නැතුව මනසින් හරිම ලස්සන ලෝකයකට ඇදගෙන යනව නේද, මට නම් ඒ කාලෙ හරිම සුන්දරයි, මං හිතන්නෙ මෙ ලෝකෙ හැමෝටමත් එහෙම වෙන්න ඇති, ඉතිං අද මං මේ දෙන්න යන කතාවත් ඒ වගේ හරිම ලස්සන පොඩි දරුවන්ගෙ සුරංගනා ‍ලෝකෙක මැවෙන සුරගනන්ගෙ කතාවක් ගැනයි කියවෙන්නේ. ගිය අවුරුද්දෙ නොවැම්බර් මස නත්තල මූලික කරගෙන තිරගත වුන මේ චිත්‍රපටය අප අතරට අද හොද කොපියකින් එන්නෙ පෙබරවාරි මාසයත් පසුවෙන්න දින කිහිපයකට කලිනුයි. ඉතිං හිතාගන්න පුළුවන්නෙ කතාවට තිබුනු ඉල්ලුම. සාමාන්‍යයෙන් පොඩි දරුවන් කියන්නෙ මනෝලොකයෙ ගිලිලා ඉන්න ජාතියක්නෙ. ඔවුන් අප නොදන්න සුපිරි වීරයන්ගැන දන්නවා, ඉතිං අප මේ හිතන පොඩි දරුවන්ගෙ මනෝ ලෝකයේ ඇදෙන සුපිරි වීරයන් දරුවන් පාලනය කරන්නෙ කොහොමද කියන එක මෙයින් පෙන්වා දෙනවා. ඔවුන් රාත්‍රියේ දකින හීන මවන්න වෙනම පුද්ගලයෙක් සිටිනවා ඔහු මවලා තියෙන්නෙ චන්ද්‍රයා විසිනුයි, ඒ වගේම දරුවන්ගෙ වැටෙන දත් වෙනම තැන්පත් කරන්න වෙනම සුරගනක් සිටිනවා, ඇය කියන විදිහට එම දත්වලින් දරුවන්ගෙ ලමා මතක ගන්න පුළුවන්, ඕය අයත් එක්කම තමයි අපි කවුරුත් දන්න නත්තල් සීයා ඉන්නෙ, එයා තමයි කණ්ඩායමේ ප්‍රධානියා. ඉතිං ‍මේ අය හැමදාම ලෝකෙ ඉන්න දරුවන් පිළිබදව සොයා බලනවා,

මා ඉහතින් ප්‍රකාශ කරේ එම චිත්‍රපටයේ සැකිල්ල පිළිබදවයි, හැබැයි කතාව කියන්න පටං ගන්නෙ මෙතනිනුයි. ඔන්න ඉතිං මම කලින් කිව්ව වගේ දරුවන්ගෙ සුරංගනා ලෝකෙ මැති ඇමතිවරු හරිම සාම කාමීව කටයුතු කරගෙන යනවා, එත් දවසක් අපේ නත්තල් සීයා අමුතුම භය හිතෙන ඡායාවක් දකිනවා, ඒය තමයි ඔවුන්ට ඉන්න එකම සතුරගේ ඡායාව, එම සතුරත් දරුවන්ගෙ මනසෙ ඉන්න එක් රූපයක්, හැබැයි ඒ සතුර දරුවගේ මනසට ගියොත් ලොකු විනාශයක් වෙනවා, දැන් සතුරා උත්සහ දරන්නෙත් සුරංගනා‍ලෝකෙ ඉන්න අය දරුවන්ගෙ මනසින් ඈත් කරලා සතුරා දරුවන්ගෙ මනසට ඈතුල් වෙන්නයි, මෙන්න මේ අවස්ථාවෙදි චන්ද්‍රයා විසින් අළුත් ආරක්ෂකයෙක් පත් කරනවා, ඒ අර නපුරගෙන් බේරෙන්න අනිත් අයට උදව් කරන්න, ඉතිං කතාව නම්පූර්ණයෙන්ම දුවන්නෙ මේ ආරක්ෂකයා මතයි,ඉතිං අපි බලමු කොහොමද මේ ආරක්ෂකයා දරුවනුත් බේරගෙන කණ්ඩායමත් බේරගෙන කතාව ගොඩනගන්නෙ කියලා

සාමාන්‍යයෙන් මෙය ත්‍රිමාණ සජීවී කරණ චිත්‍රපයටක් වුවත් ලැබිලා තියෙන iMDB Ratings ප්‍රමාණය නම් සුළු පටු නෑ, එය 7.4 අති සුපිරි Ratings ප්‍රමාණයක් ලබාගෙන ඉතාමත් ඉදිරියෙන් සිටිනවා.ඒ වගේම චිත්‍ර පටය නිර්මාණය කරලත් තියෙන්නෙ ලොවම මවිත කල නිර්මාන බිහිකල Dream Works සමාගමයි.තවද නිෂ්පාදනයට ඇස්ත මේන්තු කරලා තියෙන මුදල ඇමරිකානු ‍ඩොලර් මිලියන දෙකක් වුවත් 2013 පෙබරවාරි 22 දින දක්වා ලැබුනු ආදාරයම නම් කෝටියත් ඉක්මවා ගොස් තිබෙනවා. ඒ වගේම මෙහි උපසිරැසි නිර්මාණයට මා දායක වූයේ අපේ හෙඩ්ස්ගෙ ආරාධනයකට අනුවයි, ඔහුගෙ ඉල්ලීම කඩිනමින් දිනක් ඇතුලත සපයන්න මට පුළුවන් වුන එක ගැන ගොඩක් සතුටක් දැනෙනවා.ඒ වගේම අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ චිත්‍රපටය නත්තල සදහා නර්මාණය කරපු එකක් හා දරුවන් වෙනුවන් නිර්මාණය කරපු එකක් නිසා පවුලෙ සැමටම එකට ඉදන් බලන්න පුළුවන් චිත්‍රපටයක් කියලයි. ඉතිං එහෙනම් තවත් සුපිරි නිර්මාණයකින් ආයෙත් මුනගැසෙමු, හැමෝටම සුභ දවසක්.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.5GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
500MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
500MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment