Lore [2012] Sinhala Subtitles


Lore [2012] Sinhala Subtitles
Add to Favorites
Lore [2012] Sinhala Subtitles (109 min 19 sec)
03-17-2013 at 09:31 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 70 - Views: 10987



Tags:


උපසිරැසි ගැන්වීම: ඉසුරු මධුසංඛ




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න තවත් අළුත් චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරගෙන මම ආවා! මේ දවස්වල ටිකක් අසනීප හින්දා, මේක ඉවරකරන්න ටිකක් කල්ගත වුනා! මෙය IMDB දර්ශකයේ 7.1ක ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා. 2012 වර්ෂයේදී තිරගත වීම ආරම්භ කළ මෙම චිත්‍රපටිය සම්මාන 13ක් දිනාගැනීමට සමත්වෙලා තියෙනවා. විනාඩි 109ක් පුරාවට දිවයන මෙම චිත්‍රපටිය Drama, Thriller හා War යන කාණ්ඩ තුනටම ඇතුළත්වන සළරුවක්! සම්මාන දෙකක් දිනාගත් ජර්මානු නිළියක් වන Saskia Rosendahl ප්‍රධාන චරිතයට පණ පොවනවා. දෙවනි ලෝක යුද්ධය ඇසුරෙන් මේ චිත්‍රපටියේ අන්තර්ගතය දිවයනවා. ඉතින් අපි මෙහි අන්තර්ගතය පිළිබදව සාරාංශයක් දිගහැර බලමු!

ලෝරේ (Saskia Rosendahl) කියන්නේ සහෝදරියෙකුගේ හා සොහොයුරන් තිදෙනෙකුගේ වැඩිමහල් සහෝදරිය! ඔවුන්ගේ පියා නාසි හමුදාවේ සෙබළෙක්! ඉතින් ඇයගේ පියා යුද්ධයේදී මැරුම් කනවා. ඇයගේ මවටත් සිරභාරයට යෑමට සිදුවෙනවා. ඉතින් ලෝරේට තම සහෝදරයන් හා සහෝදරිය කැටුව හැම්බර්ග්වල සිටින තම ආච්චිගේ නිවසට යෑමට සිදුවෙනවා. එය කිලෝමීටර් 900ක දුර ගමනක්! ඉතින් ලෝරේ ඇතුළු මොවුන්ට මේ ගමන තුළ නොයෙකුත් ප්‍රශ්න රැසකට මුහුණදෙන්න වෙනවා. මීට වඩා අන්තර්ගතය කිව්වොත් බලන්න දෙයක් නැතිවෙයි! ලෝරේ තමාට ලැබුණු අභියෝගය කෙසේ ජයගනීද? ලෝරේ ඇතුළු මොවුන්ට මුහුණපාන්න සිදුවන ප්‍රශ්න මොනවාද? දෙවනි ලෝක යුද්ධය කෙතරම් බිහිසුණුද? මෙවැනි ප්‍රශ්න රැසකට පිළිතුරු හොයාගන්න මේ අපූරු ජර්මානු-ඕස්ට්‍රේලියානු සළරුව නරඹන්න!

තව දෙයක් කියන්න කැමතියි! හිට්ලර් නැමති පාලකයා ගැන ඔයාලා හැමෝම අහලා ඇති නේද? ඇත්තටම මම පෞද්ගලිකව ඔහුගේ චරිතයට ආදරෙයි! ඇමෙරිකාව ඇතුළු මිත්‍ර පාර්ශවයේ රටවල් ඔහුගේ චරිතය සෙසු ජනයාට අප්‍රසන්න චරිතයක් කිරීමට නොයෙකුත් කුමන්ත්‍රණ සිදුකළ බව මෙම චිත්‍රපටියේ ඇතැම් දෙබස්වලින් කියාපානවා! ඔයාලත් මේ චිත්‍රපටිය හොදින් නැරඹුවොත් මෙවැනි සංකල්ප දැනගැනීමට හැකිවේවී. ඉතින් එහෙනම් මේ අපූරු චිත්‍රපටියේ සිංහල උපසිරැසි බාගෙන නිකම්ම නොයා, ඔයාලගේ වටිනා අදහසකුත් එකතු කරලා යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා! මේ සිංහල උපසිරැසියේ ගුණාත්මකභාවය 99%ක්ම හොදට තියෙන බවට, මට 100%ක් විශ්වාසයි! එහෙනම් මෙහි එන දෙබස් කිහිපයක් සමගින් මම නිහඩ වෙනවා! කට්ටියටම සුභම සුභ දවසක් වේවා!

ඔහු (හිට්ලර්) අපට ගොඩක් ආදරය කළා! ඒ ඇමෙරිකානුවෝ ඔවුන්ගේ ඡායාරූප වලින්, නළුවන්ගෙන් බොරු කළා!
ඇමෙරිකානුවෝ ඒ ඔක්කොටම ගෙව්වා!
(සැළකිය යුතුයි : මේ දෙබස තේරුම් ගැනීමේ පහසුව පිණිස එකට එකතු කර සාදන ලද්දකි)




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment