TPB AFK: The Pirate Bay Away From Keyboard [2013] Sinhala Subtitles


TPB AFK: The Pirate Bay Away From Keyboard [2013] Sinhala Subtitles
Add to Favorites
TPB AFK: The Pirate Bay Away From Keyboard [2013] Sinhala Subtitles (85 min 00 sec)
03-01-2013 at 09:22 PM
Uploaded by HEDZ

Rating: 5 after 5 votes

English Movies
Favorites: 90 - Views: 11185



Tags:







2013 වසරේ නිකුත් වූ වාර්තා (Documentary) ගණයේ චිත්‍රපටියක සිංහල උපසිරැසි මම අරගෙන ආවා! මම මේ චිත්‍රපටියේ සිංහල උපසිරැසි නිර්මාණය කරන්න, මාර කට්ටක් කෑවා... හැබැයි වැඩේ කොහොමහරි ඉවර කෙරුවා! ඉතින් මේ අපූරු චිත්‍රපටියේ නම : TPB AFK (The Pirate Bay Away From Keyboard)! IMDB දර්ශකයේ 7.8ක ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න මෙම වාර්තාමය චිත්‍රපටියට හැකි වී තිබෙනවා! මේ දවස්වල පොඩ්ඩක් කාර්යබහුල හින්දා, මේ උපසිරැසිය ඉවරකරගන්න පොඩ්ඩක් විතර පරක්කු වුනා! මෙවැනි චිත්‍රපටියක සිංහල උපසිරැසි නිකුත් නොකලොත් ලොකු අඩුවක්! අනික හොදම දේ ගවේෂනය කරලා ඔයාලට උපසිරැසි දෙන්නත් සුම් අපි හැමදාමත් ලැස්තියි මක් නිසාද යත් සුම් උපසිරැසි කණ්ඩායමේ අප කෙරෙහි විශ්වාසය තබන ඔබට හොදම දේ ලබා දිම අපේ වගකිම බැවිනි.ඒ හේතුව නිසාම සූම් හැමදාමත් ඉහලම තැන රදවා තබාගන්න අප උපසිරැසි කණ්ඩායමටම නිරන්තරයෙන් හැකිවි තිබෙනවා.ඒ නිසාම මේ වගේ වටින වාර්තා වැඩසටහනක් ඔයාලා වෙනුවෙන් මම අරන් එන්න තිරණය කලා.එහෙනම් අපි මේ වාර්තාමය සළරුව කුමක් සම්බන්ධයෙන් වූවක්ද කියලා බලමු...

ඔයාලා අන්තර්ජාලයෙන් චිත්‍රපටි මෙන්ම විවිධාකාරයේ ලිපිගොනු බාගත කරගන්නවා නේද? එහෙනම් ඔයාලා හැමෝම අහලා ඇති, ටොරන්ට් කියන වචනය! සූම් අඩවියෙත් බොහෝදෙනා චිත්‍රපටි බාගත කරගන්නේ ටොරන්ට් ලෙසයි. මේ ටොරන්ට් වෙබ් අඩවි අද වෙනකොට බොහෝමයක් නිර්මාණය වී තිබෙනවා. ඒත් මේ සියල්ල අතරින් ලෝකයේ බොහෝදෙනාගේ ප්‍රතිචාර මත Pirate Bay වෙබ් අඩවිය පළමු ස්ථානයේ පසුවෙනවා. මෙය ලෝකයේ ඇති විශාලතම ටොරන්ට් අඩවියයි! ඉතින් මේ චිත්‍රපටිය දිවයන්නේ, මේ Pirate Bay නැමති වෙබ් අඩවිය පිළිබදව! මෙහි නිර්මාතෘවරුන් තිදෙනා වන Gottfrid Svartholm, Peter Sunde හා Fredrik Neijහට හොලිවුඩ් කර්මාන්තය ඇතුළු ඇමෙරිකාවේ විවිධ කර්මාන්තවලින් ප්‍රකාශන හිමිකම් නීති කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙනවා. ඉතින් මොවුන්ට දැඩි දුෂ්කරතා වලට මුහුණපාන්න සිද්ධ වෙනවා! උසාවියෙන් මොවුන්ට කුමන ආකාරයේ දඩුවමක් ලබාදෙයිද? Pirate Bayහි මූලස්ථානය හා එහි සිදුවන ක්‍රියාවලීන් දැකබලා ගැනීමට ඔබත් කැමතිනම් මේ අපූරු වාර්තාමය චිත්‍රපටිය දැන්ම නරඹන්න! සත්‍ය සිදුවීම් අනුසාරයෙන් නිපදවා ඇති මෙවැනි වාර්තාමය චිත්‍රපටියක් බලපු නැති අයෙක් නම්, මේක අරගෙනම බලන්නකෝ!

මේ චිත්‍රපටියේ අධ්‍යාපනික වටිනාකමකුත් තියෙන බව අවධාරණයෙන් කියන්න පුළුවන්! අනික ඔබ දැන් මේ වෙලාවෙන් ටොරන්ට් එකක් ඩවුන්ලොඩ් කරනවා වෙන්න පුලුවන්.එක නිසා මේක අනිවාර්යෙන්ම අරන් බලන්න.අන්තර්ජාලය සහ ටොරන්ට් පිළිබද දැනුමක් මෙය හොදින් නැරඹුවොත් ඔබට ලබාගන්න පුළුවන්! එහෙනම් මෙම චිත්‍රපටිය නරඹලා, අදහස් උදහස් සියල්ලක්ම දක්වලා යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා! මෙහි සිංහල උපසිරැසිය බොහෝ වෙහෙස මහන්සි වී තමා පරිවර්තනය කෙරුවේ! නිකම් උපසිරැසිය බාගෙන නොයා තත්පර පහක පොඩි වෙලාවක් අරගෙන පොඩි අදහසකුත් දක්වලාම යන්න! මේ අපූරු චිත්‍රපටිය නොවරදවාම නරඹන්න! කට්ටියටම සුභ රාත්‍රියක් වේවා! තවත් අපූරු චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන මම ආයෙමත් එන්නම්! මම චිත්‍රපටියේ ඇති පොඩි වදනකින්ම සමුගන්නම්!


ටී.පී.බී තමා ලෝකයේ විශාලතම ලිපිගොනු බෙදාහැරීමේ පද්ධතිය!
එය නැප්ස්ටර්හි පීක් මෙන් දහගුණයක් විශාලයි! ඒ වගේම එය තවදුරටත් වර්ධනය වෙමින් පවතී...




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.3GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
350MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment