Defiance [2008] Sinhala Subtitles


Defiance [2008] Sinhala Subtitles
Add to Favorites
Defiance [2008] Sinhala Subtitles (137 min 10 sec)
03-03-2013 at 08:00 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 153 - Views: 27883



Tags:







යහළුවනේ ඔන්න ඉතින් ටිකක් වෙනස් ආරක චිත්‍රපටයක් අරගෙන ආවා. මෙක මට එව්වේ ඉතින් අපෙHEDZ තමා, මෙක මගෙ ලඟ ගොඩක් කල් ඉදන් තිබුණු delete list එකට වැටිලා තිබුණු ෆිල්ම් එකක්. මොකද මේ......, (මම මේ කියන්නේ මෙ ෆිල්ම් එක ගැන මම හිතපු හැටි) ෆිල්ම් එක එච්චර රසයක් ඇති එකක් කියලා නෙවෙයි (film එකක් නොබලා Trailer එකක් විතරක් බලලා, මම නම් අයේ එහෙම කවදාවත් හිතන්නේ නෑ)
ඉතිං HEDZ අයියා මෙක එවපු ගමන් මම මුලින්ම ගියේ IMDb. එකට අනේ එතකොට තමා මම දැක්කෙ 7.1ක වැනි ඉහල අගයක තියන මිනිත්තු 137 පුරා යන චිත්‍රපටයක් බව, මෙහි මම ආස කරන නළුවකු වන Daniel craig ද,මම අස කරන නිලියක වන Alexa Davalos ද රංගනයෙන් දායක වන බව දකින්න තිබුනා ඇත්තටම කියනවා නම් අපි හමවෙලාවකම හොයපු ක්‍රියාදාම, ත්‍රාසජනක,විහිලු, ආදරය.මේ සියල්ලම අධ්‍යක්ෂකවරය දිල තියෙන්නේ අයේ කියලා වැඩක් නැ 'හදවත පසරු කරගෙන යන්නම' අපිට දැනෙන විදියට.

මිනිස්කම මනුෂත්වය කියන දෙය උපරිමයෙන්ම අපිට කියලා තියනවා.මම කියන්නේ මේ චිත්‍රපටය නම්, අනිවාරයෙන්ම බැලිය යුතුයි.මේ චිත්‍රපටය මගේ හොදම සුපිරිම චිත්‍රපට ලයිස්තුවේ මේ වෙද්දි ඉහල තැනක තරඟ කරනවා විතරක් නෙවෙයි යාළුවනේ මේක තමා මම මේ වසරේ බලපු හොදම චිත්‍රපටය. මේක තමා ඇගට දැනෙන්න බලනවා නම් නියම ෆිල්ම් එක.ලෝක යුද්ධය කියන වචනේ බලන්නකො ඔක අද කාගෙද කටේ නැත්තේ එත් එකෙදි වෙලා තියන එවා වෙන වෙනම ගත්තහම අපි මොනවද ලෝක යුද්ධය ගැන හරියටම කියලා හිතෙනවා.මොකද මේකත් ලෝක යුද්ධය කාලයේ සිදුවු සත්‍ය කතාවක්.ඒ කලේ මිනිසුන්ගේ වටිනාකම අපේ වචන වලින් කියනවා නම් බල්ලට ගිහින් තිබ්බ කාලයක් කියන්නත් පුලුවන්.මිනිස් ජිවිතය ඒ තරම්ම වටින්නේ නැති තත්වයකට පත්වෙලා තිබිලා තියෙන්නේ.ඔයාලා කලින් War Horse 2011 වැනි චිත්‍රපටි බලලා තියනවා නම් ඒක ගැන දකින්නත් ඇති.ෆිල්ම් එකක් බලා ඇත්තටම ජීවිතයට යමක් එකතුකරගන්න අයට මේ චිත්‍රපටිය නියම අද්දැකිමක් වෙයි.යුද්ධයේ ඒ රස්නය ඔයාලට දැනෙයි, හදවතටම දැනෙයි!

නායකත්වය, සහෝදරත්වය ඒ වගේ දෙවල් අපිට කවදාවත් වචනෙන් කියලා නිම කරන්න බෑ. ඉතිං මම කොහොමද කියන්නේ? සහොදරයෝ ඉන්න මිත්‍රයන්ට එක වැටහෙයි.එක හරිම අමුතුයි..ඒ එකතුවිම ඒ සමඟිය එයාලා ලඟ ඉදිද්දි අපේ ඇගට දැනෙන හයිය, එව කියන්න වචන කිසිම භාෂාවක නෑ.නායකත්වය එක මොකක්ද ආ?මම මෙහෙම අහද්දි කිදෙනෙක් මට හිනාවෙයිද? නායකත්වය කියන එක පන්ති ගිහින් වත් පුහුණුවිමකින් වත් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි එක හරිම අමාරුයි හරිම සංකිර්ණයි. අපි නායකයන්ට බනිනවා එත් එයා ඇත්තටම මේ කථාවේ වගේ සාධාරණ නායකයෙක් නම්, අපේ හිත වාවන්නේ නැතිවෙයි.කවුද නායකයෙක් කියන්නේ? ඇයි එහෙම කෙනෙක් ඔන?මේක හැමොටම කරන්න පුළුවන්ද? නායකයකු සතුව තිබිය යුත්තේ මොනවගේ තීරණද? මොනවගේ ගතිගුණද? මුහුණ දිමට සිදුවන සැම ගැටළුවකටම සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද? තම කණ්ඩායම පිළිගන්නා පරිදි කරුණු පහදා දෙන්නේ කෙසෙද? හැමොටන්ම එක විදිහට සලකන්නේ කෙසෙද? තමාට අවශ්‍ය දෙවල් සගවාගෙන තම කණ්ඩායමට අවශ්‍ය දෙයක් හොයල දිලා සැම කෙනෙක්ම තමාගේ කෙනෙක් ඉදිහට සලකල, කන්ඩායම නිවැරදි මාර්ගයට යොමු කරලා.මණුෂත්වය කියල දෙන නායකයෙක් ඔයාල දැකලා තියනවද.මේක බලලා ඔයාලම එක ගැන හිතන්න.සාධාරණත්වය හොයාගෙන තමන්ගේ ජිවිතය විතරක් නෙවෙයි අනුන්ගේ ජිවිතත් බෙරගෙන කැලෙකට වෙලා ජිවත් වන. මේ මිනිසුන්ට කවුද සාධාරණයක් ඉටු කරන්නේ? එහෙම වෙනවා නම් කවද්ද එක වෙන්නේ?"


Defance මෙක ලිව්වේ අධ්‍යක්ෂණය කලේ Edward Zwick විසින් එතකොට නිෂ්පාදනය කලෙත් එයාම තමා Pieter Jan Brugge උදව් කලා
මේ කතාව පටන් ගන්නේ මෙහෙ‍මයි
1941 අගොස්තුවල, නැගෙනහිර යුරොපයේ සිටි කාර්මික යුදෙව්වන් නාසි හමුදාව විසින් අතුගා දැමිමත්(මැරිමත්) සමඟයිමේ ජර්මානුවෝ යුදෙව්වන් ඔවුන්ගේ ජනාවස වලින් අතුගා දානව.එක පාර මරන්නේ අමාරුකාරයන්, වයසක අය කුඩා දරුවන් විතරයි, ගැහැණුන් ගෙන් වෙනම තම ශාරිරික අවශ්‍යතාවල් සපුරා ගැනිමට හා පිරිමින් ගෙන් තම කර්මික අවශ්‍යතාවල් සපුරා ගැනිමට මේ ජමානුවො පසු බට වෙනේනේ නැ.යුදෙව්වන්ගේ දෙව දුතයන් වන්නේ බිල්ස්කිවරුයි මේ පවුලේ සහොදරයන්න්ට දෙමාපිය රැකවරනය නැතිවි යන්නේ පොලිස් අණ යටතේ සිදුවන සමුල ඝතනය නිසාය, අවසානයේ ඉතුරුවන්නේ තුයියා, අරොන්, අසෙල් යන සහොදරයන් හා ඔවුන්ගේ ලඟම ඥාතියකු වන සුස් ය.මොවුන් සතර දෙනා Białowieża කැලැවට පලායන්නේ තම දෙමාපියන් මැරිමේ තරහට පළිගැනිමේ අරමුනෙන්.මෙහිදි මෙයාලට හමු වෙනවා කැලැවට පැනගොස් සැඟවිසිටින යුදෙව්වන්,මේ සහොදරයෝ මේ අයව තම රැකවරණය බාරයේ තබාගැනිමට තරම් ඉතාම කරුණාවන්ත වෙනවා. මේ කණ්ඩායම එන්න එන්න ලොකු විමත් සමඟම මේහි වැඩි මහල් සහොදරයා නායකත්වයේ වගකිම තම කරමත පටවා ගන්නවා. ඒ විතරක් නෙවෙයි තමගේ මුලික අරමුණ තම දෙමාපියන් ඝාතනය කල පොලිස් ප්‍රධානියව තම දෙමාපියන් වෙනුවෙන් ඝාතනය කරනවා. කෙසේ හෝ තම කණ්ඩායම, එසෙ නොමැති නම් යුදෙව් ජනාවසය ආරක්ෂා කිරිමට පොෂණය කිරිමට ඔහු මහත් වැයමක් දරනවා.තම ඥාති සහොදරයාව තුයියාට මඟ හැරේ. ඔහු සටන තුල විටෙක තනි වෙනවා!
සුස්ගේ නික්මිමෙන් පසුව විවිධ දුක් ගැහැට වලට මොහු ඇතුළු කණ්ඩායම මුහුණ දේ............මේ සියලු තතු දැන ගැනිමටත් ජිවිතයට අරුතක් ගැනිමටත් මේ ෆිල්ම් එක අනිවාරෙන්ම බලන්න යාළුවනේ අයෙත් මම මේ වගේ ලස්සන ෆිල්ම් එකක් අරන් එන්නම්. හැමොටම ජය වෙවා!!




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.8GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 950MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
900MB DIRECT LINKS මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 950MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුසිත තියුශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment