Inkaar [2013] Sinhala Subtitles


Inkaar [2013] Sinhala Subtitles
Add to Favorites
Inkaar [2013] Sinhala Subtitles (160 min 23 sec)
03-12-2013 at 08:57 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 162 - Views: 29572



Tags:





  1. Most Popular Subtitles of this Contributor






මේ චිත්‍රපටිය දාන කොටම මීට සමානම කතාවක් අපේ සයිට් එකේ අලුත් යාළුවෙක්ගේ ප්‍රොෆයිල් එකක මෙහෙම දාලා තිබ්බා...
''අපි ආදරේ කරන අය අපිට ආදරේ කරන්න ඕන කියලා නීතියක් නෑ'' එතකොට මම මෙහෙම ඇහුවා ..''එතකොට අපිට ආදරේ කරන අයට අපි ආදරේ කරන්න ඕන නෑ කියලා නිතියකුත් තියේනවද'' මට ඒකට ලැබුන උත්තරේ ''ඔව් තියේ තියේ. ආදරේ බලනේ ගන්න බැහැනේ. හදවතට නීති දාන්න බැහැ.''

ඔය කතාව ඔහොමම මතකේ තියාගන්නකෝ.දැන් මම හැරෙනවා තවත් පැත්තකට.මේ ක්ලාස් වල යන ගැණු ළමයි පිරිමි ළමයි ගැන නෙමෙයි කියන්නේ ඔෆිස් වලට යන එන අය ගැන.ඔෆිස් එකක ගැණු ළමයෙක් ඉන්න පුලුවන්.හොදින් වැඩ කරනවා හැමෝම එක්ක හරි එකතුයි.බොස් එක්ක උනත් එකතුයි බේදයක් නැහැ.මේ ගැණු ළමයා ටික කාලේකින් ඔෆිස් එකේ හොද තණතුරකට පත්වෙනවා.ඇතුලේ ඉන්න අය සමහර විට මෙහෙම කතාවක් හදන්න පුලුවන් ''ඔය තනතුරු ගන්න හැටි අපිනේ දන්නේ..'' ලොක්කා එක්ක මොකක් හරි හුටපටයක් ඇති. ඔය වගේ විවිධ කතා කියන්න පුලුවන් එව ඇත්තද බොරුද එවා වැඩක් නෑ.කවුරු හරි දියුණූ වෙනවා බලන්න බැරි කමට හරි ඒ වගේ දෙවල් කියන්න පුලුවන්.කෙනෙක්ව මානසික වට්ටන්න උනත් පුලුවන්.හැබැයි එහෙම කියන එකේ තව කාරණාවක් තියනවා ඇත්තටම එහෙම කරන ගැණූ ළමයි සමාජේ නැතුව නෙමෙයි.ඔයාලා දැකලා ඇති දන්නවා උනත් ඇති.ඇත්ත නැත්ත මොනා උනත් සමාජේ හැටි එහෙමයි. දැන් අර මම මුලින්ම කිව්ව දේට යමු.අර ආදරේ කරන කතන්දරේ.ආපහු ඒක කියවලා බලන්න.
ඔන්න ඔය ගැටළුව ගැනත් මේ චිත්‍රපටියේ කතා කරනවා.පිරිමි අපි ගොඩක් අය සමහර විට එහෙමයි.දෙවැනි වෙන්න කැමැති නෑ.හිත ඇතුලේ තිය දේ හංගගෙන ඉන්නවා.කියන්නේ නෑ.ඒක අපේ වරදක්ද? නැත්නම් ඒක හැටිද? ගැණු ළමයෙක් අපෙන් අහනවා ඇයි ඔයා මට ආදරේ කරන්නේ? මම දෙන්න ඕන උත්තරේ මොකක්ද ආදරේ නිසා කියන්නද? අපි ඕකම ගැණු ළමයෙක්ගෙන් ඇහුවොත් උත්තරේ නෙමෙයි අපිට රචනාවක්ම ලියලා දේවි ඇයි ආදරේ කරන්නේ කියලා.ඒ අයගේ හැටි ඒ විදියම පිරිමි අයගෙනුත් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද? (අර වගේ ආදරේ ගැන ජේද පිටින් ලියලා දෙන්න පුලුවන් පිරිමි අයත් ඇති මම නෑ කියන්නේ නෑ) මම හිතන්නේ අපි දෙයක් කරන්න ඕන තව දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.එහෙම උනාම අර උඩ කිව්ව දේට උත්තරේ ලැබෙනවා.අපි ආදරේ කරන්න ඕන ආදරේ බලාපොරොත්තුවෙන් නෙමෙයි අපිට ආදරේ ලැබෙන්න තියනවා නම් ඒක ලැබෙවි කියලා හිතලා.නැත්නම් ආදරේ කරන්නේ ආදරේ බලාපොරොත්තුවෙන් නම් එක නොලැබුනොත් ඒක වෛරයක් විතරක් වේවි.


දැන් ඔයාලා තවත් අවුල් වෙලා.මොකක්ද මේ රස්සාවක් ගැන කිව්වා..දැන් ආදරයක් ගැන..ඔව් මේ චිත්‍රපටිය ඒ ගැන.වෙනස්ම කතා තේමාවක් ගත්ත චිත්‍රපටියක් මේක.මම මේක උපසිරැසි දෙන්න කලින් හිතුවේ නැහැ.මේකේ හොද පිටපතක් නිකුත් උනේ දැන් මාසේකට විතර කලින්.මේකත් එක්කම තමයි Table No.21 [2013] ෆිල්ම් එකත් ආවේ.මම තෝරගත්තේ ඒක.මොකද මේ චිත්‍රපටියේ ලයින් 2200ක් තිබ්බා.ෆිල්ම් එක පැය 2යි.කොහොම කියවිල්ලක් කියවනවා ඇතිද? අනික මේකේ සිංදුත් ටිකක් වෙනස්.එවාත් හැම එකම දැම්මා ඔයාලගේම හොදට.මේකේ ගැන කතා කරන දේ ඔයාලට හොදට පැහැදිලිව දෙන්න ටිකක් වෙලා ගත්තා.මම චිත්‍රපටියක් ඔයාලට දෙන්නේ වෙනස්ම කතාවක් තියනවා නම් විතරයි.මේකේ මම හොයපු ඒ වෙනස් කතාව තිබ්බා.මතක ඇති Hate Story [2012] වගේ කතා උනත් දුන්නේ එවාගේ වෙනස්ම කතාවක් තිබුන නිසා.


මේ කතාව මම අර කිව්වා හැමදේම ගැනම තියන දෙයක් ආදරය..රස්සාව.. ජිවිතය...බලාපොරොත් ු මේ හැමදේම මේ චිත්‍රපටියේ පෙන්වලා දෙනවා.මම මේකේ කතාව ගැන මේ දේ විතරක් කියන්නම් රාහුල් වගේම මායා කියන්නේ එකම ආයතනයක වැඩ කරන දෙන්නෙක්.මායා විසින් ආයතනයේ ලොකුම අයට පැමිණිල්ලක් දානවා.ඒ මොකක් ගැනද කියලා කියනවා නම් රාහුල් විසින් මායාට ලිංගික බලපැම් හිරිහැර කරනවා කියලා.ඒක ලොකු පැමිණිල්ලක් ඇත්තටම ඒ වගේ දෙයක් පැමිණිලි කරන්න තරම් මායාට හොද ආත්මශක්තියක් තියෙන්න ඕන නේ.දැන් රාහුල් මේකට වැරදිකාරයාද? මොකක්ද මේ දෙන්නා අතර උනේ? කලින් ආදරවන්තයෝද? මම අර මුල ජේදයෙන් කිව්ව ආදරේ බිදවැටිමේ පලිගැනිමක්ද?? නැත්නම් දෙවැනි ජේදයෙන් කිව්ව රාජකාරිමය වශයෙන් කෙනෙක්ව වට්ටන්න හදලා එයාගේ තණතුර ගන්න මායා කරන කෘට උපායක්ද? මොකක්ද මේ? චිත්‍රපටිය දිවයන්නේ ඒ ගැන කියන්න තමයි. අනිවාර්යෙන් ඔබ අරන් බලන්න වටින එකක්.ජිවිතේට යමක් කියලා දේවි මේ චිත්‍රපටිය.හින්දි නොබලන අයත් අරන් බලන්න.නිනම්ම ෆැන්ටසි
කතාවක් නෙමෙයි.මේක සමාජයේ වෙන්න පුලුවන් ඇත්ත කතාවක්.ගිහින් එන්නම් තවත් ලස්සන චිත්‍රපටියක් අරන්.ආ....ඒක ගැන කියන්න ඕන.ඔන්න මට ඊමේල් කරපු 5දෙනෙක් ගේ ඉල්ලිම් ඉටු කරන්න යන්නේ.පරණ හින්දි ෆිල්ම් එකක් හෙට අනිද්දා වෙද්දි මම දෙන්නම්. අනිවාර්යෙන්.

අන්තිමට කියන්න තියෙන්නේ මම අර පලවෙනි ජේදයෙන් කිව්ව දේ ගැන මේ චිත්‍රපටියෙන් උත්තරයක් ගන්න බලන්න.තව දෙයක් මගෙ තාත්තා මට කියලා තියෙනවා, කෙනෙක් ඔයා වැරදියි කියල පෙන්නලා දෙනවා නම් එයාට නිතරම උදව් කරන්න.ඔයා නිවැරිදියි වෙලත් වැරදියි කියලා ඔප්පු උනොත් එහෙම වුනේ කොහොමද කියල දැනගන්න.ඒ වගේම නිවැරදි වෙලත් ඔයාව වැරදි කාරයෝ කරපු එයාලගෙන් ඇත්වෙන්න කියාලා...




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 900MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
500MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
375MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
350MB DVD RIP Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 900MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
500MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment