Predator [1987] Sinhala Subtiles


Predator [1987] Sinhala Subtiles
Add to Favorites
Predator [1987] Sinhala Subtiles (107 min 00 sec)
03-13-2013 at 08:02 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 131 - Views: 14623



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රසාද් ශ්‍රීමාල්




  1. Most Popular Subtitles of this Contributor







ටික දවසකට පස්සේ මෙන්න ඔයාලට බලන්න මම තවත් විශිෂ්ඨ සිනමා නිර්මාණයක් අරන් ආවා. අපි හැමෝම ප්‍රෙඩේටර් කියන නම අහලා තියෙනවනේ... විවිධ ප්‍රෙඩේටර් කතාවලට පාදක වුණ මුල්ම ප්‍රෙඩේටර් සිනමා නිර්මාණය වන මෙම චිත්‍රපටිය දැනට IMDB Rating 7.9ක ඉතා ඉහල අගයක් අරගෙන තියෙනවා. දැන් අවුරුදු 25ක් ගතවෙලත් මේකට මේ තරම් ඉහල ප්‍රතිචාර ලැබිලා තියෙන්නේ ඇයි කියලා හිතාගන්න පුළුවන්නේ, මේ කතාවෙන් පොත් පවා ලියැවී තියෙනවා, මට මතකයි මම පුංචි කාලේ මනෝජ් රත්නායක මහතා පරිවර්තනය කළ ප්‍රෙඩේටර් පරිවර්තන කෘතිය මම කියෙව්වා, ඒ මෙම චිත්‍රපටියේ පරිවර්තනය තමයි....
මේකේ කතාව මෙහෙමයි. ඇමරිකානු යුධ හමුදා සහාය ඇතිව ඇමරිකානු කැබිනට් මන්ත්‍රීවරයෙක් ගමන් ගත් හෙලිකොප්ටර් යානයක් කැලෑවෙදි අනතුරට ලක්වෙලා ඔවුන් නැතිවෙනවා. ඔවුන් සොයා යාමට ඇමරිකානු හමුදාවේ දක්ෂතම පිරිසක් පිටත් කර හරිනවා. ඔවුන් අනතුරට පත් යානය හොයාගන්නවා, ඒත් ඔවුන්ට තේරෙනවා යම් අමුතු සිදුවීමක් සිදුවී ඇති බව. ඔවුන්ගේ හමුදා පිරිස වගේම ඔවුන්ට පහර දුන් ගරිල්ලා සතුරනුත් මිය ගිහින් තියෙනවා. ඒත් ඉතා අමානුෂික විදියට. ඉතින් ඔවුන් තේරුම්ගන්නවා මේ සටනට තුන්වැන්නෙක් මැදිහත් වී ඇති බව. ඒත් ඔවුන් කොහොම හිතාගන්නද මේ තුන්වැන්නා පිටසක්වල ජීවියෙක් බව...
මේ ජීවියා එහෙමත් නැත්නම් ප්‍රෙඩේටර්ගෙන් බේරී හමුදා පිරිස කැලෑවෙන් පිට වෙන්නට කරන සටන තමයි මේ කතාවෙන් දැක්වෙන්නේ... ඔයාලා හැමෝම බලන්න, මොකද මේකේ දෙවෙනි චිත්‍රපටියත් ඉක්මනින් මම උපසිරැසි ගන්වලා දෙනවා... එහෙනම් ඉක්මනින් හමුවෙමු!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment