Mama [2013] Sinhala Subtitles


Mama [2013] Sinhala Subtitles
Add to Favorites
Mama [2013] Sinhala Subtitles (100 min 00 sec)
03-15-2013 at 09:11 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 67 - Views: 12427



Tags:





  1. Most Popular Subtitles of this Contributor






Paranormal Activity 4 එකෙන් පස්සේ ඔන්න හොල්මන් මූවියක් දෙන්නෙ අද තමයි. අපි දන්නවනේ අම්මලාගෙ ආදරේ කොච්චර ශක්තිමත්ද දරුවෙක්ට කියලා, තාත්තා කෙනෙක්ට වැඩිය අපි ලගින්ම ඉන්නෙ අම්මත් එක්කනේද, අපි තරහ ගියාම බනින්නෙ අම්මට, ආදරේට ලගින් ඉන්නෙ අම්මත් එක්ක, ප්‍රශ්න කතාකරන්නෙ අම්මත් එක්ක, හැම දේම අම්මත් එක්කනේ, ඉතිං මේ කතාවෙ එක්තරා තැනක දරුවන් දෙදෙනෙකුට අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙනවා. එතකොට ඔවුන් බලාගන්නෙ අම්මා කෙනෙක් තමයි ඒත් හොල්මන් අම්මා කෙනෙක්, සාමාන්‍යයෙන් හොල්මන් කියන මාතෘකාව මේ මුළු ලෝකයම පිළි අරගෙන තියෙනවා, නැත්නම ඉතිං ඇමරිකාවෙන් මේ වගේ මූවියක් හදාවිද නේ. හොල්මන් පිළිබද සාමාන්‍ය මතය තමයි මනුෂ්‍යයන්ට ඔවුන් සමග ඉන්න බෑ කියන එක, ඒ ව‍ගේම ඔවුන් තමන් ගොඩක් ආදර් කරන අයව තමන් ලගට ගන්නෙ මනුෂ්‍යයෙක් වශයෙන් නොවේ, ඒ කිව්වේ ඔවුන්වත් මරණයට පත්කරලා.

කතාව ගැන කිව්වෝත් මෙහෙමයි, මුලින්ම කතාව පටං ගන්නෙ පොඩි දරුවො දෙන්නෙක්ගෙ දෙමව් පියෝ රණ්ඩුවෙලා පසුව පියා දරුවො දෙන්නත් සමගින් කොහෙදෝ යනවා, ඒත් ඔවුන්ට යන ගමන යන්න හම්බෙන්නෑ අනතුරක් වෙනවා, ඒත් කාටවත් තුවාල නෑ, හැබැයි කැලයක් මැදින් තමයි යනන වෙන්නෙ, පාළුවට ගිය පුංචි පැලක් හමුවෙනවා, මේ පැල ඇතුල‍ට යන ද‍රුවො දෙන්නයි පියයි, එතනදි සියදිවි හානිකරගන්න හදනවා, ඒත් දරුවොනම් මරන්න වෙන්නෙ නෑ, එක්තරා බලවේගයකින් පියාව මරණයට පත්කරලා දරුවො දෙන්නා පරිස්සම් කරනවා මෙන්න මෙතනින් තමයි කතාව හොදම ටික පටං ගන්නේ, මේ දරුවො පසු කාලයක සොයාගන්නවා, ඒත් ටික කාලයක් ගිහින්, එතකොට කොහොමද මේ දරුවො ජීවත් වුනේ?, දරුවන්ගෙ වර්තමාන තත්වෙ කොහොමද?, ඒ ව‍ගේම මේ ලමයිනුත් මැරිලා හොල්මන් බවට පත්වෙලාද? , මේ කතාවෙ සියල්ල දැනගන්න කතාව බාගෙන බලන්න යාළුවනේ.

මෙම චිත්‍රපටය මේ වන විටත් IMDb දර්ශකයේ 6.5 හොද රේටින් ප්‍රමාණයක් හිමිකරගෙන සිටිනවා, සාමාන්‍යයෙන් හොල්මන් සම්බන්ධ මූවියකට මෙහෙම රේටින් ලැබෙනවා කියන්නෙ හොද තත්වයක්, ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ගිය මුළු මුදල වශයෙන් පෙන්වා දිය හැක්කේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 150ක ප්‍රමාණයක්. එහෙත් මේ වන විට ලැබුනු ආදාරයම නම් ඩොලර් ලක්ෂ 700 ටත් වැඩි බවයි පෙන්වා දිය හැක්කේ. එමෙන්ම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Andrés Muschietti විසිනි, එමෙන්ම චිත්‍රපටයේ රගපාන ප්‍රධාන තරු වශයෙන් පෙන්වා දිය හැක්කේ Jessica Chastain, Nikolaj Coster-Waldau, Megan Charpentier යන අයයි, මෙහි ඇතැම් දර්ශන තරමක වැඩිහිටියන්ට සීමාවුනු ඒවා සහ මෙය කම්පනයන් දරාගත නොහැකි අයට නැරඹිමට අමාරු චිත්‍රපටයක් බවයි අවසාන වශයෙන් ප්‍රකාශ කරන්න තිබෙන්නේ, එහෙනම් තවත් හොද නිර්මාණයකින් පසුව හමුවෙමු, හැමෝටම සුභ දවසක්.


මේ චිත්‍රපටියේ උපසිරැසි දැනට නිකුත් කර ඇත්තේ ගුණාත්මක භාවයෙන් යුතු WEB RIP පිටපතක් සදහා වන අතර ඩිවිඩි හා බුලුරේ පිටපතක් පැමිණි සැනින් එයට අදාල උපසිරැසි සමගින් යාවත්කාලින කරනු ලැබේ


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
270MB WEB RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


270MB WEB RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment