Chattakkari [2012] Sinhala Subtitles


Chattakkari [2012] Sinhala Subtitles
Add to Favorites
Chattakkari [2012] Sinhala Subtitles (120 min 11 sec)
03-09-2013 at 10:36 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Tamil Movies
Favorites: 69 - Views: 15616



Tags:


උපසිරැසි ගැන්වීම: සුරංග වන්නිආරච්චි




  1. Most Popular Subtitles of this Contributor







හැමෝටම ආයුබෝවන් කියලම වැඩේ පටන් ගන්නම්.පහුගිය මාස තුන හතරටම මට කිසිම උපසිරැසි නිර්මාණයක් ඔයාලත් එක්ක බෙදා ගන්න ලැබු‍ණේ නෑ. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම හේතුව අපේ පවුලේ ලොකුම ශක්තිය උන මගේ ආදරණීය තාත්තා පහුගිය ජනවාරි 14 වෙනිදා හදිසියේම අපිව දාලා සදහටම මේ ලෝකෙන් සමු ගත්තා. ඒ දුක අපේ ජීවිත වලින් කවදාකවත් අමතක වෙන එකක් නෑ. අනික් ප්‍රධානම කාරනය තමයි මගේ රාජකාරී බහුලත්වය. ඉතිං මම ගැන විස්තර දැන් ඇතිනේ. කොහොම උනත් මේ සිදුවීම් වෙන්න ඉස්සෙල්ලා තමයි මම මේ සබ් එක කරන්න හෙඩ්ගෙන් බාර ගත්තේ. ඉතින් අද තමයි ඒක සම්පූර්ණ කරගන්න පුළුවන් උනේ. ඒකත් මේ අපේ ඉසුරු මධුසංඛ මල්ලිගේ උපකාර ඇතුව. එයත් මේකේ ලයින් 250 ක් උපසිරැසි දාන්න සහය ලබා දුන්නා. එයාටත් මම ඒකට ස්තූති කරනවා.

දැන් අපි චිත්‍රපටිය ගැන ටිකක් බලමු. මේක මම උපසිරැසි ගන්වන ප්‍රථම මලයාලම් ෆිල්ම් එක. ඒකත් අපේ කොල්ලො, කෙල්ලෝ ගොඩක් කැමති තේමාවක් වන ආදරය ගැන කියවෙන 2012 තිරගත වෙච්ච ලස්සන ආදර කතාවක්. චාත්තක්කාරී තමයි මලයාලම් වලින් නම. ඒකේ සිංහල තේරුම “හිතුවක්කාරී“. මේකේ ප්‍රධාන චරිතය ජූලී කියන්නේ බර්ගර් ජාතික තරුණියක්. එයා පවුලේ ඉන්න දගකාරි විදිහට තමයි ජීවත් වෙන්නේ. එයාගේ තාත්තා දුම්රිය රියදුරෙක්. ජූලී තමන්ගේ පවුලේ අයගේ ආදරය මැද ජීවත් වෙනකොට මෙයාට එයාගේ හොඳම යාළුවගේ අයිය සෂී ව මුණ ගැහෙනවා. එතන ඉදන් කතාව මම ඔයාලට කියන්නේ නෑ. ෆිල්ම් එක අරගනම බලන්න කියලා ආරාධනා කරන ගමන් ඉක්මනින්ම තවත් සුපිරි චිත්‍රපට මාලාවක පළමු කොටස සමග හමුවෙමු.[email protected]



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චි සමඟ ඉසුරු මධුසංඛ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment