Contagion [2011] Sinhala Subtitles


Contagion [2011] Sinhala Subtitles
Add to Favorites
Contagion [2011] Sinhala Subtitles (106 min 00 sec)
03-05-2013 at 07:51 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 129 - Views: 18118



Tags:







ඇනිමේශන් ෆිල්ම් 2කට සබ් දුන්නට පස්සෙ ඔන්න මම අද ඔයාලට අරගෙන එන්නේ ටිකක් වෙනස් විදිහේ චිත්‍රපටයක්. මම එහෙම කියන්නේ මේක ටිකක් විද්‍යාව පැත්තට බර චිත්‍රපටයක් නිසයි. සටන් ජවනිකානම් වැඩිය දකින්න ලැබෙන්නේ නෑ. මේක තිරගත වුණේ 2011දි. ඒ වගේම imdb 6.7ක අගයක් ලබා ගෙන තියෙනවා. විද්‍යාවට සම්බන්ධ චිත්‍රපට බලන්න කැමති අයනම් මේකට ගොඩක් කැමති වෙයි. ප්‍රසිද්ධ නළු නිළියන් විදිහට Kate Winslet හා Laurence Fishburne මේකෙ දකින්න පුළුවන්.මේක පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් චිත්‍රපටයක්.

කථාව ගැන කියනවනම්, ලෝකයට අලුතෙන්ම ඇතිවෙන වෛරසයක් ඉතා ඉක්මනින් පැතිරෙන්න පටන් ගන්නවා. මෙතෙක් හඳුනාගෙන තිබුණු එකක් නොවන නිසා ලොව පුරා මිනිස් ජීවිත රාශියක් මේකට බිලි වෙනවා.වෛද්‍යවරුයි, ජීව විද්‍යාඥයොයි මේකට සාර්ථක එන්නතක් හොයා ගන්න සෑහෙන්න මහන්සි ගන්න​ අතර වෛද්‍යවරුන්ට මාධ්‍යයෙන් බලපෑම් එල්ල වෙනවා,සමහර වෛද්‍යවරු රෝගයට ගොදුරු වෙලා මිය යනවා. ලෝක වෛද්‍ය සංවිධානය තමන්ට පිටින් එල්ල වන අභියෝග හමුවේ මේ අභියෝගය ජය ගන්නා හැටි තමයි මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ. අවසානයේදී වෛරසය​ ලෝකයෙන් තුරන් කළා කිවුවට,චිත්‍රපටය අවසානයේදි කියවෙන විදිහට ඇමරිකාවේ රහස් විද්‍යාගාරයක වෛරසයේ සාම්පලයක් රහසේ ගබඩා කෙරෙනවා.​ ඔයාලා චිත්‍රපටය බලලම සම්පූර්ණ කථාව දැනගන්නකො.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 650MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
650MB BRRIP Direct Links මෙතිනන් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 650MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නයනපද්ම ලියනගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment